iPhone 18 Pro/ iPhone 18 Pro Max අලෙවිය පහතට..🔴 නිෂ්පාදන ඇණවුම් අඩු කිරීමට Apple සමාගමෙන් පියවරක්...☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,983
    48,999
    113
    ඒ පිස්සුවත් ඉවරයි වගේ..🤔



    නවතම iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථන සඳහා පාරිභෝගික ඉල්ලුම පහළ යාම හේතුවෙන් එම දුරකථනවල ඇතැම් කොටස් නිෂ්පාදනය සඳහා ලබාදී තිබූ ඇණවුම් අඩු කිරීමට ඇපල් සමාගම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

    නිකේයි ඒෂියා (Nikkei Asia) මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර්ස් (Reuters) පුවත් සේවය මේ බව සඳහන් කර තිබෙනවා.

    ඒ අනුව, ඔක්තෝබර් මාසය සඳහා ඇණවුම් කර තිබූ දුරකථන කොටස් ප්‍රමාණය මුලින් ඉල්ලා සිටි ප්‍රමාණයට සාපේක්ෂව අවම වශයෙන් 15 %කින් අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

    Memory Chip මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ දුරකථන මිල ගණන් වැඩිවීම හේතුවෙන් පාරිභෝගික ඉල්ලුමට බලපෑම් එල්ල වී ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

    කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය උසස් චිප නිෂ්පාදන ධාරිතාව සහ මතක චිප ලබාගැනීමට තාක්ෂණික සමාගම් විශාල වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ චිප හිඟයක් සහ මිල ඉහළ යාමක් ඇති වී තිබෙනවා.

    මෙම තත්ත්වය පරිගණක සහ ස්මාර්ට් දුරකථන වෙළෙඳපොළට ද බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි රොයිටර්ස් වාර්තාවේ දැක්වෙන්නේ..

    අගෝස්තු මාසයේ අග භාගයේ සිට ඔක්තෝබර් මාසය දක්වා උපාංග සඳහා වූ ඉල්ලුම දුර්වල වී ඇති බව ද නිකේයි ඒෂියා වාර්තා කර තිබෙන අතර, එහෙත් එම තත්ත්වයට ඇපල් සමාගම සිය iPhone මාදිලි එළිදක්වන කාලසටහන වෙනස් කිරීම ද හේතු වන්නට ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,428
    1,939
    113
    United States
    memory chip ගණන් ගිය එක තමයි ලොකුම සීන් එක. ඒකෙන් phone මිලත් උඩ යනකොට මිනිස්සු upgrade එක පස්සට දානවා ඇති
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,441
    690
    113
    on earth
    memory chip ගණන් ගිය එක තමයි ලොකුම සීන් එක. ඒකෙන් phone මිලත් උඩ යනකොට මිනිස්සු upgrade එක පස්සට දානවා ඇති
    most of iphone users la price concen na ban