තනිවෙච්ච මිනිස්සු..

moveon

Well-known member
  • Nov 2, 2022
    539
    930
    93
    මම අම්මා තාත්තා සහ බිරිඳ එක්ක ජීවත් වෙන තනිවුන කෙනෙක්..
    මොකද මට යාලුවො නැහැ.. නෑයෝ ආශ්‍රයක් ඇත්තෙම නැහැ.. හදිසියකට දෙයක් කියන්න කෙනෙක් නැහැ..

    එහෙම වෙලා තියෙන්නෙ අන්තිමට එළියේ job කරපු කාලෙ ආශ්‍රය කරපු අය හොඳයි කියල හිතුවට ඒ අය වාසි බලාගෙන ඉඳල තියෙන්නෙ (කීයක් හරි ඉල්ලගන්න.. උන්ගෙ වැඩක් මට කියල කරගන්න)
    දැන් මම ගෙදර ඉඳන් freelance වැඩ ටිකක් පොඩියට කරගෙන ඉන්නව..

    මට බයයි මට මොනවහරි උනොත් wife, මගේ දෙමව්පියෝ තනිවේවි, අසරණ වේවි කියල..
    මොකද එයාලට මම නැතුව දේවල් කරගන්න අමාරුයි..

    මේ මානසික පීඩනයෙන් මිදෙන්නේ කොහොමද..
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,308
    5,074
    113
    Abyss
    මම අම්මා තාත්තා සහ බිරිඳ එක්ක ජීවත් වෙන තනිවුන කෙනෙක්..
    මොකද මට යාලුවො නැහැ.. නෑයෝ ආශ්‍රයක් ඇත්තෙම නැහැ.. හදිසියකට දෙයක් කියන්න කෙනෙක් නැහැ..

    එහෙම වෙලා තියෙන්නෙ අන්තිමට එළියේ job කරපු කාලෙ ආශ්‍රය කරපු අය හොඳයි කියල හිතුවට ඒ අය වාසි බලාගෙන ඉඳල තියෙන්නෙ (කීයක් හරි ඉල්ලගන්න.. උන්ගෙ වැඩක් මට කියල කරගන්න)
    "There are no friends.. only moments of friendship"
    දැන් මම ගෙදර ඉඳන් freelance වැඩ ටිකක් පොඩියට කරගෙන ඉන්නව..

    මට බයයි මට මොනවහරි උනොත් wife, මගේ දෙමව්පියෝ තනිවේවි, අසරණ වේවි කියල..
    මොකද එයාලට මම නැතුව දේවල් කරගන්න අමාරුයි..

    මේ මානසික පීඩනයෙන් මිදෙන්නේ කොහොමද..
    life insurance
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,229
    3,271
    113
    මට බයයි මට මොනවහරි උනොත් wife, මගේ දෙමව්පියෝ තනිවේවි, අසරණ වේවි කියල..
    මොකද එයාලට මම නැතුව දේවල් කරගන්න අමාරුයි..
    Wife permanently disabled ද, mentally impaired ද? නෑනේ? එහෙනම් බබා කරන්නේ නැතුව උඹ කරන වැඩ කියාදියන්, ඒ වැඩ වලට ජෝයින් කරගනින්, අම්මා තාත්තා උනත් disability එකක් නැත්තං ඒ මිනිස්සුන්ට තමන්ගේ වැඩ කරගන්න දෙන්න නැත්තං උඹට හැමදාම වහලෙක් වගේ ඔහොම වැඩ කර කර stress වෙවී ඉන්න තමා වෙන්නේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,061
    2,399
    113
    United States
    ගෙදර ඉඳන් කරන freelance වැඩේ විස්තර ටික ටික බිරිඳටත් කියලා දෙන්න, එතකොට ඔයා නැතුවත් එයාලට ඒක කරගන්න පුළුවන් කියන බය ටිකක් අඩු වෙයි.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,320
    612
    113
    online passive income sources ටිකක් හදාගන්න .
    ගෙදර කට්ටියත් ටිකක් හවුල් කරගෙන පොඩියට බිස්නස් එකක් පටන් ගන්න .

    ගෙදර වැඩ ටිකවත් තනියම කරගන්න බැරි උන් එක්ක මොන බිස්නස්ද බං කරන්නෙ 😂
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,244
    1
    20,160
    113
    35
    Spain
    අපේ ගෙදර ඉන්නේ මමයි තාත්තයි විතරයි. අපිට බරක් නෑ. එත් උඹ ඉන්න තත්වය තේරෙනවා බන්. උඹ නැති වුනොත් වයසක අම්ම තාත්තා අනාත වෙනවා කියන එක. උඹ එහෙම හිතන එක හොඳයි. එත් ගොඩක් නරක පැත්තම හිතන්න එපා. සතුටින් ඉඳපන්. ඩිලාන් කිව්වා වගේ පොඩි පොඩි ඉන්කම් ටිකක් හදාගනින්. ගෑණු හරි ශක්තිමත්, උන්ට පාර පෙන්නුවම ඇදගෙන යනවා කොහොම හරි. ඉතින් උඹ බය වෙන්න නැතිව ඉඳපන්.
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    523
    525
    93
    Colombo
    1. start a (life + health) insurance plan - if you die, your family will get some money. SLIC has good deals.
    2. start a home based small business and mainly give that responsibility to your wife. Maybe your parents can also help.
    3. Save money. (Fixed deposit will be safer for you)
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,002
    11,862
    113
    හඳට කිට්ටුව
    මම අම්මා තාත්තා සහ බිරිඳ එක්ක ජීවත් වෙන තනිවුන කෙනෙක්..
    මොකද මට යාලුවො නැහැ.. නෑයෝ ආශ්‍රයක් ඇත්තෙම නැහැ.. හදිසියකට දෙයක් කියන්න කෙනෙක් නැහැ..

    එහෙම වෙලා තියෙන්නෙ අන්තිමට එළියේ job කරපු කාලෙ ආශ්‍රය කරපු අය හොඳයි කියල හිතුවට ඒ අය වාසි බලාගෙන ඉඳල තියෙන්නෙ (කීයක් හරි ඉල්ලගන්න.. උන්ගෙ වැඩක් මට කියල කරගන්න)
    දැන් මම ගෙදර ඉඳන් freelance වැඩ ටිකක් පොඩියට කරගෙන ඉන්නව..

    මට බයයි මට මොනවහරි උනොත් wife, මගේ දෙමව්පියෝ තනිවේවි, අසරණ වේවි කියල..
    මොකද එයාලට මම නැතුව දේවල් කරගන්න අමාරුයි..

    මේ මානසික පීඩනයෙන් මිදෙන්නේ කොහොමද..

    @moveon Move On.
     

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    31
    40
    18
    මටත් මගෙ ලගම හිටිය බලේ තියෙන කාලෙ හිටිය යාලුවෝ අන්තිම කාලෙ මාව පාවල දෙන තත්වෙට ආවා. මට හොරෙන් සාම සාකච්චා යන්න හැදුවා. බලේ ගන්න හැදුවා. අන්තිමට ඉතුරු උනේ මගෙ ගෑනියි, ජර්මන් ශෙපර්ඩ් බ්ලොන්ඩියි , අය ඉතිං මුකුත් කර කියාගන්න බැරුව එලොවටත් නැති මෙලොවටත් නැති කීපඑනෙක් විතරයි.

    ජීවිතේ හොද පැත්ත(සර්ව ශුබවාදී - optimism ) වගේම නරක පැත්ත(සර්ව අශුබවාදී - pessimism) ගැනත් හිතන එක හොදයි. ඒත් ඕනිවට වඩා නරක පැත්ත හිතන්නත් එප ඒකට සූදානම් වෙන්න පුලුවන් තරම් බලපං. ඩිරෙක්ට් කියන්ව නම් අය මේක තමා කියන්න තියෙන්නෙ.
    1793594486621.png


    අය මේ වීඩියෝවෙත් උබ වගේම බය ගැන කියල තියෙනව ඒකත් බලපං.

     

    nidarsha91

    Well-known member
  • උඹට අද වෙන දේ එදා ලන්ඩන් වල ජීවත් වෙච්ච එකෙකුත් දැකල ඒකට මූන දුන්න විදිය තමයි මේ තියෙන්නෙ.



    සතුටු වෙයන් උඹට අඩුම තරමෙ වයිෆ් ඉන්නව ලඟ. ආවේගය, සතුට, පීඩනය එලියට දාගන්න සහයක් තියෙනව. කිරියට ඇවිල්ල හරි අනිත් උන් එක්ක කතා කරපන්. ටික් ටොක් අකවුන්ට් එකක් හදාගෙන දවසෙ ගානෙ උඹ කතා කරපන්. දන්නෙම නැති වුන් උබේ වයිබ් එකට කැමති වෙලා උඹට හයියක් දෙන්න එයි. මමත් මේකෙ කීපයක්ම පෝස්ට්ස් දාල තියෙනව සෙට්වෙලා වැඩ කරන්න කැමති වුන් ඉන්නවද කියල. එහෙම කවුරුවත් එන්නෙ නෑ බන්. අනිත් උන් උඩ උඹේ ජීවිතේ තියන්න එපා. ලඟම උන් 3 දෙනා වෙනුවෙන් වැඩ කරන්න උඹ තනියම ගේම ගහන්න ඔලුව හදාගනින්. ඔය සමහර ගෑනු ඉන්නෙ. මිනිහට තේරෙන්න දෙයක් නොකිය. පස්සෙ ලස්සනට ගෙදර වැඩපල කරගෙන ලස්සනට ඉන්නෙ වෙන එකෙක් එක්ක හුරතල් වෙවී. උඹ මැරෙනකන් උඹේ ජීවිතේ වගකීම උඹේ අතේනෙ තියෙන්නෙ. ඒක කරගෙන යමන් ලොක්කා!
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,775
    2,888
    113
    Are you affiliated to any religion..?

    If so, go and have a word with the priest and hang around in that calm environment; you'll feel better..

    I think everywhere in the world people are facing loneliness to more or lesser extent cuz they do not associate the temple/ church anymore..
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,257
    2,105
    113
    London, United Kingdom
    මම අම්මා තාත්තා සහ බිරිඳ එක්ක ජීවත් වෙන තනිවුන කෙනෙක්..
    මොකද මට යාලුවො නැහැ.. නෑයෝ ආශ්‍රයක් ඇත්තෙම නැහැ.. හදිසියකට දෙයක් කියන්න කෙනෙක් නැහැ..

    එහෙම වෙලා තියෙන්නෙ අන්තිමට එළියේ job කරපු කාලෙ ආශ්‍රය කරපු අය හොඳයි කියල හිතුවට ඒ අය වාසි බලාගෙන ඉඳල තියෙන්නෙ (කීයක් හරි ඉල්ලගන්න.. උන්ගෙ වැඩක් මට කියල කරගන්න)
    දැන් මම ගෙදර ඉඳන් freelance වැඩ ටිකක් පොඩියට කරගෙන ඉන්නව..

    මට බයයි මට මොනවහරි උනොත් wife, මගේ දෙමව්පියෝ තනිවේවි, අසරණ වේවි කියල..
    මොකද එයාලට මම නැතුව දේවල් කරගන්න අමාරුයි..

    මේ මානසික පීඩනයෙන් මිදෙන්නේ කොහොමද..

    උත්තරය උඹේ username එකේම තියනවා

    ඕනවට වඩා දේවල් ගැන හිතන්නේ නැතුව move on
     
    • Like
    Reactions: moveon