රජය විසින් යෝජනා කර ඇති 'ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (PSTB) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මඟින්, ත්රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) අදාළව මීට පෙර වාර්තා වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත ඇතිවීමේ අවදානමක් පවතින බව 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය අනතුරු අඟවා තිබේ.
ඒ හරහා අත්තනෝමතික රැඳවුම් භාරයන්, වධහිංසා පැමිණවීම්, නිරීක්ෂණ කටයුතු සහ පුරවැසි නිදහස සීමා වීම සිදුවන බවට එම සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.
පසුගිය ඔක්තෝබර් 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 'ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (PSTB) සහ ඔක්තෝබර් 20 වැනිදා ඉදිරිපත් කරන ලද 'සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත' මඟින් ප්රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව බලධාරීන්ට අතිවිශාල බලතල පැවරෙන විධිවිධාන අඩංගු වන බව ජාත්යන්තර මානව හිමිකම් සංවිධානය පෙන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් යුත් ජාතික ජන බලවේගය 2024 මැතිවරණ ප්රකාශනය මඟින් ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු මර්දනකාරී නීති අහෝසි කර රට පුරා සිටින ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට දුන් පොරොන්දුවලට පටහැනිව මෙම පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් වී ඇති බව 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
සාමාන්ය අපරාධ නීතිය මඟින් සපයා ඇති ආරක්ෂාවෙන් පරිබාහිරව අසාමාන්ය බලතල ක්රියාත්මක කිරීමට බලධාරීන්ට ඉඩ සලසමින්, වෙනම නීතිමය රාමු හරහා ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) පවතින ගැටලුකාරී ලක්ෂණ කිහිපයක්ම මෙම යෝජිත නීති මඟින් යළි ප්රතිනිර්මාණය වීමේ අවදානමක් පවතින බව 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය පවසයි.
පොලීසිය විසින් ලබාගන්නා පාපොච්ඡාරණ මත පදනම්ව දඬුවම් නියම කිරිමට ඉඩදීම තුළින් වඳහිංසා පැමිණවීම් දිරිමත් කිරීමට ද හේතු විය හැකි බව හියුමන් රයිට් වොච් සංවිධානයේ ආසියානු කලාපීය අධ්යක්ෂ එලෙන් පියර්සන් ප්රකාශ කර තිබේ.
මෙම පනත දැනට පවතින ආකාරයෙන් සම්මත වුවහොත් මීට පෙර ක්රියාත්මක වූ ඒ හා සමාන දැඩි නීති මගින් සිදුවූ ආකාරයටම බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇති විමේ අවදානමක් පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.
'ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (PSTB) මඟින් ත්රස්තවාදය සඳහා පුළුල් අර්ථ දැක්වීම් සපයා ඇති අතර, වරෙන්තුවක් නොමැති අවස්ථා ඇතුළුව සාධාරණ සැකයක් මත පදනම්ව පුද්ගලයන් නැවැත්වීමට, සෝදිසි කිරීමට, ප්රශ්න කිරීමට සහ රඳවා ගැනීමට පොලිසියට සහ ත්රිවිධ හමුදාවට පුළුල් බලතල ලබා දී ඇත.
යෝජිත නීතිය යටතේ මාස දෙකක කාලයක් සඳහා රැඳවුම් නියෝග නිකුත් කළ හැකි අතර, ඒවා වසරක් දක්වා දීර්ඝ කළ හැකිය. එවැනි නියෝග අවලංගු කිරීමට මහෙස්ත්රාත්වරයෙකුට බලයක් නොමැති අතර, මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන යටතේ කිසියම් පුද්ගලයෙකු චෝදනා නැඟීමකින් තොරව උපරිම වශයෙන් වසර දෙකක කාලයක් රඳවා තබා ගැනීමට ඉඩ ඇති බව හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙයි.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතින් ද සීමිත අධිකරණ අධීක්ෂණයක් යටතේ වසරක් දක්වා කාලයක් සඳහා වරකට මාස දෙක බැඟින් රැඳවුම් නියෝග ලබා දීමට ඉඩ සලසන අතර ඇප ලබා දීම සීමා කර ඇති බවත්, බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන්ට නිදහස් වීම සඳහා හිමිකම් ඇත්තේ සුවිශේෂී අවස්ථාවලදී පමණක් බව ද හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙයි.
පොලිසිය විසින් ලබා ගන්නා පාපොච්චාරණ අධිකරණයේදී සාක්ෂි ලෙස භාවිත කිරීමට ඉඩ සලසන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ විධිවිධාන පිළිබඳව ද හියුමන් රයිට්ස් වොච් කනස්සල්ල පළ කළ අතර, මෙය භාවිතයෙන් බලපෑම් කිරීම්, අයුක්තිසහගත සැලකීම් සහ වධහිංසා පැමිණවීම් දිරිමත් කළ හැකි බවට එම සංවිධානය අනතුරු ඇඟවීමි සිදුකරයි.
මීට පෙර ඉදිරිපත් වූ ත්රස්තවාදී මර්දන ප්රතිසංස්කරණ යෝජනා මඟින් මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පාපොච්චාරණය මහෙස්ත්රාත්වරයෙකු ඉදිරියේ සිදු කළ යුතු බවට කොන්දේසි පනවා තිබූ බව එම සංවිධානය පෙන්වා දෙයි.
මෙම පනත් කෙටුම්පත් දෙකම මඟින් අදහස් ප්රකාශ කිරීමේ, සාමකාමීව රැස්වීමේ සහ සංගම් පිහිටුවීමේ නිදහසට ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් එම සංවිධානය සිය කනස්සල්ල මතු කර තිබේ.
'ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ හි ත්රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීමට රජයකට හෝ ජාත්යන්තර සංවිධානයකට යම් ක්රියාවක් කිරීමට හෝ එයින් වැළකී සිටීමට බලපෑම් කිරීමේ අරමුණින් කරන ක්රියා ඇතුළත් වන බව සඳහන් වේ.
මෙම කෙටුම්පතට ඇතැම් නිදහස් කිරීම් ඇතුළත් කර තිබුණද, එවැනි පුළුල් වචන භාවිතය හරහා නීත්යානුකූල විරෝධතා, මහජන අදහස් විමසීම් සහ විරුද්ධ මත ප්රකාශ කිරීම් ඉලක්ක කර ගැනීමට ඉඩ ඇති බවට හියුමන් රයිට්ස් වොච් අනතුරු ඇඟවීය.
මේ අතර, යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මඟින් බරපතළ අපරාධ පුළුල් ලෙස අර්ථ දක්වන අතර, සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකත්වය තක්සේරු කිරීමේදී දන්නා කණ්ඩායම් සාමාජිකයන් සමඟ පවත්වන හමුවීම්, ඇඳුම් පැළඳුම්, පච්ච කොටා ගැනීම් (ටැටූ), අත් සංඥා සහ ඇතැම් ස්ථානවලට කරන සංචාර වැනි සාධක සැළකිල්ලට ගැනීමට අධිකරණවලට ඉඩ සලස්වන බව ඔවුන් පවසයි.
මෙම විධිවිධාන හේතුවෙන් අපරාධමය හැසිරීම් පිළිබඳ සාක්ෂි මත නොව, පුද්ගලයන්ගේ ඇසුර පදනම් කරගනිමින් ඔවුන් ඉලක්ක කර ගැනීමට ලක්විය හැකි බවට HRW අනතුරු ඇඟවීය.
මෙම පනත් කෙටුම්පත මඟින් අධිකරණ නියෝග හරහා සන්නිවේදන මැදිහත්වීම් සහ ඉලෙක්ට්රොනික උපාංගවලින් දත්ත උකහා ගැනීම ඇතුළු පුළුල් නිරීක්ෂණ බලතල ද පොලිසියට ලබා දී ඇත.
ඇතැම් අවස්ථාවලදී බලධාරීන්ට සේවා සපයන්නන්ගෙන් ග්රාහක අනන්යතා, ඇමතුම් තොරතුරු සහ උපාංගයේ පිහිටීම් දත්ත (location data) අධිකරණ නියෝගයකින් තොරව ලබා ගත හැකිබව 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය පවසයි.
අපරාධවලට ලක්වූවන් හඳුනාගත හැකි තොරතුරු ප්රකාශයට පත් කිරීම සීමා කිරීම සහ අධිකරණ කටයුතු වාර්තා කිරීම සීමා කිරීම මඟින් මාධ්ය නිදහස තවදුරටත් සීමා විය හැකි බව එම සංවිධානය සඳහන් කරයි.
ජාත්යන්තර සම්මුතීන්ට අනුකූල වීම සහ අනෙකුත් කොන්දේසිවලට යටත්ව, යුරෝපා සංගම් වෙළඳපොළට විශේෂ වෙළඳ වරප්රසාද (ගාස්තු රහිත ප්රවේශයක්) ලබා දෙන යුරෝපා සංගමයේ (GSP+) වැඩසටහන යටතේ ශ්රී ලංකාවට ලබා දී ඇති මානව හිමිකම් සහතික සහ කැපවීම් සම්බන්ධයෙන් ද මෙම යෝජිත නීති මඟින් ගැටලු මතු වන බව 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය පෙන්වා දී තිබේ.
GSP+ තත්ත්වය යළි ලබා ගැනීමේ ක්රියාවලියේ කොටසක් ලෙස 2017 වසරේදී ත්රස්තවාදය වැළැක්වීම පනත අහෝසි කිරීමට ශ්රී ලංකාව කැපවී සිටින බව ද පෙන්වා දී ඇත.
එම නීතිය අහෝසි කරන බවට පොරොන්දු වුවද, වත්මන් රජය දිගින් දිගටම PTA පනත භාවිත කර ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දී ඇති තොරතුරු වලට අනුව, 2025 වසර තුළ PTA පනතට අදාළ රැඳවුම් භාරයට ගැනීමේ සිදුවීම් 46 ක් වාර්තා වී ඇති අතර, 2026 වසරේ පළමු මාස තුන තුළ තවත් සිදුවීම් 12 ක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ මූලික නිදහස සීමා කිරීම්වලට ඉඩ සලසන මෙම බලතල නව පනත් කෙටුම්පත් මඟින් අඛණ්ඩව පවත්වාගෙන ගියහොත්, එයින් ශ්රී ලංකාව සිය ජාත්යන්තර මානව හිමිකම් වගකීම් කඩවීමකට ලක්විය හැකි බව හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය පෙන්වා දී තිබේ.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන අතරතුර එය භාවිත කිරීම වහාම අත්හිටුවන ලෙස HRW රජයෙන් ඉල්ලා තිබේ.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, සංශෝධිත නීති හඳුන්වා දීමට පෙර අවංක, විවෘත සහ අවශ්ය සියලු අදහස් ඇතුළත් සාකච්ඡා පවත්වන ලෙසත් එමඟින් බලධාරීන්ට දන්වා ඇත.
ඕනෑම නව නීතියකට අපරාධ වැරදි පිළිබඳ නිශ්චිත අර්ථ දැක්වීම්,ඵලදායී අධිකරණ අධීක්ෂණයක්, නීතිමය උපදෙස් ලබා ගැනීමට ඇති අවස්ථාව මෙන්ම වධහිංසා සහ අත්තනෝමතික රැඳවුම් භාරයන්ට එරෙහි ශක්තිමත් ආරක්ෂක විධිවිධාන ඇතුළත් විය යුතු බව එම සංවිධානය ප්රකාශ කර ඇත.
එමෙන්ම, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත එහි වත්මන් ස්වරූපයෙන් පවතින තාක් කල්, GSP+ වැඩසටහන යටතේ ශ්රී ලංකාවේ මානව හිමිකම් කැපවීම් සපුරාලීමට අපොහොසත් විය හැකි බව යුරෝපා සංගමය විසින් පැහැදිලි කළ යුතු බවටද හියුමන් රයිට්ස් වොච්' සංවිධානය ඉල්ලා සිටී.
-
https://www.facebook.com/siyathanews