ගුරු ග්‍රහයා, බුද්ධිය සහ ඉරිසියාව

lankalk

Well-known member
  • May 14, 2023
    4,520
    6,112
    113
    brihaspati.jpg

    ජ්‍යෝතිෂයේ ගුරු කියන්නේ බුද්ධියේ කාරකයා. හැබැයි මෙතන බුද්ධිය කියන්නේ බුධගෙන් ලැබෙන තර්කය, ගණනය, කපටි ඥානය නෙමෙයි. බුධ දෙන්නේ විශ්ලේෂණය කරන්න පුළුවන්කම — ගුරු දෙන්නේ විවේකය, එහෙමත් නැත්නම් හරි දේ හරි විදිහට දකින්න පුළුවන් ප්‍රඥාව. දේවගුරු බ්‍රහස්පති කියන්නෙත් ඒකයි — දෙවියන්ටත් උපදෙස් දෙන ගුරුවරයා.

    ගුරු බලවත් නම් (ස්වක්‍ෂේත්‍රයේ — ධනු, මීන; උච්චයේ — කටක) මිනිසා ලොකු හිතකින්, පුළුල් දැක්මකින් තීරණ ගන්නවා. ගුරුවරුන්ට, දැනුමට ගෞරවයක් තියෙනවා. ගුරු දුර්වල වුණාම හරි වැරැද්ද පෙනෙන්නේ නෑ — වැරදි විශ්වාස අල්ලාගෙන ඉන්නවා, තමන් දන්නවා කියන අහංකාරය විතරක් වැඩි වෙනවා.

    දෙවැනි කාරණය — ඉරිසියාව. අභිධර්මයේ ඉරිසියාවට කියන්නේ ඉස්සා කියලා. ඒක දෝස කාණ්ඩයේ චෛතසිකයක්; හැදෙන්නේ දෝසමූල චිත්තවල විතරයි, ඒකත් දොම්නස සහගතව. හැදෙන පිළිවෙළ මෙහෙමයි: අනුන්ගේ දියුණුවක් දකිනවා → "මම" සහ "ඔහු" සංසන්දනය වෙනවා (මානය) → හිතට වේදනාවක් එනවා (දොම්නස) → ඒ වේදනාව උඩ දෝසයත් එක්ක ඉස්සාව හැදෙනවා. සරලව කිව්වොත්, අනුන්ට ලැබුණු දේ දරාගන්න බැරි වීම තමයි ඉරිසියාව.

    ඉරිසියාවට බෙහෙත මුදිතාව — අනුන්ගේ දියුණුව දැකලා තමන්ගේ දියුණුව වගේ සතුටු වීම. ඒක බ්‍රහ්මවිහාර හතරෙන් එකක්.

    අවසානයට මෙහෙම කියන්න පුළුවන්: ගුරු කියන්නේ පිටත ග්‍රහයෙක් විතරක් නෙමෙයි — අපේ ඇතුළේ තියෙන ප්‍රඥාවේ හඬ. ඒ හඬ ශක්තිමත් වෙන තරමට සංසන්දනය නැති වෙනවා; සංසන්දනය නැති තැන ඉරිසියාවට හැදෙන්න බිමක් නෑ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,579
    2,076
    113
    United States
    අන්තිම ලයින් එකම ඇති බං, ඉරිසියාවට හැදෙන්න බිමක් නෑ කියපු එක 👌
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,520
    6,112
    113
    Oya kiyana graha pijitim tiyena unta A/L Maths stream karala 3As aran pennanna kiyapanko
    ඔය ග්‍රහ පිහිටීම් මැ තියෙන්න ඕන නෑ. ඕන කෙනෙකුට (මන්ද බුද්දික නොවන,අවශ්‍යතාව තියන)A ගන්න පුළුවන්
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,250
    2,286
    113
    ඇයි බන් ගුරු කටකේ ඉන්නට වඩා සිංහේට ගියාම ඔය හරියනවා කියන්නේ???
     
    • Like
    Reactions: lankalk

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,250
    2,286
    113
    mole paduna rahu dunna waden:sorry:
    කුජ කාලේ කොහොම ද? එකෙක් කිව්වා කුජ 12 තියෙන නිසා, මාව ඉන්න තැනින් යවයි කියලා රටකට හරි. ගුරු කුජයි එකට ඉන්නේ
    අනුර දාලා යන්න හිකෙන්නේ නෑ බන්
     
    Last edited:
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,520
    6,112
    113
    ඇයි බන් ගුරු කටකේ ඉන්නට වඩා සිංහේට ගියාම ඔය හරියනවා කියන්නේ???
    දැන් හරි ගිහින් තියෙන්නේ :lol: රටේ කේන්දරේ කුම්බ. මේවෙනකොට ශනි රෙවතියේ.ශනි රෙවතිය හැමෝටම අදාලයි. රටට ගත්තහම කටකයේ ඉන්න ගුරු දැන් සැහෙන කාලයක් ශනි කන්ට්‍රෝල් කරන හිටියේ. දැන් 11 මාසේ මුල ගුරු සින්හෙට ආවහම ශනිට දෘෂ්ටිය නැති වෙනවා.හොඳම හරිය 11/2 ඉඳන් 12 වෙනකන් කුජත් නීචවෙලා ඉන්නේ කටකේ තනියම.හොඳම එකෙන් රටට හරියනවා.කනගාටුයි.

    7 කොටුවේ බ්‍රහස්පති කියන්නේ ගුරු ද.
    ඔව් මචෝ
    ------ Post added on Oct 23, 2026 at 6:44 PM
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,250
    2,286
    113
    දැන් හරි ගිහින් තියෙන්නේ :lol: රටේ කේන්දරේ කුම්බ. මේවෙනකොට ශනි රෙවතියේ.ශනි රෙවතිය හැමෝටම අදාලයි. රටට ගත්තහම කටකයේ ඉන්න ගුරු දැන් සැහෙන කාලයක් ශනි කන්ට්‍රෝල් කරන හිටියේ. දැන් 11 මාසේ මුල ගුරු සින්හෙට ආවහම ශනිට දෘෂ්ටිය නැති වෙනවා.හොඳම හරිය 11/2 ඉඳන් 12 වෙනකන් කුජත් නීචවෙලා ඉන්නේ කටකේ තනියම.හොඳම එකෙන් රටට හරියනවා.කනගාටුයි.
    මන් හිතුවේ ගුරු තමයි ශනි කොන්ට්‍රෝල් කරන්නේ ගුරු තමා බලවත් කියලා.. 🥺 ආණ්ඩුවට කෙලවෙයි ද මචං.. :confused2:
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,520
    6,112
    113
    කුජ කාලේ කොහොම ද? එකෙක් කිව්වා කුජ 12 තියෙන නිසා, මාව ඉන්න තැනින් යවයි කියලා රටකට හරි. ගුරු කුජයි එකට ඉන්නේ
    අනුර දාලා යන්න හිකෙන්නේ නෑ බන්
    ලග්නේ මේෂ/වෘශ්චික නං බයවෙන්න අවශ්‍ය නෑ. කුජ දසාව හොඳටම හොඳයි නීච උනත්.

    මන් හිතුවේ ගුරු තමයි ශනි කොන්ට්‍රෝල් කරන්නේ ගුරු තමා බලවත් කියලා.. 🥺 ආණ්ඩුවට කෙලවෙයි ද මචං.. :confused2:
    ඔව් ගුරු තමයි.දැන් 6 කටකේ ඉන්න ගුරු සින්හෙට යනවා කියන්නේ 7ට යනවට. මෙතෙක් ශනිට ලැබුන රැකවරණය තව දුරටත් නෑ. ආණ්ඩුවට කෙලවුනාම උබද රට බාරගන්නේ. කෙලවිලා බෑ අනුර කොහොම හරි ඇදන් යන්න ඕනා. මේ වෙලාවේ මෝඩයෙකුට/වංචා කාරයෙකුට හැර වෙන කෙනෙකුට රට කරන්න බෑ.
    ------ Post added on Oct 23, 2026 at 6:52 PM

    what about බුධ මහදසාව
    ඊළඟට එන්න තියෙන්නේ ඒක
    යුෂ්මතා කේන්දරේ නෑ කිවුව නේද ? කේන්දරේ නැතුව බුද මහා දශාව විතරද තියෙන්නේ ? හරි හරි බුද ඉන්න තැන අනුව දශාව පලදෙනවා.කොතනද ඉන්නේ ? රාශිය මොකක්ද ?
    ------ Post added on Oct 23, 2026 at 7:02 PM

    overthinking wadi wei,be ready.dont watch too many religius videos be relaxed :sorry:
    හිතන්නේ බුදගෙන් නෙමේ ලොක්ක, කෙතුයි චන්ද්‍රයි තමයි මන ඉන්ද්රියට වග කියන්නේ
    ------ Post added on Oct 23, 2026 at 7:04 PM

    Mata guru mahadasa naki wenakan ena awurden passe :sorry:
    ඒ කියන්නේ දැන් 60 , 60 +16 =76 බුදාම්මෝ :angry: මේකේ ඉන්න නාකිම පොර බෝද?
    ------ Post added on Oct 23, 2026 at 7:06 PM
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,250
    2,286
    113
    ඔව් ගුරු තමයි.දැන් 6 කටකේ ඉන්න ගුරු සින්හෙට යනවා කියන්නේ 7ට යනවට. මෙතෙක් ශනිට ලැබුන රැකවරණය තව දුරටත් නෑ. ආණ්ඩුවට කෙලවුනාම උබද රට බාරගන්නේ. කෙලවිලා බෑ අනුර කොහොම හරි ඇදන් යන්න ඕනා. මේ වෙලාවේ මෝඩයෙකුට/වංචා කාරයෙකුට හැර වෙන කෙනෙකුට රට කරන්න බෑ.
    මොකක් ද බන් ඒ කිව්ව කතාව උඹ කියන්නේ අනුර මෝඩයෙක් වංචා කාරයෙක් කියලද? :oops: real graduate කෙනෙක් නිකන් නෙමෙයි science graduate කෙනෙක් අනුර කියන්නේ
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,520
    6,112
    113
    මොකක් ද බන් ඒ කිව්ව කතාව උඹ කියන්නේ අනුර මෝඩයෙක් වංචා කාරයෙක් කියලද? :oops: real graduate කෙනෙක් නිකන් නෙමෙයි science graduate කෙනෙක් අනුර කියන්නේ
    ලංකාවේ කේන්දරේ හැටියට මේ වෙලාවේ පාලකයා විය යුත්තේ මෝඩ වංචා කාරයෙක්/බොරු කාරයෙක්. රටේ නිර්ලජ්ජිත සහජීවන බහුතරය විනාස වෙන තරමට රැවටෙන්න ඕනා.ඒක තමා කර්මාර්ති ජ්‍යෝතිෂ්‍ය නියමය.
     
    • Wow
    Reactions: Piyathissa

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,968
    6,661
    113
    View attachment 271601
    ජ්‍යෝතිෂයේ ගුරු කියන්නේ බුද්ධියේ කාරකයා. හැබැයි මෙතන බුද්ධිය කියන්නේ බුධගෙන් ලැබෙන තර්කය, ගණනය, කපටි ඥානය නෙමෙයි. බුධ දෙන්නේ විශ්ලේෂණය කරන්න පුළුවන්කම — ගුරු දෙන්නේ විවේකය, එහෙමත් නැත්නම් හරි දේ හරි විදිහට දකින්න පුළුවන් ප්‍රඥාව. දේවගුරු බ්‍රහස්පති කියන්නෙත් ඒකයි — දෙවියන්ටත් උපදෙස් දෙන ගුරුවරයා.

    ගුරු බලවත් නම් (ස්වක්‍ෂේත්‍රයේ — ධනු, මීන; උච්චයේ — කටක) මිනිසා ලොකු හිතකින්, පුළුල් දැක්මකින් තීරණ ගන්නවා. ගුරුවරුන්ට, දැනුමට ගෞරවයක් තියෙනවා. ගුරු දුර්වල වුණාම හරි වැරැද්ද පෙනෙන්නේ නෑ — වැරදි විශ්වාස අල්ලාගෙන ඉන්නවා, තමන් දන්නවා කියන අහංකාරය විතරක් වැඩි වෙනවා.

    දෙවැනි කාරණය — ඉරිසියාව. අභිධර්මයේ ඉරිසියාවට කියන්නේ ඉස්සා කියලා. ඒක දෝස කාණ්ඩයේ චෛතසිකයක්; හැදෙන්නේ දෝසමූල චිත්තවල විතරයි, ඒකත් දොම්නස සහගතව. හැදෙන පිළිවෙළ මෙහෙමයි: අනුන්ගේ දියුණුවක් දකිනවා → "මම" සහ "ඔහු" සංසන්දනය වෙනවා (මානය) → හිතට වේදනාවක් එනවා (දොම්නස) → ඒ වේදනාව උඩ දෝසයත් එක්ක ඉස්සාව හැදෙනවා. සරලව කිව්වොත්, අනුන්ට ලැබුණු දේ දරාගන්න බැරි වීම තමයි ඉරිසියාව.

    ඉරිසියාවට බෙහෙත මුදිතාව — අනුන්ගේ දියුණුව දැකලා තමන්ගේ දියුණුව වගේ සතුටු වීම. ඒක බ්‍රහ්මවිහාර හතරෙන් එකක්.

    අවසානයට මෙහෙම කියන්න පුළුවන්: ගුරු කියන්නේ පිටත ග්‍රහයෙක් විතරක් නෙමෙයි — අපේ ඇතුළේ තියෙන ප්‍රඥාවේ හඬ. ඒ හඬ ශක්තිමත් වෙන තරමට සංසන්දනය නැති වෙනවා; සංසන්දනය නැති තැන ඉරිසියාවට හැදෙන්න බිමක් නෑ.
    Guru 7 dhanuwe
     
    • Love
    Reactions: Piyathissa