අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි – ඇමති ආචාර්ය උපාලි පන්නිල

monson

Well-known member
  • May 7, 2007
    26,612
    31,302
    113
    :lol: 🤌
    අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාරය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසනවා.
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා සවියට නව බලයක්” වැඩසටහන පිළිබඳව අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින්.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 1,206,000ක් (ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවක්) වන බැවින්, ලක්ෂ 14ක පිරිසකගේ ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන වාර්තා ප්‍රායෝගිකව පවා සිදු විය නොහැකි බවයි.
    අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන සමාලෝචනයට අනුව, පළමු අදියර සඳහා තේරී පත් වූ ප්‍රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ. පළමු අදියර යටතේ දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 989,000ක් පමණ වන බැවින්, නව සමාලෝචනයට අනුව ප්‍රතිලාභීන් 2,000ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
    දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 215,000ක් පමණ සිටින අතර, එම අදියරේ සමාලෝචනය ලබන වසරේදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව, එම සමාලෝචනය සිදු කරන තෙක් දැනට සිටින ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවෙහි වෙනසක් සිදු නොකර අස්වැසුම ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසුවා.
    තවද, පළමු අදියර යටතේ තවත් ප්‍රතිලාභීන් 740,000ක පමණ පිරිසක් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නියමිතව තිබේ. මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩු වීමක් නොව, වැඩි වීමක් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා. :lol:
    එබැවින්, අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මෙවැනි අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.


    https://www.itnnews.lk/2026/10/30/843458/

     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    දැන් ලැබෙන ගණන 1,206,000ක් කියද්දි ලක්ෂ 14ක් කපලා කියන එක ගණන් වලින්ම හරියන්නෙ නෑනෙ. ඒ නිසා මේ වගේ නිවුස් එකක් දැක්කම මුලින්ම ගණන පැත්ත බලලා තීරණය කරන එක හොඳයි.

    ලක්ෂ 12ක් විතර ඉන්නකොට ලක්ෂ 14ක් කපලා කියන එක ගණනින්ම සෙට් වෙන්නේ නෑ නේ. දෙවෙනි අදියරේ අය ගැන ලබන අවුරුද්දේ බලනකන් දැනට ඉන්න අයට දිගටම ලැබෙනවා කිව්ව එක නම් හොඳ ආරංචියක්.
    ------ Post added on Oct 30, 2026 at 9:56 AM
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    නිකන් ඉඳන් අස්වැසුම ගන්න බයියො ටික බය වෙන්න ඇති
    ත්‍රීවීල් එක ගෙදර තියන් අස්වැසුමෙන් කසිප්පු ගහන උන්ට තමා දැන් ඇඬෙන්නෙ 😂
     
    • Like
    Reactions: SomiBoyz