ධනවාදයේ ලොකුම බොරුව

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,097
    835
    113

    ධනවාදයේ ලොකුම බොරුව | අතිරික්ත වටිනාකම් න්‍යාය - Karl Marx Surplus Value Theory වීඩියෝවේ සාරාංශය පහත දැක්වේ:

    ධනවාදය සහ ඇඩම් ස්මිත්ගේ සංකල්පය
    • වැඩකරන ජනතාව සහ ධනය: මිනිසුන් දිනකට පැය 8-12 අතර කාලයක් දැඩි ලෙස වෙහෙස මහන්සි වී වැඩ කළද ධනපතීන් තව තවත් පොහොසත් වන අතර සාමාන්‍ය ජනයා දුප්පත්භාවයට ඇද වැටේ [00:08].
    • ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළඳපොළ: 18 වන සියවසේදී ඇඩම් ස්මිත් 'ජාතීන්ගේ ධනය' කෘතිය මගින් රජයේ මැදිහත්වීමකින් තොර "නොපෙනෙන හස්තය" (Invisible Hand) හරහා නිදහස් වෙළඳපොළ මගින් සැමට සාධාරණයක් ඉටුවන බව ප්‍රකාශ කළේය [02:13].
    කාල් මාක්ස් සහ අතිරික්ත වටිනාකම් න්‍යාය
    • ප්‍රාග්ධනය (Das Kapital) කෘතිය: 19 වන සියවසේදී කාල් මාක්ස් මෙම මතවාදයන් ප්‍රශ්න කරමින් භාණ්ඩයක සැබෑ වටිනාකම තීරණය වන්නේ එයට යොදවන ශ්‍රම කාලය මත බව පෙන්වා දුන්නේය [05:29].
    • නිෂ්පාදන පිරිවැයේ කොටස් තුන:
      • ස්ථාවර ප්‍රාග්ධනය (Constant Capital): යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි සහ අමුද්‍රව්‍ය සඳහා වන පිරිවැය [06:26].
      • විචල්‍ය ප්‍රාග්ධනය (Variable Capital): කම්කරුවාට ගෙවන දෛනික වැටුප [06:53].
      • අතිරික්ත වටිනාකම (Surplus Value): කම්කරුවාගේ ශ්‍රමයෙන් උත්පාදනය වන නමුත් ධනපතියා තමන්ගේ ලාභය ලෙස ලබාගන්නා අතිරේක වටිනාකම [07:05].
    ධනපතීන්ගේ ප්‍රතිතර්ක සහ මාක්ස්ගේ පිළිතුරු
    • ව්‍යාපාරික අවදානම: ධනපතීන් අවදානම ගන්නා බවට කරන තර්කයට මාක්ස් පවසන්නේ එම අවදානම නිර්මාණය කරන්නේම තරගකාරී ධනවාදී ක්‍රමය බවයි [11:39].
    • කළමනාකරණ බුද්ධිය: එය කළමනාකරුවෙකුගේ කාර්යයක් වන අතර ඒ සඳහා වැටුපක් දීම මිස මුළු අතිරික්ත වටිනාකම අත්පත් කරගැනීම සාධාරණ නැත [13:23].
    • ස්ථාවර වැටුප: කම්කරුවාට ස්ථාවර වැටුපක් දුන්නද, ඔහුගේ සැබෑ ශ්‍රමයේ වටිනාකමට සරිලන ගෙවීමක් සිදු නොවේ [14:32].
    ධනවාදයේ ආරම්භය සහ අනාගතය
    • ධනය රැස්කිරීමේ අතීතය: ධනපතීන්ගේ ආරම්භක ධනය ලැබුණේ මහන්සියෙන් නොව, ඉඩම් උදුරා ගැනීම්, යටත්විජිත කොල්ලකෑම් සහ වහල් වෙළඳාමෙනි [16:18].
    • ධනවාදයේ බිඳවැටීම: ධනය ටික දෙනෙකු අතර සංකේන්ද්‍රණය වීම, යන්ත්‍ර සූත්‍ර නිසා රැකියා අහිමි වීම සහ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම නිසා ආර්ථික අර්බුද හටගනී [18:00].
    • සමාජවාදී පරිවර්තනය: අවසානයේ සංවිධානය වන කම්කරු පන්තිය විප්ලවයක් මගින් සූරාකෑම නැවැත්වීමට සමාජවාදී පාලන ක්‍රමයක් නිර්මාණය කරනු ඇත [19:58].

    • Haha
    Reactions: nppcheguevara

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,833
    1
    58,097
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sri Lanka Sl GIF
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,455
    2,845
    113
    ධනවාදය කියන්නේ ස්වභාවික න්‍යායක්... ඒක කැලෑ නීතිය... වැඩ පුලුවන් මනුස්සයා තමා අන්තිමට දිනන්නේ... Darwin කිව්වේ survival for the fittest කියලා...

    ඔය ස්වභාවික න්‍යාය වෙනස් කරන්න බෑ එක එක විප්ලව කරලා... කවුරුත් සමාන නෑ... වැඩ පුලුවන් එකා වැඩිපුර ධනය උපයනවා, බැරි එකා අරූ යටතේ වැඩකරනවා පඩියකට...

    බලෙන් සමානාත්මතාව ඇති කරන්න යනවා කියන්නේ ස්වභාවික නීති රීතින්ට විරුද්ධව යනවා කියන එක... එහෙම කරන්න ගිහිං සාර්ථක වෙච්චි අවස්ථා ලෝකේ නෑ...
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,124
    1,851

    This is the fact
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,097
    835
    113
    ව්‍යාපාර වල කිසිදු අතිරික්තයක් නොමැති අවස්ථා වල, විශේෂයෙන් මුල් අවදියේදී, ව්‍යාපාරය අලාභයක් ලබයි. නමුත් ව්‍යාපාරයේ අයිතිකරු තමන් අතින්ම වියදම් කර හෝ ව්‍යාපාරය උගස් කර හිඟය පියවා ගනිති.

    නමුත් සේවකයාට මේ බර උසුලා ගැනීමට කිසිදු වගකීමක් නැත. සේවකයාට උවමනා නම් එතනින් ඉගෙන ගත් කුසලතා උපයෝගී කරගෙන වෙන ව්‍යාපාරයකට මාරු විය හැක.

    එතකොට, කාල් මාක්ස්ගේ අතිරික්ත වටිනාකම් න්‍යාය මෙතන භාවිතා වනවා නම්, සේවකයා ව්‍යාපාරය අලාභයක් ලබන අවස්ථාවේදී වුදද, හිඟයේ වටිනාකම ව්‍යාපාරයත් සමග බෙදා ගත යුතුය. මෙය රින අගයක් වන බැවින්, වැටුප් කප්පාදුවක් ලබා ගත යුතු වේ. ඒ වගේම වැඩ වර්ජනය කිරීම තහනම් කල යුතු වේ.

    ඇඩම් ස්මිත්ගේ ධනවාදය මත පදනම් වූ නිදහස් වෙලදාම් වලදී, ව්‍යාපාර අයිති කරුට හෝ සේව්කයාට කිසිදු සීමාවක් පනවන්නේ නැත. ව්‍යාපාර අයිති කරු අතිශයින් විශාල ලාභ ලැබීමට පටන් ගත් පසු, මුල් අවදියේදී කොටු වුන සේව්ක ගිවිසුම මත තව දුරටත් රැදී සිටීම අසාධාරනය.

    නුතන ව්‍යාපාර මේ අන්ත දෙකකින්ම මිදෙන්න අවශ්‍ය නම්, සියලු දෙනා ව්‍යාපාරයේ කොටස් කරුවන් විය යුතුය. එවිට සේවකයන් නොව, ඔවුන් එම ආයතයේ දියුණුව සදහා වගකීමෙන් ක්‍රියා කරන පිරිසක් බවට පත වේ. ඔවුත් ආයතනයේ ප්‍රගතිය වෙනුවෙන් ක්‍රියා කිරීමට ආරම්භ කරයි. වැඩ වර්ජන තව දුරටත් සිදු වන්නේ නැත.
     
    Last edited:

    ඔය වැඩේ දැනටත් companies වල වෙනවා... Google, Apple, Tesla etc salary package එකේ shares ප්‍රමාණයක් තියෙනවා සාමාන්‍යෙන්...
     
    • Like
    Reactions: Tricle_Buwa

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,097
    835
    113
    ඔය වැඩේ දැනටත් companies වල වෙනවා... Google, Apple, Tesla etc salary package එකේ shares ප්‍රමාණයක් තියෙනවා සාමාන්‍යෙන්...

    ඔව් ඇත්ත, මම දන්නා තරමට, ජාත්‍යන්තර කොටස් වෙලදපල් වල ආයෝජනය වන ඒවා බොහෝ විට කරනවා. නමුත් උපක්‍රමශීලීව ඔනෑම ව්‍යාපාරයකට ඒක කල හැකියි.

    ව්‍යාපාරයේ කොටසක් දෙන්නත් පුලුවන්, දෙන වැටුප ව්‍යාපාරය ලබන ලාභය මත අඩු / වැඩි කරන්නත් පුලුවන්. රජයේ metro බස් සේවය වගේ වලත් එය කල හැකියි.
     
    • Like
    Reactions: CohenLenstra

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,766
    8,995
    113
    ulan bator
    මෙකාගෙ තාත්තා රුසියන් යුදෙව්වෙක්!

    කාල් මාක්ස් (Karl Marx) යනු 1818 මැයි 5 වන දින ජර්මනියේ උපත ලැබූ, ලෝක ඉතිහාසය හා සමාජවාදී දර්ශනය වෙනස් කළ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් සහ විප්ලවවාදියෙක් වේ. [1, 2]
    ###මුල් කාලීන ජීවිතය සහ අධ්‍යාපනය
      • උපත: 1818 මැයි 5 දින ජර්මනියේදී මධ්‍යම පාන්තික පවුලක තිවෙනි දරුවා ලෙස උපත ලැබීය.
      • අධ්‍යාපනය: ග්‍රීක්, ලතින් මෙන්ම තවත් විදේශ භාෂා රැසක් ප්‍රගුණ කළ ඔහු, නීතිය හා දර්ශනය හැදෑරීය.
      • පවුල: ජෙනි වොන් වෙස්ට්පාලන් (Jenny von Westphalen) සමඟ විවාහ වූ අතර, ඔවුන්ට දරුවන් හත් දෙනෙකු විය. දැඩි ආර්ථික අපහසුතා නිසා දරුවන් හතර දෙනෙකු කුඩා කාලයේදීම මිය ගියේය.
    ###ප්‍රධාන දායකත්වය සහ කෘති
      • මාක්ස්වාදය: නිර්ධන පන්ති (කම්කරු පන්ති) සහ ධනපති පන්ති අතර අරගලය මෙන්ම සමාජවාදී මතවාදය ලෝකයට හඳුන්වා දුන්නේය.
      බිරිඳගේ අභාවයෙන් පසු දැඩි ලෙස රෝගාතුර වූ මාක්ස්, 1883 මාර්තු 14 වන දින ලන්ඩනයේදී අභාවප్రాප්ත විය. වැඩි විස්තර සඳහා විකිපීඩියා කාල් මාක්ස් පිටුව වෙත පිවිසිය හැකිය.

    • ප්‍රධාන වෘත්තීන් සහ ක්ෂේත්‍ර
        • දාර්ශනික හා ධනවාදී විචාරක: මානව සමාජය, පංති අරගලය සහ ධනවාදය පිළිබඳ ගැඹුරු දර්ශනයක් ලොවට හඳුන්වා දුන්නේය. [1]
        • මාධ්‍යවේදියෙකු සහ කර්තෘවරයෙකු ලෙස: සිය අන්තවාදී/විප්ලවවාදී දේශපාලන අදහස් නිසා විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ රැකියා අහිමි වීම හේතුවෙන් ඔහු "Rheinische Zeitung" සහ ඇමරිකාවේ "New-York Daily Tribune" වැනි පුවත්පත් සඳහා ලිපි ලියමින් සහ කර්තෘවරයෙකු ලෙස කටයුතු කරමින් ජීවිකාව ගෙන ගියේය.
        • කෘති රචනය: "කොමියුනිස්ට් ප්‍රකාශනය" (The Communist Manifesto - 1848) සහ "දාස් කැපිටාල්" (Das Kapital - 1867) වැනි ලෝක ප්‍රසිද්ධ ග්‍රන්ථ රචනා කළේය.
        ජීවිතෙට හරි හමන් රස්සාවක් නොකරපු - පට්ට පල් කෙබර මොඩෙයන්ට විකුනල ජීවත් වෙන්න ගියපු එකෙක් මූ! රට්ටු කියන විදියට මූ කාල බීලා ඉදල තියෙන්නෙ ගැනිගෙ සල්ලි වලින්!

        මෙ වගෙ ගොන් පකයෙක් පස්සෙ යන උන්. ඌ ගානක් කපාගන්න දෙසාබාපු පට්ටල් කෙබර පස්සෙ ගන් ගොන් පකයන් සියල්න්ගෙම මොලෙ මැටි!

        මූව විකුනල බලය ගන්න උන් කරන්නෙ උන්ට රැවටිච්ච උන්ගෙන් බදු ගහල සැපෙ ඉන්න එක!

        මූව විකුනන එකෙක් කම්පැනි එකක් දාන්න. තමන්ගෙ බිස්නස් එකක් කරන්න බලන්නෙ නැ නෙද? හැම එකාටම ඔන රටෙ බලය අල්ල ගන්න? ඇයි එ?

        පුලුවන් නෙ බිස්නස් එකක් පටන් අරන් කාර්ල් මාක්ස්ගෙ මොඩෙල් එකෙන් බිස්නස් එක ගෙනියන්න! එහෙම එකෙක් ලොකෙ ඉන්නවාද? අරන් වරෙන් බලන්න?

    ධනවාදය කියන්නේ ස්වභාවික න්‍යායක්... ඒක කැලෑ නීතිය... වැඩ පුලුවන් මනුස්සයා තමා අන්තිමට දිනන්නේ... Darwin කිව්වේ survival for the fittest කියලා...

    ඔය ස්වභාවික න්‍යාය වෙනස් කරන්න බෑ එක එක විප්ලව කරලා... කවුරුත් සමාන නෑ... වැඩ පුලුවන් එකා වැඩිපුර ධනය උපයනවා, බැරි එකා අරූ යටතේ වැඩකරනවා පඩියකට...

    බලෙන් සමානාත්මතාව ඇති කරන්න යනවා කියන්නේ ස්වභාවික නීති රීතින්ට විරුද්ධව යනවා කියන එක... එහෙම කරන්න ගිහිං සාර්ථක වෙච්චි අවස්ථා ලෝකේ නෑ...
    💯💯💯

    දැන් ඇමරිකාවෙත් 3න් වෙනිලොකෙ සන්ක්‍රමනික ප්‍රජාවගෙ ලමයි සමාජවාදෙ විකුනන්න අරන්! එත් උන් ඔක්කොම මිලියන පතියන්! චන්දෙගන්න සමාජවාදෙ විකුනනවා! හිගන පගෙයො උන්ට රැවටිල චන්දෙ දෙනවා!
    ------ Post added on Aug 17, 2026 at 12:47 PM
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,455
    2,845
    113
    ධනවාදය සාර්ථක උනා නම් උබලට තියෙන ප්‍රශ්ණ වලින් දශමයක් වත් ඉතිරි වෙලා තියෙන්න බෑ
    යමක් සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙන්නේ සේරම ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවාද නැද්ද මත නෙමේ... ප්‍රජාතන්ත්‍රවාද වගේ තමා... අඩුපාඩු තියෙනවා... නමුත් තියෙන හොඳම විකල්පය... System එකක් consistent and stable and self organise වෙන විදිහට තියං යන්න පුලුවන් method එකට කොහොම කරත් system එක ඉබේ evolve වෙනවා...
     
    • Like
    Reactions: Tricle_Buwa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,743
    113
    යමක් සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙන්නේ සේරම ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවාද නැද්ද මත නෙමේ... ප්‍රජාතන්ත්‍රවාද වගේ තමා... අඩුපාඩු තියෙනවා... නමුත් තියෙන හොඳම විකල්පය... System එකක් consistent and stable and self organise වෙන විදිහට තියං යන්න පුලුවන් method එකට කොහොම කරත් system එක ඉබේ evolve වෙනවා...
    සැලකිය යුතු ධනයක් දැනටමත් අතේ තියෙන මිනිස්සු මේක වැඩි කරගන්නෙ කොහොමද කියලා සිස්ටම් හෙව්වා. ධනවාදීන් එකතු වෙලා උන්ට තවත් දියුණු වෙන්න ධනවාදය හැදුවා. දුප්පතාට චිකන් රන් මූවී එකේ වගේ කෙටි කාලීන ආතල් එකක් ලැබුනා විතරයි. පිච්චිය නැති ලංකාවෙ එවුන් ඕක කරේ තියන් යනවා බලන් ඉන්නකොට ලැජ්ජාවේ බෑ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,455
    2,845
    113
    සැලකිය යුතු ධනයක් දැනටමත් අතේ තියෙන මිනිස්සු මේක වැඩි කරගන්නෙ කොහොමද කියලා සිස්ටම් හෙව්වා. ධනවාදීන් එකතු වෙලා උන්ට තවත් දියුණු වෙන්න ධනවාදය හැදුවා. දුප්පතාට චිකන් රන් මූවී එකේ වගේ කෙටි කාලීන ආතල් එකක් ලැබුනා විතරයි. පිච්චිය නැති ලංකාවෙ එවුන් ඕක කරේ තියන් යනවා බලන් ඉන්නකොට ලැජ්ජාවේ බෑ.
    ඉතිං?

    ගුරුත්වාකර්ෂණය නිසා උඩ පැන්නොත් බිම වැටෙයි කියලා ගුරුත්වාකර්ෂණයට බහිනවා වගේ වැඩක්...
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    707
    2,047
    93
    33
    ධනවාදය කියන්නේ ස්වභාවික න්‍යායක්... ඒක කැලෑ නීතිය... වැඩ පුලුවන් මනුස්සයා තමා අන්තිමට දිනන්නේ... Darwin කිව්වේ survival for the fittest කියලා...

    ඔය ස්වභාවික න්‍යාය වෙනස් කරන්න බෑ එක එක විප්ලව කරලා... කවුරුත් සමාන නෑ... වැඩ පුලුවන් එකා වැඩිපුර ධනය උපයනවා, බැරි එකා අරූ යටතේ වැඩකරනවා පඩියකට...

    බලෙන් සමානාත්මතාව ඇති කරන්න යනවා කියන්නේ ස්වභාවික නීති රීතින්ට විරුද්ධව යනවා කියන එක... එහෙම කරන්න ගිහිං සාර්ථක වෙච්චි අවස්ථා ලෝකේ නෑ...
    Survival of the fittest කියන්නේ පරම සත්‍ය නෙවෙයිනේ බං. දැන් කොච්චර fit නොවෙන උන් survive වෙනවද? හරි නම් දැන් ඉස්සර තිබ්බ ප්‍රවේණිගත රෝග නැති වෙන්න ඕනේ. ඒ වුණාට medical science දියුණු වුණාට පස්සේ ඉස්සර තරුණ කාලේ මැරෙන මිණිස්සුත් දැන් ජිවත් කරවන්න පුළුවන්. එක නිසා දැන් සමාජෙ තැලසීමියා, හිමෝෆයිලිය ලෙඩ්ඩු ජිවත් වෙනවා. හරි නම් fit individual නොවෙන උන් survive වෙනවා. ඔතන ඩාවින් fit කියල අර්ථකථනය කරන්නේ තමන්ගේ ජාන ඊළග පරම්පරාවට යවන්න පුළුවන් මට්ටමට ජිවත් වෙන උන් ගැන. උබ කියන්නව වගේ strongest නෙවෙයි ඩාවින් කිව්වේ.

    ධනවාදය survival of the fittest කිව්ව වගේ ඉස්සර වහල් ආර්ථික ක්‍රමය, වැඩවසම් ක්‍රමය වගේ ඒවත් survival of the fittest තමා. ඒව හැබැයි දැන් නෑනේ. උබ කියන විදියට ධනවත් උන් විතරක් සමාජෙ survive වෙනවා නම් දුප්පත් උන් මැරිලා ගිහින් ධනවත් උන්ගෙන් ජිවත් වෙන සමාජය පිරිලා ඉතිරිලා යන්න එපාය. අනික ඕක නම් ස්වාභාවිකව හොඳම විදිය, වෙන සමාජ ආර්ථික ක්‍රම වෙනුවෙන් මේ සමාජයෙන් විප්ලව ඇති නොවෙන්න ඕනේ. එහෙම නෑනේ. අන්න එහෙම දුප්පත් උන් කැරලි ගහන එක වළක්වන්න තම tax system එකක් හැදිලා ඒ මිනිස්සුන්ට නොමැරී කන්න බොන්න තියාගන්න වෙලා තියෙන්නේ. Tiktok, Facebook, television කියල distraction වලින් කාලය ගෙවා ගන්න සලස්වලා තමන්ට කෙලවෙලා තියෙන දේ නොහිතෙන්න, හිතන්න වෙලාවක් නැතිකරවල ජිවත් කරවල තියෙනවා වැඩ ගන්නකම්

    යමක් සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙන්නේ සේරම ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවාද නැද්ද මත නෙමේ... ප්‍රජාතන්ත්‍රවාද වගේ තමා... අඩුපාඩු තියෙනවා... නමුත් තියෙන හොඳම විකල්පය... System එකක් consistent and stable and self organise වෙන විදිහට තියං යන්න පුලුවන් method එකට කොහොම කරත් system එක ඉබේ evolve වෙනවා...

    එක තමා බං මාක්ස් කියන්නේ. ප්‍රාථමික සමාජය --> වහල් සමාජය --> වැඩවසම් සමාජය --> ධනවාදී ආර්ථික ක්‍රමය ---> සමාජවාදී ආර්ථික ක්‍රමය --> කොමියුනිස්ට් ක්‍රමය

    මේකත් මාක්ස් කිව්ව කියල පරම සත්‍ය වෙන්නේ නෑ. ඌ හිතන විදියට ඊළග පරිණාමය වෙන්නේ මේකට. ධනවාදී ක්‍රමයේ තියෙන ප්‍රශ්න නිසා විප්ලවයක් ඇවිල්ලා සමාජවාදයට කියල. හැබැයි එහෙම ආපු එක රටකවත් එහෙම පවත්වාගෙන යන්න බැරි උනා. එහෙම වුණා කියල ධනවාදය නිසා අනිත් මිනිස්සුන්ට සිද්ධ වෙන අසාධාරණකම් බලන් ඉන්න ඕනේ නෑ. මේකේ මෙච්චර කතා වෙනවා IT layoffs ගැන. Survival of the fittest කියල හිතල ඕකුන්ට කුලී වැඩක් කරගන්න පුළුවන් උන්ට කරන්න කියල යවන්න තිබ්බනේ. ලංකාවේ කම්කරු නීති හැදුනේ left leaning political party වලින් කරපු දේවල් නිසානේ. ඇන් ඇම් පෙරේරා, සමසමාජ පක්ෂය ඔවා තිබ්බේ නැත්නම් ඔයා කියන ideal capitalism තියෙන්න ඕනේ. කාල් මාක්ස් ද ඇඩම් ස්මිත් ද කියල එකෙක්ගේ පාරේ යන්නේ නැතුව දෙගොල්ලොම කියන දේවල් දේව වාක්‍ය විදියට නොගෙන සමාජෙ දිහා බලන්න ඕනේ අපි