මම හිතන්නේ මේකේ බහුතරයක් (එළකිරි මුල් අවධියේ ආව අය) දැන් වයසින් යම්කිසි ප්රමාණයක් මුහුකුරා ගිහින්... 40 පැනපු සෙට් එකක් ඉන්නේ.. බොහෝමයක්.. බැඳලා.. ළමයි හදලා.. ඉස්කෝලේ යනවා.. එයාලගේ ඉගෙනුම් කටයුතු වලට උදවු කරනවා.. සමහරු ගෙවල් හදලා.. ලෝන් වලට කැපෙනවා.වාහන අරන්.. ජොබ් කරනවා.. බිස්නස් කරනවා.. වයිෆ් එක්ක සහයෝගයෙන් පවුල් ජීවිතේ ගේම ගහනවා..ජිගි ජිගි දානවා.. වෙන බඩුත් ගහනවා. ප්රශ්න එනවා යනවා.අභියෝගවලට මූණ දෙනවා.. අඩිය පුඩිය ගහනවා.. යාළුවෝ එක්ක ආතල් දානවා..DJ ස්නේක් ශෝ බලන්න යනවා. ජීවන අරගලේ නිරත වෙමින් ඉන්නවා..
උඹලා නිකමට හරි මරණය ගැන හිතුවද ? මට හීනෙන් මචන් ඔය මරණ භය එක පාරක් දැනුනා... මම මොකක් හරි වෙලා මැරෙන්න ගියා.. එවෙලේ දැනුනා මැරෙන්න යනවා කියලා.. ඒ වෙලේ අම්මව බන් මතක් උනේ..මට තේරුණෙත් නෑ ඒ ඇයි කියලා.. අම්මේ කියලා කෑගහන්න ට්රයි කලාට මට කථා කර ගන්න ශක්තියක් තිබ්බේ නෑ... මම අම්බානෙකට බය උනා.. අසරණ උනා... ඒ බයටම ඇහැ ඇරුණා.. හම්බෝ ඇති යාන්තම් හීනයක්....
ඔය උමන්දාවගේ බඩ්ඩගේ ඒ කාලේ බණක් අහද්දි එයා කිව්වා ඔබ යම් අවස්ථාවක මැරෙන්න යන්නේ කියලා දැනුනොත් ඒ මොහොත මේ මාගේ මරණය මොහොතයි.. ඒක සතුටින් පිළි ගන්න කියලා..බය උනොත් කේස් කියලා. ඔහොම හිතන්න තිබ්බා අර මේ ඊයේ පෙරේදා අකුරණ බයික් එකේ කොල්ලෙක් කකුල ගැලවිලා බිම හයියෙන් හුස්ම ගද්දි පාරේ... (පොර මලා.. නිවන් සුව බ්රෝ!) එක පාරට බයික් ලිස්සලා ඔළුව උඩින් රෝදයක් ගියාම කොහේ හිතන්නද ඕක ? අර ලයිට් කණුවක් කෙලින් කරන්න ගිහින් වොට් 11,000 ක් කුණු වෙන්න වැදුනම ඕවා මතක් වෙනවද ? විඤ්ඤාණයෙන් මිදුනම දැනෙන හැඟීම කොහොමද ? මැරිලම බලන්න වෙයිද?
කිරියේ බුදු දහම ගැන ගැඹුරින් දන්න අය කියන්න බලන්න.. සිරාවට කර්මය පලිසන් දෙයිද ? මේ සංසාර ගමනේ මැරි මැරි උපදින සීන් එකක්ද ? නිය තුඩට ගත්තු වැලි ටිකක් හා සමාන මනුස්ස ආත්මයක් ලැබිලා අපි පිස්සු කෙළිනවද ? ඔබේ මතය මොකද්ද ?
නිවන කියලා වචනයක් තිබ්බට අපිට ඒක ජෝක් එකක්ද ? ඒක ලඟා කරගන්න වැඩ කරන්නේ නැද්ද? @හෙළයෙක් පොඩ්ඩක් වරේන් බ්රෝ