හිස්වූ හැඟුමක්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත


    නිදි නැති නෙතු ලඟ රැය පහන් වෙනා
    සඳ තරු හැංගුණු පාළු රැයක්...
    පිණිකැට තුරු අග නොම බබලවනා...
    ගුප්ත ස්වර හද ගැහෙන පැයක්...
    වසන්තයේ කන් බිහිරි කරවනා..
    අතීතයෙන් ආ කුණාටුවක්....
    කැළඹුනු සිතුවිලි යලි පාරවනා...
    මගේ නොවන හිස්වූ හැඟුමක්....

    කදු සලන්නට නෙත් අග තෙත් වන
    කඳුලට නෑ මග හමුවීලා...
    සිනහ ගෙනෙන්නට මුව සරසන්නට...
    දසන් මුව අගින් හැංගීලා....
    මටම නොතේරෙන අඳුරු සිහිනයක
    මුරන්ඩු මගෙ හිත නතර වෙලා
    කුණාටුවෙන් කටුගෑ තීරණයක්..
    අතැතිව නිහඩව හිඳිමි බලා....

    සුභ නැකතින් ඇය හා අතිනත ගෙන...
    මංගල විමනේ අසුන් දරා....
    රන් දෝලාවේ මාවත අද්දර...
    හිස් වූ මා නෙත් නතර වෙලා...
    කුණාටුනේ බැස ආ කුමරුවනේ...
    සඳත් හිරුත් මගෙ මිලිණ වෙලා...
    සය වසරක මතකය හද පුපුරා....
    හිස් හැඟුමක් ඇත ඉතිරි වෙලා....//
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    සංඛපාල සෑහෙන කාලෙකින්
    ළඟදි තැඹිලි වයින් එකක් එහෙම ගැහුවෙ නෑ?
    හදපුවා ටිකක් තියෙනව. අළුතෙන් පෙරුවේ නෑ

    ජීවිතේ විඳින්නට හෙටත් එනවද ඔයා....

    මේකත් දිනූශගෙ සින්දුවක් තමා..

    ආ අයියේ.. කාලෙකින්
    ------ Post added on Oct 7, 2026 at 10:09 PM
     
    • Love
    Reactions: jamiezue