හිරේ ඉන්න හාමුදුරුවරු ලැයිස්තුව මෙන්න 😲 😲 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,805
    9,172
    113




    විවිධ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වී සිරදඬුවම් නියම වූ භික්ෂූන් වහන්සේලා 28 දෙනෙකු මේ වන විට බන්ධනාගාරගතව සිටින බවට තොරතුරු වාර්තා වනවා.

    එම භික්ෂූන් වහන්සේලා අතරින් එක් හිමිනමකට එරෙහිව නඩු කිහිපයකදී නියම වූ සිරදඬුවම් සම්පූර්ණයෙන් ගෙවා අවසන් කිරීමට තවත් වසර 108ක කාලයක් ගතවන බව සඳහන් වනවා.

    ඒ, ආඬිගම සීලවංශ හිමියන් වන අතර, උන්වහන්සේට එරෙහිව කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව සහ රත්නපුර ඇතුළු ප්‍රදේශවල නඩු 10කට අධික සංඛ්‍යාවක් පවතිනවා.

    එම නඩුවලට අදාළව වසර 7ත් 15ත් අතර කාලසීමාවන් සඳහා සිරදඬුවම් නියම වී තිබෙනවා.

    ළමයින් 26 දෙනෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ද උන්වහන්සේට චෝදනා එල්ල වී ඇති අතර, 2024 වසරේදී වරදකරු කර තිබෙනවා.

    මේ අතර, ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වැවතැන්නේ සිරිනිවාස හිමියන්ට වසර 20යි මාස 7ක සිරදඬුවමක් නියම වී ඇති බව සඳහන් වනවා.

    අනෙකුත් භික්ෂූන් වහන්සේලාට නියම වී ඇති සිරදඬුවම් කාලසීමා නම්,

    කොක්ගල්ලේ තිලකඥාන හිමි – වසර 24යි

    මෝදරවානේ අමරසිරි හිමි – වසර 12යි

    තිබිරිගොල්ලේ සිරිරතන හිමි – වසර 12යි

    බඹරගම ධම්මරතන හිමි – වසර 10යි

    හපුවලානේ ජිනදම්ම හිමි – වසර 10යි

    කුමාර ඇල්ලේ මිහිඳු හිමි – වසර 15යි

    කළුකහගල්ලේ සුමනසිරි හිමි – වසර 7යි

    තැටිල්ලේ කාශ්‍යප හිමි – වසර 7යි

    එළිවිටියේ ගුණරතන හිමි – වසර 7යි

    ඇත්පිටියේ චන්ද්‍රානන්ද හිමි – වසර 14යි. (අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.)

    රේවත හිමි – වසර 12යි

    ජාඇළ ඥානේස්වර හිමි – වසර 13යි

    බැමිනියන්වල ප්‍රඥාවංශ හිමි – වසර 10යි

    මොරවක සීලානන්ද හිමි – වසර 11යි

    බෙංගමුවේ චන්ද්‍රානන්ද හිමි – වසර 7යි

    කොටගල ධම්මරතන හිමි – වසර 12යි

    මුල්ලේරියාවේ විමලතිස්ස හිමි – වසර 10යි

    වක්වැල්ලේ චූලාලංකාර හිමි – වසර 12යි

    නාරංඕවිට තිලකරත්න හිමි – වසර 3ත් 12ත් අතර

    පොරවගම විජිත හිමි – වසර 10යි

    තංගල්ලේ රතනසිරි හිමි – වසර 57යි

    පෝරුවදණ්ඩේ ඥානකිත්ති හිමි – වසර 12යි


    මීට අමතරව, මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධයෙන් භයව ධම්මානන්ද හිමියන්ට කුරුණෑගල මහාධිකරණය විසින් පසුගිය ජුනි මාසයේදී මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් ගිරිහාගම ධම්මරතන හිමියන්ට වසර 12යි මාස 3ක සිරදඬුවමක් නියම වී ඇති අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදක් හේතුවෙන් පානදුර සිරි සුමේධ හිමියන් ද බන්ධනාගාරගතව සිටින බව සඳහන්.

    එසේම, අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද බන්ධනාගාරගතව සිටිනවා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    තංගල්ලේ රතනසිරි හිමිට අවුරුදු 57ක් කියලා දැක්කම නම් ලැයිස්තුවේ අනිත් ඒවාට වඩා ඒක හිතට වැදුණා
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,928
    103,594
    113
    දැන් කතාව ලේසියි. ඔය අය අතර ඉන්න පාරාජිකා වෙච්ච හැමෝම බන්ධනාගාරේ ඉදලා එළියට ඇවිත් ආයේ සිවුරෙන් ඉන්න තියෙන අවස්ථාව දැන් නිතයානුකුලවම ඉවර කරන්න පුළුවන්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,259
    11,601
    113
    මව්ලවිලා කී දෙනෙක් වගෙ ඉන්නවාද දන්නෙ නැ?

    anith sare 'හිමි ' kalla galopan
    ------ Post added on Oct 24, 2026 at 7:12 PM
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    904
    2,408
    93
    33
    දැන් කතාව ලේසියි. ඔය අය අතර ඉන්න පාරාජිකා වෙච්ච හැමෝම බන්ධනාගාරේ ඉදලා එළියට ඇවිත් ආයේ සිවුරෙන් ඉන්න තියෙන අවස්ථාව දැන් නිතයානුකුලවම ඉවර කරන්න පුළුවන්.
    පාරාජිකා වරදක් කළ පමණින් සිවුරු දැරීමට ඇති අයිතිය නැති වෙනවාද? විනය මණ්ඩලයක් වගේ තැනකින් අනිත් හාමුදුරුවෝ ගන්න තිරණයකින්ද සිවුරු හරින්න වෙන්නේ?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,594
    6,985
    113
    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.

    1. යකඩයෙන් හටගන්නා මලකඩ උපමාව​

    "යකඩයෙන් හටගත් මලකඩ, යකඩයම කා දමන්නාක් මෙන්..."
    • මූලාශ්‍රය: ඛුද්දක නිකාය – ධම්මපද පාලි (මල වග්ගය, 240 ගාථාව)
    • පාළි ගාථාව:
      අයසා ව මලං සමුට්ඨිතං,
      තදුට්ඨාය තමෙව ඛාදති;
      එවං අතිධොනචාරිනං,
      සකකම්මානි නයන්ති දුග්ගතිං.
    • තේරුම: යකඩයෙන් උපන්නා වූ මලකඩ, යකඩයෙන් මතුවී ඒ යකඩයම කා දමයි. එමෙන්ම අසංවරව හැසිරෙන පුද්ගලයාගේ අකුසල් කර්මයන් ඔහුව දුගතියට පමුණුවයි.

    2. ශාසනය ඇතුළතින්ම විනාශ වීම​

    "ශාසනය විනාශ වන්නේ පිටස්තරයින්ගෙන් නොව, නොහික්මුණු සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) නිසාය..."
    • මූලාශ්‍රය: සංයුක්ත නිකාය – කස්සප සංයුක්තය (සද්ධම්මපතිරූපක සූත්‍රය - SN 16.13)
    • සූත්‍ර දේශනාව: මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අන්තර්ධානය වන්නේ කෙසේදැයි විමසූ විට, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහ භූතයන්ගෙන් හෝ පිටස්තර සතුරන්ගෙන් සද්ධර්මය විනාශ නොවන බවයි.
    • සද්ධර්මය විනාශ වන්නේ සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි සහ සමාධිය කෙරෙහි ගෞරවයක් හා යටහත් පහත් බවක් නැතුව අසංවරව කටයුතු කිරීම නිසාම පමණි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,259
    11,601
    113
    පාරාජිකා වරදක් කළ පමණින් සිවුරු දැරීමට ඇති අයිතිය නැති වෙනවාද? විනය මණ්ඩලයක් වගේ තැනකින් අනිත් හාමුදුරුවෝ ගන්න තිරණයකින්ද සිවුරු හරින්න වෙන්නේ?
    උඹ උන්ගෙන් බන අහන්න අසායි නම් වඳිනවා නම්සි වුර තියන්න තිබ්බාට කමක් නැ
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,460
    1,075
    113
    තව තවත් බුද්දාගම ඉදිරියට ගෙනියන්න මෙවන් වැරදි කරුවෙන් බිහි වෙන එක නවත්තන්න තවත් හොදම ශාක්ශියක් ලංකාවේ බුද්දාගම දර්මය එලියට දේශානා කරලා හාමුදුරුවෝ පෙල පාලි ගිහින් මේ ලංකාව බුදු දහමින් තව පුරවන්න ඔනෙ කියන දෙට නියම ශාක්ශියක් බ්‍රෝ ජෙප්පොත් කොර
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,928
    103,594
    113
    පාරාජිකා වරදක් කළ පමණින් සිවුරු දැරීමට ඇති අයිතිය නැති වෙනවාද? විනය මණ්ඩලයක් වගේ තැනකින් අනිත් හාමුදුරුවෝ ගන්න තිරණයකින්ද සිවුරු හරින්න වෙන්නේ?
    ඔව් දැන් හරියටම ඕක කරගන්න legal support එකක් නෑ සංගඅධිකරණ හරියට ක්‍රියාත්මක වෙන් නැති වෙන් නැති නිසා. ඕක කාලයක් තිස්සේ ඉල්ලන එකක්. හැබැයි දැන් මේකෙන් ඉඩක් ලැබෙනවා වැඩේ පටන් ගන්න. බලමු කොහොම කරයිද කියලා. රටේ නීතියෙන්ම cover එකක් ලැබෙනවා හාමුදුරුවන්ගෙ සිවුර අයින් කරන එකට. අර විශ්ව බුද්ධ හාමුදුරුවෝ වෙලා ඉන්නකොට විනය නීති වලින් අයින් කරත් එයාම උපැවිදි වෙනකං ඉන්න උනා රටේ නීතියෙන් support එකක් නැති නිසා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,594
    6,985
    113
    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.

    ඔව් දැන් හරියටම ඕක කරගන්න legal support එකක් නෑ සංගඅධිකරණ හරියට ක්‍රියාත්මක වෙන් නැති වෙන් නැති නිසා. ඕක කාලයක් තිස්සේ ඉල්ලන එකක්. හැබැයි දැන් මේකෙන් ඉඩක් ලැබෙනවා වැඩේ පටන් ගන්න. බලමු කොහොම කරයිද කියලා. රටේ නීතියෙන්ම cover එකක් ලැබෙනවා හාමුදුරුවන්ගෙ සිවුර අයින් කරන එකට. අර විශ්ව බුද්ධ හාමුදුරුවෝ වෙලා ඉන්නකොට විනය නීති වලින් අයින් කරත් එයාම උපැවිදි වෙනකං ඉන්න උනා රටේ නීතියෙන් support එකක් නැති නිසා.
    දර්මය පෙනුවෙන් පෙනී හිටපන් බන්
    ------ Post added on Oct 24, 2026 at 9:18 PM