අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්රාත් කසුන් කාංචන දසනායක අද (28) නියෝග කළා.
සිය දරුවාට නඩත්තු මුදල් ගෙවන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක ගොනුකළ පැමිණිල්ල විභාග කිරීමේ දී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
චාමික කරුණාරත්න මේ වන විට ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්රීඩා උළෙල සඳහා ශ්රී ලංකාව නියෝජනය කරයි. කෙසේ නමුත් එම හේතුව මත ඔහු නඩුවට සහභාගී නොවීම පිළිබඳව අධිකරණයට නිසි ලෙස දැනුම් දී නොතිබීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.
නඩුව නැවත ජනවාරි මස 04 වැනිදා කැඳවීමට නියමිතයි.