තවත් සිරිලිය සවිය වික්‍රමයක්...! චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු පෙට් ස්කෑනර් යන්ත්‍රයක් වෙනුවෙන් සිරිලිය සවිය මුදල් එකතු කරලා..!

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,971
    4,943
    113
    Bank wala Manager ewun pana bayen inne

    Bank wala ewunge wife lata kiyanna Oney husband la gana ehe Gahanna inna. Mona karaganida Dan na ahaka edala 🥲
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: shenat and lilman

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,219
    3,329
    113
    43
    Wakanda
    පිටි කිලෝව රු17න් වැඩි කරාට හෙන ඉල්ලන උන් රාජපක්ෂල කෝටිගනන් හොරකම් කරල අහු උනාම පුකවල් හෝදනව
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,641
    6,188
    113

    මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට ආධාර කරන ලෙස ඉල්ලමින්, රාජ්‍ය සහ පෞද්ගලික බැංක-ු කිහිපයකින්, සිරිලිය සවිය ගිනුමට මුදල් එකතු කිරීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
    මෙහිදී, ජාතික ඉතිරි කිරීමේ බැංක-ුවද රුපියල් මිලියනයක මුදලක් සිරිලිය සවියට ලබා දී ඇති බව පැවසේ.
    මේ සම්බන්ධයෙන් එවකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා වූ ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස, නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති වාර්තා වේ.
    චීන රජය අදාල පෙට් ස්කෑනර් යන්ත්‍රය, පරිත්‍යාගයක් ලෙස මහරගම පිළිකා රෝහලට ලබා දී තිබේ.
    පරිත්‍යාගයක් ලෙස ලැබුණ පෙට් ස්කෑනර් යන්ත්‍රය වෙනුවෙන් මුදල් එකතු කිරීම හරහා වංචාවක් සිද්ධ වී ඇද්ද යන්න පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරමින් සිටින බව පැවසේ.
    මෙම පුවත අප උපුටා ගන්නා ලද්දේ සන්ඩේ ටයිම්ස් පුවත්පතිනි

    :angry:
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,503
    3,697
    113
    01. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ මෙතෙක් පැවති බලගතුම පවුල් පාලනයක් ලෙස සැලකෙන රාජපක්ෂ පවුලේ දේශපාලන ආධිපත්‍යය මේ වනවිට දැවැන්ත කඩාවැටීමකට ලක්වෙමින් පවතී. දශක ගණනාවක් පුරා රටේ ජනතාව මුලා කරමින්, බලය සහ ධනය සියතට ගත් මෙම දේශපාලන කඳවුරේ අඳුරු රහස් එකින් එක හෙළිදරව් වෙමින් තිබේ. විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ වංචා, දූෂණ සහ බලය අනිසි ලෙස භාවිත කිරීමේ සිද්ධීන් රැසක් මේ දිනවල නීතිය ඉදිරියට පැමිණෙමින් පවතී. ගවේෂණාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල, මෙම සිදුවීම් දාමය හුදෙක් දේශපාලන පළිගැනීමක් නොව, වසර ගණනාවක් තිස්සේ සැලසුම් සහගතව සිදුකළ මහා පරිමාණ මහජන මුදල් කොල්ලකෑම්වල ප්‍රතිඵලයක් බව පැහැදිලි වේ. මෙම ලිපියෙන් අප විමර්ශනය කරන්නේ එම අදෘශ්‍යමාන දේශපාලන සෙල්ලම් සහ නීතියේ දැලට කොටුවෙමින් සිටින ප්‍රධාන චරිත පිළිබඳවයි.
    02. මෙහිදී ප්‍රථමයෙන්ම අවධානය යොමු කළ යුත්තේ දේශපාලන බලවේගවල හැසිරීම කෙරෙහිය. එක්සත් ජාතික පක්ෂයේ අසූවෙනි සංවත්සරය පසුගියදා සිරිකොත මූලස්ථානයේදී ඉතා අසාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. ඩී.එස්. සේනානායක වැනි නායකයන් විසින් ගොඩනැගූ, අතීතයේ ලක්ෂ ගණනක් ජනතාව ඒකරාශී කළ ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂය අද වනවිට රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත. අඩුම තරමින් පාක්ෂිකයන් දහසක් හෝ ගෙන්වා ගැනීමට නොහැකි තරමට පක්ෂය පිරිහී ඇත්තේ නායකත්වයේ ඇති ප්‍රතිපත්ති විරහිතභාවය හේතුවෙනි. ජනතාවට බොරු පොරොන්දු දෙමින්, තක්කඩින් ආරක්ෂා කරමින් ගෙන ගිය දේශපාලනය නිසා අද ජනතාව එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත. මෙය ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් අපේක්ෂා කරන ජනතාව ලබා දුන් පැහැදිලි පිළිතුරකි.
    03. මෙම දේශපාලන පරිහානියේ වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වූයේ නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයයි. රාජපක්ෂලාගේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් ප්‍රථමයෙන්, නාමල්ගේ අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් රනිල් වික්‍රමසිංහගේ පක්ෂය නිවේදන නිකුත් කිරීම හරහා පැහැදිලි වන්නේ මෙම කඳවුරු දෙක අතර ඇති අදෘශ්‍යමාන දේශපාලන ඩීල් එකයි. ගෝඨාභය රාජපක්ෂ පලා ගිය පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට ගෙන ආවේම නාමල් රාජපක්ෂ ඇතුළු පවුල නීතියෙන් බේරාගැනීමේ අරමුණින් බව අද වනවිට ඔප්පු වී අවසන්ය. ශිරන්ති රාජපක්ෂ සහ ශිරන්ති වික්‍රමසිංහලා අතර ඇති සමීප ඥාති සබඳතා මත ගොඩනැගුණු මෙම දේශපාලන ආරක්ෂණ ජාලය දැන් බිඳ වැටෙමින් පවතී.
    04. නාමල් රාජපක්ෂගේ අත්අඩංගුවට ගැනීම හුදෙක් දේශපාලන නාට්‍යයක් නොව, ඉතා ශක්තිමත් සාක්ෂි මත ගොඩනැගුණු බරපතල අපරාධ විමර්ශනයකි. ඔහුට එරෙහිව නැගී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ නීතිවිරෝධී උණ්ඩියල් ක්‍රමය හරහා ඩොලර් ලක්ෂ ගණනක අල්ලස් මුදල් ලබා ගැනීමයි. මෙම ගනුදෙනුවලට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන නිමල් පෙරේරා මේ වනවිටත් අධිකරණයට රහස් ප්‍රකාශයක් ලබා දී ඇති අතර එය නාමල්ට එරෙහි නඩුව අතිශයින්ම ශක්තිමත් කර ඇත. මෙම නඩුවෙන් පහසුවෙන් ගැලවීමට නොහැකි බව රාජපක්ෂ පවුල හොඳින්ම දන්නා අතර, මහින්ද රාජපක්ෂ පවා මාධ්‍ය ඉදිරියේ මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් දීමට අපොහොසත් වී ඇත්තේ එබැවිනි. මෙය දශක ගණනාවක් තිස්සේ සිදුකළ මූල්‍ය අපරාධවල එක් ප්‍රතිඵලයක් පමණි.
    05. මෙම දූෂිත පවුලේ තවත් දැවැන්ත මුලාවක් නම් ඔවුන්ගේ ආගමික සහ ජාතිකත්ව වෙස්මුහුණයි. ජනතාව ඉදිරියේ අන්තවාදී බෞද්ධ නායකයන් ලෙස පෙනී සිටිමින්, සිංහල බෞද්ධ ඡන්ද පදනම මත බලයට පැමිණි රාජපක්ෂවරුන්ගේ සැබෑ පසුබිම දැන් හෙළිවී ඇත. විමර්ශනවලට අනුව ඔවුන් මැලේ ජාතික සම්භවයක් ඇති අය වන අතර, බලය වෙනුවෙන් පමණක් බුද්ධාගම වැළඳගත් පිරිසකි. මේ වනවිට ශිරන්ති රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් 'බෝර්න් අගේන්' ක්‍රිස්තියානි කල්ලි සමඟ සමීපව කටයුතු කරමින්, නාමල් රාජපක්ෂ බේරා ගැනීම සඳහා රහසිගත දේව මෙහෙයන් පවත්වන බවට තොරතුරු තහවුරු වී තිබේ. මෙය ශ්‍රී ලාංකීය ඡන්දදායකයන්ගේ ආගමික භක්තිය අවභාවිත කරමින් ඔවුන්ව අමු අමුවේ රැවටූ දැවැන්ත දේශපාලන ප්‍රෝඩාවකි.
    06. මෙම විමර්ශන මාලාවේ වඩාත්ම කම්පන සහගත අනාවරණය වන්නේ මහරගම අපේක්ෂා රෝහල සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය වංචාවයි. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී චීන රජය විසින් මහරගම පිළිකා රෝහල වෙත 'පෙට් ස්කෑන්' (PET Scan) යන්ත්‍රයක් සම්පූර්ණයෙන්ම නොමිලයේ පරිත්‍යාග කර තිබුණි. එහෙත්, මෙම පරිත්‍යාගය පිළිබඳව කල්තියා දැනගත් ශිරන්ති රාජපක්ෂ, 'සිරි සවිය' නමැති සිය අරමුදල හරහා එම යන්ත්‍රය මිලදී ගැනීමට යැයි පවසමින් ව්‍යාජ අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත. පිළිකා රෝගීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් සිදුකළ මෙම අමානුෂික වංචාව සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් අතිවිශාල මුදලක් එක්රැස් කරගෙන ඇති අතර, එය සෘජුවම ඇයගේ ගිණුම්වලට බැර වී ඇත.
    07. මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ශිරන්ති රාජපක්ෂගේ මෙම පිළිකා රෝහල් අරමුදල් වංචාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එදා එම මුදල් ලබාදුන් රාජ්‍ය බැංකුවල හිටපු සභාපතිවරුන් සහ කළමනාකාරවරුන් මේ දිනවල විමර්ශන අංශ වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කර තිබේ. එක් රාජ්‍ය බැංකුවකින් පමණක් රුපියල් මිලියන දෙකක මුදලක් මෙසේ වංචනිකව ලබාගෙන ඇති බවට සාක්ෂි මතු වී ඇත. මවක් ලෙස තම දරුවන්ව යහමගට ගන්නවා වෙනුවට, නාමල්, යෝෂිත සහ රෝහිත යන දරුවන් තිදෙනාම මූල්‍ය අපරාධකරුවන් සහ තක්කඩියන් බවට පත්කිරීමේ ප්‍රධාන වගකීම ශිරන්ති රාජපක්ෂ භාරගත යුතු බව විචාරකයින්ගේ මතයයි.
    08. මීට අමතරව, රාජපක්ෂ පවුලේ ප්‍රධාන මොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂට එරෙහිව ද දැවැන්ත මූල්‍ය විමර්ශනයක් මේ වනවිට ක්‍රියාත්මක වේ. 2014 වර්ෂයේ පැවති ඌව පළාත් සභා මැතිවරණ සමයේදී 'දිනන ඌව' නමින් මහින්ද රාජපක්ෂගේ රුව සහිත ටීෂර්ට් එක්ලක්ෂ විසිදහසක් (120,000) මුද්‍රණය කිරීම සඳහා ඔහු සෘජුවම මැදිහත් වී ඇත. මේ සඳහා වැය කර ඇති රුපියල් මිලියන 7.8ක අතිවිශාල මුදල ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රාජ්‍ය අරමුදල්වලිනි. මේ වනවිට ඇමෙරිකාවට පලාගොස් සැඟවී සිටින බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම සඳහා දුටු තැන අත්අඩංගුවට ගැනීමේ නියෝග සහ ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර ඇති අතර, නීතියේ රැහැනින් ඔහුටද මිදීමට නොහැකි වී ඇත.
    09. මෙම බරපතල අපරාධ ඔප්පු කිරීම සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකුම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ රහස් ප්‍රකාශ ලබා දී තිබේ. මීට අමතරව උදයංග වීරතුංග වැනි රාජපක්ෂ හිතවතුන් ද මෙම වංචාවලට සෘජුවම සම්බන්ධ වී ඇත. කෙසේ වෙතත්, අද පවතින දැවැන්තම අභියෝගය වන්නේ මෙම රහස් ප්‍රකාශ ලබාදෙන සාක්ෂිකරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමයි. රාජපක්ෂවරුන් යනු තවමත් රට තුළ පාතාල දේශපාලනයක් ක්‍රියාත්මක කරන කණ්ඩායමක් වන බැවින්, ඔවුන්ට එරෙහිව සාක්ෂි දෙන පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ අධිකරණය සෘජුවම වගකීම භාරගත යුතුව ඇත. සාක්ෂිකරුවන් ආරක්ෂා නොකළහොත් මෙම විමර්ශන සියල්ල කඩාකප්පල් වීමේ අවදානමක් පවතී.
    10. අවසාන වශයෙන් කිව හැක්කේ, දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජාතික ධනය සූරාකෑ මෙම මැලේසියානු සම්භවයක් සහිත 'බෝර්න් අගේන්' රාජපක්ෂ කල්ලියේ අවසානය දැන් ආරම්භ වී ඇති බවයි. ආගමික සහ ජාතිකත්ව හැඟීම් අවුස්සමින් රටේ ජනතාව මුලා කළ ඔවුන්ට අද නීතියෙන් මෙන්ම කර්මයෙන් ද දඬුවම් ලැබෙමින් පවතී. තමන් කළ අපරාධවල ප්‍රතිඵලයක් ලෙස නාමල් රාජපක්ෂ අද සිර මැදිරියකට වී සිටින අතර, ශිරන්ති ඇතුළු සෙසු පිරිසද නුදුරේදීම නීතිය ඉදිරියට ගෙන එනු ඇත. ස්වාධීන විමර්ශන ආයතන සහ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම්, ශ්‍රී ලංකා දේශපාලනයෙන් මෙම දූෂිත පවුල් පාලනය සදහටම අතුගා දැමෙන දිනය වැඩි ඈතක නොවන බව අපට ස්ථිරවම ප්‍රකාශ කළ හැකිය.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,626
    8,898
    113
    ලෙඩ්ඩුන්ගෙන් හොරාකන එකනම් පාට පක්ෂ නැතුව බලු කරල දාන්න ඕන දෙයක්
    සිරාවටම.. කෙහෙලියලාගෙ මානසිකත්වේ කොහොම ඇත්ද.. කැන්සර් ලෙඩ්ඩුන්ට වතුර විදින්න තරම්..
    නුවර කැන්සර් වට්ටු, කිලින්ක් වලට එහෙම මිනිස්සු පොඩියට හරි පුලුවන් දේවල් ගෙනත් දෙනවා. ඒ මිනිස්සුන්ගෙ පුකෙන් වැටෙන බෙට්ටක් තරම්වත් කෙහෙලියලා වටින්නෙ නෑ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,979
    113
    දැන් නම් වෙනම දේශපාලන සිරකරු බන්ධනාගාරයක් හදලා පවුල් පිටින්ම දාන්න ඕනේ එකට . බැප්ලෝ එක්ස්කබාර් වගේ. එයාලට එකෙ කාල බීලා උ.කෝ.මු.කෝ කරගෙන ඉන්න දෙන්න ඕනේ
    ඊට පස්සෙ කුමන්ත්‍රණයක් කරල ඇතුලෙ ටොයිලට් ඔක්කොම කඩලා දාන්න ඕනේ :yes:
     
    Bump
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,503
    3,697
    113
    මහරගම පිළිකා රෝගීන් පවා උගසට තැබූ දේශප්‍රේමී පවුල
    මේ රටේ සිදුවූ දැවැන්තම ව්‍යසනය වූයේ සුනාමියයි. ඉන් 40000 ක් පමණ ජීවිත විනාශ විය. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන්හිටිතැන් අහිමිවිය. විදෙශ් රටවලින් අන්ත අසරණ වූ අපේ රටට ආධාර ගලා ආවේය. එසේ රටට ලැබුණු විදෙශ් ආධාර රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ස්ටෑන්ඩර්ඩ් චාටඩ් (Standard Chartered Bank) බැංකු වේ හෙල්පින් හම්බන්තොට නමින් ව්‍යාජ ගිණුමක් සාදා මහිංද රාජපක්ෂ රුපියල් මිලියන 82.9 කි (රුපියල් අසූ දෙලක්ෂ අනූදහසක් හෝ ආසන්න වශයෙන් රුපියල් කෝටි 8.3 ක්) ඇමරිකානු ඩොලර්වලින් නම් මෙය දළ වශයෙන් ඩොලර් 820,000 ක් පමණ වේ. මේ සියළු මුදල් එදා කොල්ලකෑවේය. මේ රටේ මිනිසුන් කූඩාරම් තුළ මාස ගනං දහදුක් විඳිද්දී ඔවුන්ට අයිති විය යුතු මහා ධනස්කන්දය මහිංද හොරාකා දරුවන්ගේ අනාගතය සරු කිරීමට ඉතිරි කළේය. වැලේ වැල් නැතිව සිටි මහිංද ගේ කරල පැහුනේ සුනාමියෙනි.
    මහිංද ගේ මගගත් ඇඹේනියද සිරිලිය නමින් කුප්‍රකට ගිණුමක් සාදා ගජරාමෙට මුදල් ගරා හසුවිය. රටක් යනු කා අවසන් කිරීමට නොහැකි නිධානයක් බව තේරුම් ගත් රාජපක්ෂ හැතිකරයම ලද සෑම අංශයකින්ම රුබියල පවා හොරාකා ඇත. මහිංද රාජපක්ෂගේ ඇඹේණිය සිදුකළ තවත් වංචාවක් මේ වනවිට හෙළිවී ඇත. සැමියා අසරණ සුනාමි සරණාගතයින්ගේ බඩට ගසා මඩිය තරකරගත්තා සේම සිරිලිය ගිණුම හරහා පිළිකා රෝගීන් විකුණා ශිරන්ත මහා පරිමාණ ජාවාරමක් සිදුකර ඇත.
    මහරගම අපේක්ෂා පිළිකා රෝහල වෙත ‘පෙට් ස්කෑනර්’ (PET Scanner) යන්ත්‍රයක් මිලදී ගැනීමේ අරමුණින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් ආධාර ලබාගෙන, එම මුදල් ‘සිරිලිය සවිය’ පදනමේ බැංකු ගිණුමකට බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබා දී තිබෙන්නේ මෙම සිදුවීම හෙළිවීමත් සමගය.
    අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් විසින් CID වෙත දැනුම් දී ඇත්තේ අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු සතියක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසයි.
    ‘සුව උදාන’ නමින් ඉල්ලීමක් කරමින් එම මුදල් සිරිලිය සවිය නැමති කුප්‍රකට ගිණුමට බැරකරගෙන ඇත. මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ලබාගැනීම වෙනුවෙන් ආධාර ලබාදෙන ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත්තේ ‘සුව උදාන’ (Suwa Udana) නම් ව්‍යාපෘතියක් හරහාය. එකල මහිංද ගේ ඇඹේණිය යමක් ඉල්ලූ විට පස්ස ගැසීමට සමත් රාජ්‍ය නිළධාරියෙකු නොවීය. බැංකු වලට පමණක් නොව ටෙලිකොම් ආයතනයෙන් පවා මෙලෙස මුදල් ගරාගෙන ඇත.
    ශිරන්තිගේ ඉල්ලීම මත බැංකුව විසින් අනුමත කරන ලද රුපියල් මිලියනයක මුදල බැරවී ඇත්තේ සිරිලිය සවිය පදනම පවත්වාගෙන ගිය බැංකු ගිණුමකට බව පරීක්ෂණවලදී හෙළිව ඇත. මෙම නොගැලපීම මූල්‍ය අවභාවිතයක් පිළිබඳ මූලික සැකය මතු කිරීමට හේතුවී තිබේ.
    සිරිලිය විසින් මෙසේ මුදල් එකතු කරනවිට රුපියල් මිලියන 50ක් පමණ වටිනා පෙට් ස්කෑනර් යන්ත්‍රයක් චීන රජය මඟින් මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙස ලබාදෙන බවට නිල වශයෙන් තහවුරු කර තිබී ඇත. එසේ තහවුරු කර තිබියදී මුදල් එකතු කිරීම සටකපට ක්‍රියාවකි. හොරකමකි. රාජපක්ෂලා හොරු නම් ඔප්පු කරන්න කියූ පිරිසට දැං දවල් තරු පෙනී ඇත.
    එවන් පරිත්‍යාගයක් මෙරටට ලැබීමට නියමිතව තිබියදීත්, පෙට් ස්කෑනර් යන්ත්‍රයක් අපේක්ෂා රෝහලේ අසරණ ලෙඩුන් උගසට තබා මිලදී ගැනීමේ මුවාවෙන් මුදල් එක්රැස් කිරීම තුළින් සාපරාධී සාවද්‍ය පරිහරණයක් (criminal misappropriation) හෝ මුදල් වංචාවක් සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් අරඹා ඇත. රටේ තවත් පෞද්ගලික බැංකු රැසකින් ආධාර ලබාගත් බවද දැං හෙළිවී ඇත.
    සිරිලිය ගිණුමේ තිබූ කෝටි ගණනක මුදල් 2015 මහිංද පරාජයවීමත් සමගම අතුරුදහන් විය. ඒ ගැන ඊනියා යහපාලනය සිදුකළ විමර්ශණ වලින් කිසිවක් සිදු නොවුණි. සිරිලිය විසින් සිදුකළ තවත් මගඩියක් වන්නේ පෙට් ස්කෑනර් යන්ත්‍රය චීනයෙන් නිල පරිත්‍යාගයක් ලෙස ලැබෙන බව දැන දැනම විවිධ මූල්‍ය ආයතනවලින් එකතු කිරීමට. එසේනම් ඒ ආධාර මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න සෙවිය යුතුය. සිරිලිය ගිණුම හරහා සිදුකළ සියළු මගඩි අනාවරණය කළ යුතුය. මේ සම්බන්ධයෙන් CIDය වැඩිදුර සාක්ෂි එක්රැස් කරමින් පවතී.