එළකිරි මිට්ටෝ මරණය ගැන හිතලා තියෙනවද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,844
    8,527
    113


    මම හිතන්නේ මේකේ බහුතරයක් (එළකිරි මුල් අවධියේ ආව අය) දැන් වයසින් යම්කිසි ප්‍රමාණයක් මුහුකුරා ගිහින්... 40 පැනපු සෙට් එකක් ඉන්නේ.. බොහෝමයක්.. බැඳලා.. ළමයි හදලා.. ඉස්කෝලේ යනවා.. එයාලගේ ඉගෙනුම් කටයුතු වලට උදවු කරනවා.. සමහරු ගෙවල් හදලා.. ලෝන් වලට කැපෙනවා.වාහන අරන්.. ජොබ් කරනවා.. බිස්නස් කරනවා.. වයිෆ් එක්ක සහයෝගයෙන් පවුල් ජීවිතේ ගේම ගහනවා..ජිගි ජිගි දානවා.. වෙන බඩුත් ගහනවා. ප්‍රශ්න එනවා යනවා.අභියෝගවලට මූණ දෙනවා.. අඩිය පුඩිය ගහනවා.. යාළුවෝ එක්ක ආතල් දානවා..DJ ස්නේක් ශෝ බලන්න යනවා. ජීවන අරගලේ නිරත වෙමින් ඉන්නවා..

    උඹලා නිකමට හරි මරණය ගැන හිතුවද ? මට හීනෙන් මචන් ඔය මරණ භය එක පාරක් දැනුනා... මම මොකක් හරි වෙලා මැරෙන්න ගියා.. එවෙලේ දැනුනා මැරෙන්න යනවා කියලා.. ඒ වෙලේ අම්මව බන් මතක් උනේ..මට තේරුණෙත් නෑ ඒ ඇයි කියලා.. අම්මේ කියලා කෑගහන්න ට්‍රයි කලාට මට කථා කර ගන්න ශක්තියක් තිබ්බේ නෑ... මම අම්බානෙකට බය උනා.. අසරණ උනා... ඒ බයටම ඇහැ ඇරුණා.. හම්බෝ ඇති යාන්තම් හීනයක්.... 😞

    ඔය උමන්දාවගේ බඩ්ඩගේ ඒ කාලේ බණක් අහද්දි එයා කිව්වා ඔබ යම් අවස්ථාවක මැරෙන්න යන්නේ කියලා දැනුනොත් ඒ මොහොත මේ මාගේ මරණය මොහොතයි.. ඒක සතුටින් පිළි ගන්න කියලා..බය උනොත් කේස් කියලා. ඔහොම හිතන්න තිබ්බා අර මේ ඊයේ පෙරේදා අකුරණ බයික් එකේ කොල්ලෙක් කකුල ගැලවිලා බිම හයියෙන් හුස්ම ගද්දි පාරේ... (පොර මලා.. නිවන් සුව බ්‍රෝ!) එක පාරට බයික් ලිස්සලා ඔළුව උඩින් රෝදයක් ගියාම කොහේ හිතන්නද ඕක ? අර ලයිට් කණුවක් කෙලින් කරන්න ගිහින් වොට් 11,000 ක් කුණු වෙන්න වැදුනම ඕවා මතක් වෙනවද ? විඤ්ඤාණයෙන් මිදුනම දැනෙන හැඟීම කොහොමද ? මැරිලම බලන්න වෙයිද?

    කිරියේ බුදු දහම ගැන ගැඹුරින් දන්න අය කියන්න බලන්න.. සිරාවට කර්මය පලිසන් දෙයිද ? මේ සංසාර ගමනේ මැරි මැරි උපදින සීන් එකක්ද ? නිය තුඩට ගත්තු වැලි ටිකක් හා සමාන මනුස්ස ආත්මයක් ලැබිලා අපි පිස්සු කෙළිනවද ? ඔබේ මතය මොකද්ද ?

    නිවන කියලා වචනයක් තිබ්බට අපිට ඒක ජෝක් එකක්ද ? ඒක ලඟා කරගන්න වැඩ කරන්නේ නැද්ද? @හෙළයෙක් පොඩ්ඩක් වරේන් බ්‍රෝ​
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,665
    113
    United States
    හීනෙදි අම්මව මතක් වෙලා අම්මේ කියන්න බැරි උන එක නම් හිතට හොඳටම වැදුනා බන්, ඒ අසරණ බයම තමයි මේක ගැන හිතන්නෙ.
     
    • Like
    Reactions: Thiefx

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,971
    2,367
    113
    Tavathimsa
    කර්මය පලිසන් දෙයිද ?

    ඔව්
    මේ සංසාර ගමනේ මැරි මැරි උපදින සීන් එකක්ද ?

    ඔව්

    නිය තුඩට ගත්තු වැලි ටිකක් හා සමාන මනුස්ස ආත්මයක් ලැබිලා අපි පිස්සු කෙළිනවද ?

    ඔව්, තාම පරක්කු නැහැ. අදම පටන් ගන්න දිනපතා පුරුද්දක් විදිහට පින් කරන්න. පන්සිල් රකින්න. බුදුහාමුදුරුවෝ ඇත්තටම දේශනා කළේ මොකක්ද කියලා හොයන්න.

    මේ ප්ලේලිස්ට් එකෙන් අදහසක් ගන්න පුලුවන් වෙයි.

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,423
    68,971
    113
    එහෙයින් බාහියය, මෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුතු ය:

    දක්නා ලද්දෙහි දැකීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
    අසන ලද්දෙහි ඇසීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
    ස්පර්ශ කරන ලද්දෙහි ස්පර්ශ කිරීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.
    විද්‍යාමාන වන ලද්දෙහි දැනගීම් මාත්‍රයක් පමණක් වන්නේ ය.

    බාහියය, මෙසේ ඔබ විසින් හික්මිය යුතු ය.
    බාහියය, යම් කලෙක්හි ඔබට දක්නා ලද්දෙහි දැකීම් මාත්‍රයක් පමණක් වේද, අසන ලද්දෙහි ඇසීම් මාත්‍රයක් පමණක් වේද, ස්පර්ශ කරන ලද්දෙහි ස්පර්ශ කිරීම් මාත්‍රයක් පමණක් වේද, දන්නා ලද්දෙහි දැනගීම් මාත්‍රයක් පමණක් වේද, බාහියය, එකල්හි ඔබ ඒ රූපාදි අරමුණු සමඟ බැඳෙන්නේ නැත.
    බාහියය, යම් කලෙක්හි ඔබ ඒ අරමුණු සමඟ නොබැඳෙන්නේද, එකල්හි ඔබ එහි සංසාරයෙහි නොපවතියෙහි. යම් කලෙක්හි ඔබ එහි නොපවතියෙහිද, එකල්හි ඔබ මෙලොවත් නැත, පරලොවත් නැත, දෙලොව අතරත් නැත. දුකෙහි කෙළවර නිවන මෙයම වන්නේ ය.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    sathek pudagalayek ne ban,itin kauda marenne.mayawakata ahuwela.oka realize wenna kayanupassnawa karama goda.😎

    ස්පා එකකට රිංගුවම නම් ඔය මායාව මතක් වෙන්නෙ නෑ නේද බං
     
    • Like
    Reactions: SomiBoyz

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,014
    3,577
    113
    ජැකාගේ මරණෙ ලොකුවටම ප්‍රශ්නයක් කරගත්තේ කක්කි සුදා තමා. ඒකෙන්ම ඌ බරගානක් හොයන්න ඇති. ඒකටම හරියන්න ඌත් එක්ක ඒ දවස් වල හිටියා රවී කුමුදේශ් කියන එකා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,423
    68,971
    113
    පොලිසියෙන් පැනලා කුදලන් යද්දිත් කියපන් මම නෙවෙයි හේතු ඵලයක් ආවෙ කියලා 😂
    polciya mawa dekkama surrender,sir kiyagena enne
     
    • Like
    Reactions: SomiBoyz

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113


    මම හිතන්නේ මේකේ බහුතරයක් (එළකිරි මුල් අවධියේ ආව අය) දැන් වයසින් යම්කිසි ප්‍රමාණයක් මුහුකුරා ගිහින්... 40 පැනපු සෙට් එකක් ඉන්නේ.. බොහෝමයක්.. බැඳලා.. ළමයි හදලා.. ඉස්කෝලේ යනවා.. එයාලගේ ඉගෙනුම් කටයුතු වලට උදවු කරනවා.. සමහරු ගෙවල් හදලා.. ලෝන් වලට කැපෙනවා.වාහන අරන්.. ජොබ් කරනවා.. බිස්නස් කරනවා.. වයිෆ් එක්ක සහයෝගයෙන් පවුල් ජීවිතේ ගේම ගහනවා..ජිගි ජිගි දානවා.. වෙන බඩුත් ගහනවා. ප්‍රශ්න එනවා යනවා.අභියෝගවලට මූණ දෙනවා.. අඩිය පුඩිය ගහනවා.. යාළුවෝ එක්ක ආතල් දානවා..DJ ස්නේක් ශෝ බලන්න යනවා. ජීවන අරගලේ නිරත වෙමින් ඉන්නවා..

    උඹලා නිකමට හරි මරණය ගැන හිතුවද ?​

    ඔව් සැහෙන කාලෙකට කලින් හිතුවා.
    මට හීනෙන් මචන් ඔය මරණ භය එක පාරක් දැනුනා... මම මොකක් හරි වෙලා මැරෙන්න ගියා.. එවෙලේ දැනුනා මැරෙන්න යනවා කියලා.. ඒ වෙලේ අම්මව බන් මතක් උනේ..මට තේරුණෙත් නෑ ඒ ඇයි කියලා.. අම්මේ කියලා කෑගහන්න ට්‍රයි කලාට මට කථා කර ගන්න ශක්තියක් තිබ්බේ නෑ... මම අම්බානෙකට බය උනා.. අසරණ උනා... ඒ බයටම ඇහැ ඇරුණා.. හම්බෝ ඇති යාන්තම් හීනයක්.... 😞

    ඔය උමන්දාවගේ බඩ්ඩගේ ඒ කාලේ බණක් අහද්දි එයා කිව්වා ඔබ යම් අවස්ථාවක මැරෙන්න යන්නේ කියලා දැනුනොත් ඒ මොහොත මේ මාගේ මරණය මොහොතයි.. ඒක සතුටින් පිළි ගන්න කියලා..බය උනොත් කේස් කියලා. ඔහොම හිතන්න තිබ්බා අර මේ ඊයේ පෙරේදා අකුරණ බයික් එකේ කොල්ලෙක් කකුල ගැලවිලා බිම හයියෙන් හුස්ම ගද්දි පාරේ... (පොර මලා.. නිවන් සුව බ්‍රෝ!) එක පාරට බයික් ලිස්සලා ඔළුව උඩින් රෝදයක් ගියාම කොහේ හිතන්නද ඕක ?​
    එහෙම වෙන්නේ නෑ, හේතුව මෙහෙම පැහැදිලි කලාට වැඩක් නෑ.
    අර ලයිට් කණුවක් කෙලින් කරන්න ගිහින් වොට් 11,000 ක් කුණු වෙන්න වැදුනම ඕවා මතක් වෙනවද ?​
    එහෙම වෙන්නේ නෑ, හේතුව මෙහෙම පැහැදිලි කලාට වැඩක් නෑ.
    විඤ්ඤාණයෙන් මිදුනම දැනෙන හැඟීම කොහොමද ? මැරිලම බලන්න වෙයිද?​
    කාය විඥාන යෙන් මිදෙන එක පහසුවෙන් කල හැක්කක්, ධර්මාවබෝදිත කෙනෙකුට ඒක හිස් දෙයක්.මනෝ විඥානය කියන්නේ මන ඉන්ද්‍රිය සකසන හිත් පරම්පරාවට.එකෙන් මිදෙන්න සංයෝජන ධර්ම 10මැ අකර්මන්‍ය වෙන්න ඕනා.

    කිරියේ බුදු දහම ගැන ගැඹුරින් දන්න අය කියන්න බලන්න..​
    බුදුදහමේ ගැඹුරක් නෑ , සරල වැඩි නිසා සංකීර්ණ මිනිස්සුන්ට වැටහෙන්නේ නෑ
    සිරාවට කර්මය පලිසන් දෙයිද ?​
    ඔව්,හැම මොහොතේම ඔබ නොදනගත්ත වුනාට කර්ම පථය සක්‍රීයයි.හැමදේකිනම පහෙන් එකක් කර්ම විපාකයක්.
    මේ සංසාර ගමනේ මැරි මැරි උපදින සීන් එකක්ද ?​
    ඔව්
    නිය තුඩට ගත්තු වැලි ටිකක් හා සමාන මනුස්ස ආත්මයක් ලැබිලා අපි පිස්සු කෙළිනවද ?​
    ඔව්
    ඔබේ මතය මොකද්ද ?​
    විශේෂ දෙයක් නෑ, දුක ඔබේ නං එය නැති කර ගත යුත්තේ ඔබයි.

    නිවන කියලා වචනයක් තිබ්බට අපිට ඒක ජෝක් එකක්ද ?​
    නෑ , නිවනට මෙහා නොයෙක් සුවයන් විඳලා තියන නිසා ඒ කිනම් බුමියකවත් අද විඳින සතුට අත් දකින්න ලැබිල නෑ.
    ඒක ලඟා කරගන්න වැඩ කරන්නේ නැද්ද?​
    අමුතුවෙන් කරන්න වැඩක් නෑ.වන් වේ රෝඩ් එකක් නිසා දැන් තියෙන්නේ කාලයට ඉඩ දෙන්න.
    @හෙළයෙක් පොඩ්ඩක් වරේන් බ්‍රෝ​
    මිස්ට හෙළයා කම් ඩාලිං @හෙළයෙක්

    වෙන බඩුත් ගහන ගමන්ද නිවන් යන්න හොයන්නෙ 🤣🤣
    ඒකේ වැරද්දක් නෑ , අනුන්ගේ ගෑනු නෙමේ නං ,තමන් නඩත්තු කරනවා නං ගැටළුවක් නෑ.තෘෂ්ණාවෙන් කාම ගින්න විතරයි ඇවිලෙන්නේ කොතැනවත් තුන් වැන්නේක්ගේ කෙලෙස් ඇවිලෙන්න විදියක් නෑ.
    ------ Post added on Nov 2, 2026 at 12:00 AM
     
    • Like
    Reactions: SomiBoyz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,409
    24,336
    113
    අපි කවුරුත් හරියට දන්නෙ නෑ නේද මචන් මරණෙන් පස්සෙ මොනවද වෙන්නෙ කියල. නින්දෙන් ඇහැරුනා වගේ එකක්ද දන්නෙත් නෑ.
    කොහොම උනත් මරණය අපි හිතන තරන් දුරක නෙමෙයි තියෙන්නෙ කියල නන් දැන් තේරෙනව.
    දන්නෙම නැතුව ඔය අවුරුදු ටික යනව. අපි හිතන් ඉන්නව තව ගොඩක් කල් තියෙනව කියල.
    ජීවිතේ පට්ටම කෙටියි.
    අපිට දැන් ඉස්කෝලෙ කාලෙ පට්ට ඉස්සර කියල හිතෙන් නෑ වගේ තමයි අවුරුදු 80 දි විතරත් මේ කාලෙ මහ දුරක් නෙමෙයි.

    පරිණාමයෙන් අපිව හැදිල තියෙන්නෙ මරණය ගැන නොහිතා ඉන්න. ඒක survival එකට වැදගත්. ඒත් අපි ඒක හිතන්න ඕනෙ
    ------ Post added on Nov 2, 2026 at 12:04 AM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඒකේ වැරද්දක් නෑ , අනුන්ගේ ගෑනු නෙමේ නං ,තමන් නඩත්තු කරනවා නං ගැටළුවක් නෑ.තෘෂ්ණාවෙන් කාම ගින්න විතරයි ඇවිලෙන්නේ කොතැනවත් තුන් වැන්නේක්ගේ කෙලෙස් ඇවිලෙන්න විදියක් නෑ.
    ගෙදර ගෑනිට ඕක කිව්වොත් තුන්වෙනි සිල්පදේ කොස්සෙන් කියලා දෙයි
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    ගෙදර ගෑනිට ඕක කිව්වොත් තුන්වෙනි සිල්පදේ කොස්සෙන් කියලා දෙයි
    ඒ ඔබේ ගෑනි ඔබට සලකන විදිය උනාට මට එහෙම ප්‍රශ්න නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,423
    68,971
    113
    Marila ne kiyala kohomada sure ekata kiyanne

    සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නැ .. එච්චරයි ! 🥱
    Danuth marila nan inne
    ------ Post added on Nov 2, 2026 at 12:12 AM
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    Marila ne kiyala kohomada sure ekata kiyanne


    Danuth marila nan inne
    ------ Post added on Nov 2, 2026 at 12:12 AM
    බොරුවට මෙතැ න වචන හරඹ කර කර ඉන්නේ නැතුව සමතය හරි ගුරු ඇසුරක් සහිතව වඩල බලපන්.නිවැරදිව අර්පනවට අවොත් ඔය කට වැහෙයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,283
    1
    102,992
    113
    34
    Kalutara
    ඒකේ වැරද්දක් නෑ , අනුන්ගේ ගෑනු නෙමේ නං ,තමන් නඩත්තු කරනවා නං ගැටළුවක් නෑ.තෘෂ්ණාවෙන් කාම ගින්න විතරයි ඇවිලෙන්නේ කොතැනවත් තුන් වැන්නේක්ගේ කෙලෙස් ඇවිලෙන්න විදියක් නෑ.
    ------ Post added on Nov 2, 2026 at 12:00 AM

    මොකක් මොකක්? බඩු කියන වචනේ උඹේ අර්ථ දැක්වීම වෙනස් කරගෙන වගේ. 🤔
     
    • Like
    Reactions: lankalk