එහෙම හොදම එක කියලා එකක් කියන්න බෑ. අනිත් එක ඕවා සන්සන්දනය කරන එකත් අමාරුයි. tv series වලින් මම කැමතිම එක x files. x files එකේ සුපිරි එපි තියෙනවා. x files එකේ standalone(monster of the week: motw) , main story arc(mythology) කියලා කොටස් දෙකක් විදියට යන්නෙ. ඔය motw එපි කලාව ප්‍රචලිත කළෙත් x files. ඕකේ ලස්සන එපි තියෙනවා, ගොඩක් ශානරවලට විහිදෙනවා. humour - bad blood. හෙන satisafying episodes තියෙනවා. හෙන ගුප්තයි. Herrenvol episode එකේ alien bounty hunter එද්දි මෝල්ඩර් එයාගේ නංගිව අරන් අර ජනපදෙන් දුවන කොට පුදුම අසරණ කමක් දැනෙන්නේ. closure episode එකේ තරම් හිතට සැනසීමක් ලැබෙන් එපියක් මම වෙන tv series එකකවත් බලලා නෑ. කෙසේවෙතත් මේකේ අන්තිමට අනාගන්නවා. මුන්ට තිබ්බෙ season 7 ඕක ඉවර කරල දාන්න තිබ්බේ. syndicate එකේ ගොඩක් උන් මැරුණාට පස්සේ කතාවේ main mythology එක ඉවර වුණා වගේ. ඊට පස්සෙ වෙන super soldiers ලගෙ වගෙ ගෙනැල්ලා ඇදගෙන ගියා. ඒත් ඒක සාර්ථක වුණේ නෑ. x files වල අසාර්ථකත්වයට ගොඩක් දේවල් බලපෑවා. David Duchovny අවසාන් කාලේ රගපාන එකෙන් අයින් වුණා එයාට වංචාවක් වුණා කියලා. තව acting difficulties, තව ඔය එක එක අනම් මන්මුත තියෙනවා chris carterට විරුද්ධව. anyway මම කැමතිම tv series එක.
game of thrones: මේකේ ගොඩක් අය අවසානෙට කැමති නෑ. danerys Targaryen මරපු එක නම් මම හිතන්නෙ necessary action එකක්. brandon starkට රජකම හම්බුණ එකනම් , මටත් හිතෙන්නෙ පොර තමයි රජකම හම්බවෙන්න හොදම dial එක එතන ඉතුරුවෙලා හිටපු අයගෙන්.
house of the dragon: මේකේ නම් season 4 එක බලන්නේ නැ කියලා මම හිතා ගත්තා. rhaenyra ට කෙළවෙයි කියල දන්න හින්දා.
breaking bad:සුපිරි කතාව මේක unique character tramsformation එකක් තියෙනවා. දඩ අමාරු තීරණ තියෙනවා(death of crazy 88, death of jane,...) , cause and effect(airplane crash) .ඒවුණාට ඕකේ season 4 ඉදන් 5 ට මාරු වෙද්දි හෙන walter white එක පාරම වෙනස් වෙනවා. ඒක නම් සෙට්ම නෑ. අවසානේත් ලොකු අවුලක් නෑ. neutral ending එකක් තියෙන්නේ.
spellbinder: මේක නම් ලොකු fan base එකක් නෑ. ඒ වුණාට ලස්ස්න කතාව. මේක පොඩි කාලෙ බැලුවේ. ඒ කාලෙ සමාන්තර ලෝක වගෙ ඒව ඔලුවට වැටෙන චූටි මොලේ පිරිල ඉතිරිල යනවා.
vikings: මේක නම් තාම ඉවර වෙනකල් බැලුවේ නෑ. ඇතේස්ටන් මැරෙනකම් විතරයි බැලුවේ. වෙන වැඩකට ඔලුව focus කරන්න ඕන හින්දා නැවැත්තුවා.
money heist: මේකේත් season 1 විතරයි බැලුවේ. උඩ හෙතුව හින්දා නතර කරා. මේක එකම සිද්දියේ variations යනකොට එපාවෙනවා.
merlin: මේකේ අවසානෙ මෙලෝ රහකට නෑ. ම'ලින්ටවත්, මායා ලොකයටවත් සාධාරණයක් නෑ. ඒ වුණාට හොද කතාව.
legend of the seeker: මේක නම් shape කතාවක්. මේක season 2 යි තියෙන්නේ. සල්ලි ප්‍රශ්න හින්දා නතර කරා. අපරාදේ නැත්තන් හොද කතාව.(cara is my crush. she is so adorable🫠)
stranger things: මේකේ season4 ට වෙනකල් විතරයි බැලුවේ. එකම තැන plot එක කැරකෙනවා වගෙ හින්දා එපාවෙනවා.
sherlock
------
Post added on Nov 4, 2026 at 9:27 PM