මචංලා, මම කරගෙන යන ටිකක් වෙනස් විදිහේ project එකක් ගැන බෙදාගන්න හිතුණා. මේක බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළවල මෝරුන් පිළිබඳ අනතුරු ඇඟවීම් ලබාදෙන Shark Alert System එකක්. 

මේකේ ප්‍රධාන අරමුණ වෙරළට එන මිනිස්සුන්ගේ ආරක්ෂාව වැඩි කරන එකයි. පසුගිය කාලයේ මෙහේ මෝර ප්‍රහාර නිසා මිනිස් ජීවිත අහිමි වෙලා තියෙනවා. ඒ නිසා අනතුරක් ගැන ඉක්මනින් දැනුම්දීලා, මිනිස්සුන්ට වතුරෙන් ඉවත් වෙන්න අවස්ථාව ලබාදෙන එක ගොඩක් වැදගත්.
සරලව කිව්වොත්, මේක Cloud සහ VPN සම්බන්ධතා හරහා වැඩ කරන පද්ධතියක්. ටැග් කරපු මෝරෙකුගේ සංඥාව බෝයා ආශ්රිත monitoring receiver එකකින් හඳුනාගත්තම හෝ හෙලිකොප්ටර් මුර සංචාරයකින් මෝරෙකු දැකලා වාර්තා කළාම, අදාළ බලයලත් පද්ධතියෙන් alert එකක් එනවා. ඒ alert එක API හරහා මගේ system එකට ලැබිලා, අදාළ වෙරළේ tower එකට යනවා. එතැනින් horn එක සහ LED sign board එක හරහා ජනතාවට අනතුරු ඇඟවීම ලබාදෙනවා.
දැනට මම ස්ථාපනය කරපු towers දහයක් විතර තියෙනවා. තවත් තුනක් Esperance පැත්තේ ස්ථාපනය කරන්න තියෙනවා. ඒ පැත්ත Perth ඉඳලා කිලෝමීටර් 800ක් විතර දුරයි. හැම tower එකකම battery, solar charging, network connection සහ උපකරණවල තත්ත්වය වගේ දත්ත, Perthවල Surf Life Saving WA — SLSWA මූලස්ථානයේ එකම Dashboard එකකට එනවා.
Towers වැඩ කරන්නේ solar power එකෙන්. හැම tower එකකම පොඩි computer එකක්, charging controller එකක්, LED sign board එකක් සහ IP horn එකක් ඇතුළු උපකරණ තියෙනවා. මේ ව්‍යාපෘතියේදී SLSWA සහ DPIRD රාජ්‍ය ආයතනය සමඟත් එක්ව කටයුතු කරනවා.
මේක මමම develop කරපු system එකක්. මගේ තාක්ෂණික දැනුම, software development හැකියාව සහ electronics දැනුම එකට එකතු කරලා තමයි මේ විසඳුම ගොඩනැඟුවේ. NDA එකක් යටතේ කරන වැඩක් නිසා, පද්ධතිය ක්‍රියා කරන හැටි ගැන හැම විස්තරයක්ම ප්‍රසිද්ධියේ බෙදාගන්න බැහැ.
කලින් තිබුණු පද්ධතිය අපේක්ෂිත විදිහට වැඩ නොකළ නිසා, අලුත් විසඳුමක් හදන්න අපේ company එකට ලැබුණු අවශ්‍යතාව තමයි මට භාර වුණේ. ඒ අභියෝගය භාරගෙන මේ තැනට ගේන්න ලැබුණු එක ගැන සතුටුයි.

ඊටත් වඩා සතුටු, තමන් හදපු දෙයක් මිනිස් ජීවිත රැකගන්න උදව් වෙන එක ගැනයි.
පහළ තියෙන්නේ tower එකක photo එකක්.
මචංලා, මේ ප්‍රොජෙක්ට් එක කරන අතරේ මාර සිද්ධියකුත් වුණා.
මම Claytons Beach එකේ වැඩ කරද්දී එතන හිටපු වයසක කාන්තාවක් ඇවිත් මගෙන් විස්තර ඇහුවා. මම කිව්වා, “පරණ සිස්ටම් එක වැඩ කරන්නේ නැති නිසා අපි ඒක අප්ඩේට් කරනවා” කියලා. පස්සේ දැනගත්ත විදිහට එයා ඒ කතාව නිව්ස් ආයතනයකට කියලා. අන්තිමට “බීච් එකේ shark warning system එක වැඩ නැහැ” කියලා නිව්ස් එකකුත් ගිහින්!
හොඳ වෙලාවට අදාළ වැඩවල ලොග් සහ කැමරා ෆුටේජ් තියෙනවා. ඒ නිසා එදා වුණේ මොකක්ද කියලා පැහැදිලි කරන්න සාක්ෂි තියෙනවා.
මට නම් හිතුණේ, අපි එතන කරමින් හිටපු අප්ඩේට් එක ගැන සම්පූර්ණ පසුබිමත් එක්ක කතාව ගියා නම් මීට වඩා සාධාරණයි කියලා. බලන් ගියාම මෙහෙත් කතාවක කොටසක් අරගෙන නිව්ස් හදන වැඩ වෙනවා වගේ!
https://www.perthnow.com.au/wa/pert...activity-warning-system-is-offline-c-23059564https://www.perthnow.com.au/wa/pert...activity-warning-system-is-offline-c-23059564

Attachments
Last edited: