Local Realism Is False!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    Einstein වැරදි කියලා, light years බිලියන 7.8ක් දුර බලලා හොයපු එක දැක්කම මොළේ ටිකක් අවුල් වුණා බං, spacetime එක ගැන ආයෙ හිතන්න වුණා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    අයින්ස්ටයින් උනත් අහෙන් දැකපු දේවල් වලට නේ කතාවක් ගෙතුවේ.
    බලනකන් කිසිම දෙයක් ඇත්තටම පවතින්නෙ නෑ කියන එකනෙ
     

    nipund

    Well-known member
  • May 17, 2007
    856
    1,186
    93
    බලනකන් කිසිම දෙයක් ඇත්තටම පවතින්නෙ නෑ කියන එකනෙ
    🤔 මොනම තියරි එක හැදුවත් ඒක හදන්න වෙන්නේ ඇහෙන් දැකලා කනෙන් අහලා .
    හදිස්සියේ වත් ඇහෙන දකින දේ ඇත්තටම නැත්නම්, එතකොට ඇහැපු දැකපු දේවලින් හදහත්ත තියරි එකත් තියෙන්න පුළුවන් ද?

    නිකමට අහලා බලන්න

     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    හදිස්සියේ වත් ඇහෙන දකින දේ ඇත්තටම නැත්නම්, එතකොට ඇහැපු දැකපු දේවලින් හදහත්ත තියරි එකත් තියෙන්න පුළුවන් ද?
    එතකොට තියරි හදන එකා ඉන්නෙත් හීනෙකද
     

    nipund

    Well-known member
  • May 17, 2007
    856
    1,186
    93
    එතකොට තියරි හදන එකා ඉන්නෙත් හීනෙකද
    ඒකා ඉන්නවා කියන්නෙත් ඇහෙන, දකින දේවල් වලින් නේද?
    ඔයාට ඔයා ඉන්නවා කියලා මේ වෙලාවේ තේරෙන්නේ මේක කියවන හින්දා

    උඩ video එකේ neuroscientist කෙනෙක් කියනවා .
    අපිට ඇහෙන , දකින දේවල් ඔක්කොම මොළෙන් හදලා /මවලා දෙන්නේ.
    එතකොට මොළයක් තියෙනවා කියලා ගන්නේ කෝමද?
    ------ Post added on Nov 2, 2026 at 9:58 AM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    අපිට ඇහෙන , දකින දේවල් ඔක්කොම මොළෙන් හදලා /මවලා දෙන්නේ.
    එතකොට මොළයක් තියෙනවා කියලා ගන්නේ කෝමද?
    පොල්ලකින් ඔලුවට ගැහුවම මොළේ තියෙනවද නැද්ද කියලා තේරෙයි
     

    nipund

    Well-known member
  • May 17, 2007
    856
    1,186
    93
    පොල්ලකින් ඔලුවට ගැහුවම මොළේ තියෙනවද නැද්ද කියලා තේරෙයි
    එයාම කියනවා එයා මොළ කපලා පරීක්ෂණ කරනවා ඒත් ... කියලා
    අනික ආයේම මොළේ තියෙනවා කියලා තෝරලා දෙන්නේ වැදුන දැනීම "මොළෙන්" හදලා දෙන හින්දා 😉
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    අනික ආයේම මොළේ තියෙනවා කියලා තෝරලා දෙන්නේ වැදුන දැනීම "මොළෙන්" හදලා දෙන හින්දා
    සිහිය නැතිවුණාම ඔය මොකුත් හදලා දෙන්නෑ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    එයාම කියනවා එයා මොළ කපලා පරීක්ෂණ කරනවා ඒත් ... කියලා
    අනික ආයේම මොළේ තියෙනවා කියලා තෝරලා දෙන්නේ වැදුන දැනීම "මොළෙන්" හදලා දෙන හින්දා 😉

    ගංජා පාරක් ගැහුවමත් ඔහොම හිතෙනවා 😂
     

    nipund

    Well-known member
  • May 17, 2007
    856
    1,186
    93
    ගංජා පාරක් ගැහුවමත් ඔහොම හිතෙනවා 😂
    Intelligent අය කොමත් හදේ ඉන්න ගතියත් තියෙනවා ගංජා නැති උනත්

    intense mental state often associated with deep thinking, creativity, and problem-solving can mimic the psychological effects of a natural euphoria. Gemini
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    Intelligent අය කොමත් හදේ ඉන්න ගතියත් තියෙනවා ගංජා නැති උනත්

    intense mental state often associated with deep thinking, creativity, and problem-solving can mimic the psychological effects of a natural euphoria. Gemini

    තමන්ට මොළේ තියෙනවා කියලා ඔප්පු කරගන්නත් Gemini ගෙන් අහන්න උනාද බං 😂
     

    nipund

    Well-known member
  • May 17, 2007
    856
    1,186
    93
    සිහිය නැතිවුණාම ඔය මොකුත් හදලා දෙන්නෑ
    තද නින්දේ වගේ?

    තද නින්ද එහෙම science වලින් කතා කරන්න අමාරුයි. මොකද අපි නින්ද ගැන කතා කරන්නේ වෙන කෙනෙක් නිදා ගන්නවා දැකලා මාත් මෙහෙමයි නිදා ගන්නේ කියලා අරගෙන.
    මං නිදා ගන්න එකේ අත්දැකීම මට නෑ.
    මගේ නින්ද මගේ senses වලට ගෝචර නෑ.
    නින්ද ගියා, ඇහැරුනා දෙක විතරයි අපි දන්නේ.
    දාර්ශනිකව ගත්තොත්
    එතැන අපිට තේරෙන "මම" නෑ. ඒ හින්දා හදලා දෙන කොටස පේන්නේ නෑ.

    තමන්ට මොළේ තියෙනවා කියලා ඔප්පු කරගන්නත් Gemini ගෙන් අහන්න උනාද බං 😂
    මොළේ තියෙනවා කියලා ඔප්පු කරන්න 🤔
    සම්බන්ධයක් නෑ නේද කතා දෙකේ?
    ගංජා ගැහැව්වා ම හිතෙන එක තමා Gemini ගෙන අහලා තියෙන්නේ . එකත් intelligent අය ඇයි ගංජා ගහලා වගේ ඉන්නේ කියන එක. Known physiological effect.
    ගංජා effect එක ගියාම කතා කරමු 🙂

    ------ Post added on Nov 2, 2026 at 1:50 PM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    මං නිදා ගන්න එකේ අත්දැකීම මට නෑ. මගේ නින්ද මගේ senses වලට ගෝචර නෑ.
    ඉතින් ගෝචර නැත්තෙ ඒ වෙලාවට සිහිය නැති හින්දනෙ
     

    nipund

    Well-known member
  • May 17, 2007
    856
    1,186
    93
    ඉතින් ගෝචර නැත්තෙ ඒ වෙලාවට සිහිය නැති හින්දනෙ
    ඒක එහෙමම කියන්න අමාරුයි,
    සිහිය කියන්නේ මොකද්ද කියලා හැමෝම පිලිගත්ත මතයක් නෑ. ඒ ඒ research එක අනුව නිර්වචනය වෙනස් වෙනවා. අපි දෙන්නා සිහිය කියන්නෙත් වෙනස් අර්ථ වෙන්න පුළුවන්.
    මට අනුව
    100% සිහිය නැති නම් සිහිය ගන්න බැරි වෙන්න ඕන. නැගිටිවන්න පුළුවන් වෙන්නේ ම senses වැඩ හින්දා නේ..
    තද නින්දේ ඉන්න කෙනෙක් හොලවලා නම කියලා ඇහැරවන්න පුළුවන් නේ.
    ගෝචර නෑ කිව්වේ මට තේරෙන මට.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    තද නින්දේ ඉන්න කෙනෙක් හොලවලා නම කියලා ඇහැරවන්න පුළුවන් නේ.
    සිහිය නැති එකයි මැරුණ එකයි දෙකක්නෙ බන්
     

    nipund

    Well-known member
  • May 17, 2007
    856
    1,186
    93
    සිහිය නැති එකයි මැරුණ එකයි දෙකක්නෙ බන්
    ඒක තමා කියලා තියෙන්නේ. ගෝචර හින්දා තමා ඇහැරෙන්නේ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    ඒක තමා කියලා තියෙන්නේ. ගෝචර හින්දා තමා ඇහැරෙන්නේ
    ඇහැරුනාට පස්සෙනෙ ඉතින් ගෝචර වෙන්නෙ
     

    nipund

    Well-known member
  • May 17, 2007
    856
    1,186
    93
    ඇහැරුනාට පස්සෙනෙ ඉතින් ගෝචර වෙන්නෙ
    නෑ. ගෝචර වෙන හින්දා තමා ඇහැරෙන්නේ.
    Alarm එක ඇහිලා ඇහැරෙන්න බෑ alarm එක ගෝචර නැත්නම්.