මම ලංකාවෙ වැඩ කරන කාලෙ ඉදන් මට සහ මගේ පවුලටම මෙඩිකල් ඉන්ශුරන්ස් කවර් කලා ඔෆිස් වලින්. රටවල් 4 ක විතර කම්පැනි 12කින් 10ක්ම මෙඩිකක් දුන්නා. ඕක සාමාන්‍ය දෙයක්නේ.
පොලිටිකල් කහින ජොබ් වෙනුවට ඉගෙනගෙන ඔහොම ජොබක් හොයා ගන්න ඔප්ශන් එකකුත් තියේ
මචං, මේ ලොකු කමට කියනවා නෙවෙයි. අපි වැඩ කරපු තැන් වලත් ඉන්ශුවරන්ස් දුන්නා සහ දෙනවා. හැබැයි ඒකේ ලිමිට්ස් තියෙනවා. ඒ ලිමිට් වැඩි කරගන්න නම් වැඩි පුර පඩියෙන් කැපෙන්න දෙන්න ඕනේ.
මූ මෙතන කියන දෙයින් මූලික ප්‍රශ්ණ දෙකක් එනවා.
එකටම පඩියෙන් කැපෙන්න දුන්නාම අතට එන සල්ලි ප්‍රමාණේ අඩුයි. දැනටත් මිණිස්සු අතට එන සල්ලි මදි වෙලා ඉන්න වෙලාවේ පඩියෙන් තව ගානක් කැපුවාම මිනිසු සර්වයිව් වෙන්නේ කොහොමද?
දෙවෙනියට රටේ හැමෝගේම බදු සල්ලි වලින් නිදහස් සෞඛ්‍යය නඩත්තු කරන්නේ. ඔහොම ඉන්ශුවරන්ස් ක්‍රමේකට යනවා නම් ගහන බදු ප්‍රමණේ අඩු වෙනවාද?
අනික මූ කියන ස්ටැට් පට්ට ගොං. මුළු රටේම ජනගහනය මිලියන 22යි. අවුරුද්දටම ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් අරගෙන තියෙන්නේ මිලියන 80යි. ඒ කියන්නේ මුළු රටේම ජනතාව අවුරුද්දකට හතර පාරක් තමා අසනීප වෙලා ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් අරගෙන තියෙන්නේ. ඒක ඉතාම සාමාන්‍යය දෙයක්. මනුස්සයෙක් අවුරුද්දකට 4 පාරක් ලෙඩ වෙන්න පුළුවන්නේ.