Codex Gigas හෙවත් යක්ෂයාගේ බයිබලය
ලෝකයේ තියෙන අද්භූතම, ඒ වගේම කුතුහලය පිරුණු ඓතිහාසික වස්තූන් ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි නමක් තමයි Codex Gigas කියන්නේ. ගොඩක් දෙනෙක් මේක හඳුන්වන්නේ "The Devil's Bible" එහෙමත් නැත්නම් "යක්ෂයාගේ බයිබලය" කියලා. මේක සාමාන්‍ය පොතක් නෙවෙයි. මධ්‍යතන යුගයෙන් අපිට හම්බවුණු විශාලම සහ බරින් වැඩිම අතින් ලියපු අත්පිටපත තමයි මේ.
පොතේ අභ්‍යන්තරය ගැන කතා කරන්න කලින් මේ පොතේ පෙනුම ගැන බලමු. මේක අපිට සාමාන්‍ය පොතක් වගේ අතට අරන්, ඇඳට වෙලා කියවන්න පුළුවන් එකක් නෙවෙයි. මේ පොතේ බර කිලෝග්‍රෑම් 75ක් (රාත්තල් 165ක්) විතර වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වැඩුණු මනුස්සයෙක්ගේ බරට වඩා වැඩියි! මේක එහා මෙහා කරන්න මිනිස්සු දෙන්නෙක්වත් ඕනේ.මේක දිගින් අඟල් 36ක් (සෙන්ටිමීටර 92ක්) සහ පළලින් අඟල් 20ක් විතර වෙනවා.මේ පොතේ පිටු හදලා තියෙන්නේ කඩදාසිවලින් නෙවෙයි, සත්ව හම්වලින්. ඉතිහාසඥයෝ කියන විදිහට මේ මුළු පොතම හදන්න කොටළුවන් හෝ එළුවන් 160 දෙනෙකුගේ විතර හම් පාවිච්චි කරලා තියෙනවා. මුලින්ම මේකේ පිටු 320ක් තිබුණත්, පස්සේ කාලෙක කවුරුහරි පිටු 8ක් ගලවලා ඉවත් කරලා තියෙනවා. ඒ පිටුවල මොනවා තිබුණද කියන එක අදටත් අභිරහසක්.ලෝකයේ තියෙන අද්භූතම, ඒ වගේම කුතුහලය පිරුණු ඓතිහාසික වස්තූන් ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි නමක් තමයි Codex Gigas කියන්නේ. ගොඩක් දෙනෙක් මේක හඳුන්වන්නේ "The Devil's Bible" එහෙමත් නැත්නම් "යක්ෂයාගේ බයිබලය" කියලා. මේක සාමාන්‍ය පොතක් නෙවෙයි. මධ්‍යතන යුගයෙන් අපිට හම්බවුණු විශාලම සහ බරින් වැඩිම අතින් ලියපු අත්පිටපත තමයි මේ.
පොතේ අභ්‍යන්තරය ගැන බලමු මේ පොතට "යක්ෂයාගේ බයිබලය" කියන නම හැදුණ කතාව සිද්ධ වෙන්නේ ක්‍රි.ව. 1230 විතර, වර්තමාන චෙක් ජනරජයට අයිති බොහීමියාවේ තිබුණු බෙනඩික්ටයින් ආරාමයකයි. එහි හිටපු "හර්මන්" (Herman the Recluse) කියන පූජකවරයෙක් ආරාමයේ නීති දරුණු ලෙස උල්ලංඝනය කිරීම නිසා ඔහුව පණපිටින් බිත්තියකට තියලා වසා තබා මරා දැමීමට නියම වුණා. තමන්ගේ ජීවිතය බේරාගන්න හර්මන් ආරාමයේ ප්‍රධානීන්ගෙන් අවසන් අවස්ථාවක් ඉල්ලුවා. ඔහු කිව්වා, "මම එකම එක රැයකින්, මුළු මහත් මිනිස් සංහතියටම වැදගත් වෙන, අපේ ආරාමයට සදාකාලික කීර්තියක් ගෙන දෙන ලෝකයේ ලොකුම පොත ලියලා ඉවර කරන්නම්" කියලා. ප්‍රධානීන් මේකට එකඟ වුණා.
හැබැයි වැඩේ බාර අරන් රෑ මැද හරිය වෙද්දී හර්මන් පූජකතුමාට තේරුණා මේක මිනිස් පුතෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියලා. තනිවම මේ වගේ දැවැන්ත පොතක් තබා, සාමාන්‍ය පොතක්වත් එක රැයකින් ලියන්න බැහැ. බලාපොරොත්තු සුන්වුණු හර්මන් දෙවියන්ට යාච්ඤා කරනවා වෙනුවට, තමන්ගේ උදව්වට "ලුසිෆර්" හෙවත් යක්ෂයාට යාච්ඤා කළා. යක්ෂයා මේ ඉල්ලීමට එකඟ වුණා, හැබැයි එක කොන්දේසියක් පිට. ඒ තමයි හර්මන්ගේ ආත්මය යක්ෂයාට අයිති විය යුතුයි කියන එක. හර්මන් ඒකට එකඟ වුණා. ඒ අනුව යක්ෂයා එක රැයකින් මුළු පොතම ලියලා අවසන් කළා. තමන්ට කරපු උදව්වට කෘතගුණ සැලකීමක් විදිහට හර්මන් මේ පොතේ එක පිටුවක යක්ෂයාගේ විශාල රූපයක් ඇන්දා කියලා තමයි ජනප්‍රවාදයේ තියෙන්නේ.
නම "යක්ෂයාගේ බයිබලය" වුණාට, මේ පොත ඇතුළේ තියෙන්නේ යක්ෂ පූජා සහ සාතන් අදහන ක්‍රම නෙවෙයි. ඇත්තටම කිව්වොත් මේක ඒ කාලේ හැටියට මුළු ලෝකයේම දැනුම එකතු කරලා හදපු "විශ්වකෝෂයක්" වගේ එකක්.
Vulgate බයිබලය ලෙස හැඳින්වෙන, ලතින් භාෂාවට පරිවර්තනය කරන ලද සම්පූර්ණ බයිබලය මෙහි ඇතුළත් වෙලා තියෙනවා.
(Flavius Josephus) කියන යුදෙව් ඉතිහාසඥයාගේ වාර්තා සහ බොහීමියාවේ ඉතිහාසය ඇතුළත් "Cosmas of Prague" වාර්තාත් මෙහි අඩංගුයි.
ඒ කාලේ පාවිච්චි කරපු විවිධ රෝග, තුවාල සුව කරන වෛද්‍ය උපදෙස් සහ ඖෂධ වර්ග ගැන ලියවුණු ලිපි මෙහි තියෙනවා.
උණ රෝග සුව කිරීමට, හොරුන් ඇල්ලීමට, හීනෙන් බය වීම සහ යක්ෂයින් පලවා හැරීමට (Exorcism) මන්ත්‍ර වර්ග කිහිපයකුත් මේකේ තියෙනවා.
ආරාමයේ හිටපු අයගේ මරණ සහ වැදගත් සිදුවීම් ඇතුළත් දින දර්ශනයකුත් මෙහි අඩංගුයි.
මේ පොතේ 290 වෙනි පිටුවේ තමයි හැමෝම කතාවෙන අඟල් 19ක් විතර උස විශාල යක්ෂයාගේ රූපය තියෙන්නේ. ඒ කාලේ වෙනත් කිසිම බයිබලයක මේ වගේ භයානක සහ පැහැදිලි යක්ෂ රූපයක් ඇඳලා තිබුණේ නැහැ. මේ රූපයේ ඉන්න යක්ෂයාට අං දෙකක්, කොළ පාට මුහුණක්, ලොකු නියපොතු සහ දිවවල් දෙකක් තියෙනවා. ඊලඟට ඒ පිටුවට එහාපැත්තෙ පිටුවේ දිව්‍යලෝකය නියෝජනය කරමින් ජෙරුසෙලමේ රූපයක් තියෙනවා. මේ යක්ෂයාගේ රූපය තියෙන පිටුව සහ ඊට එහා පැත්තේ තියෙන "දිව්‍යලෝකය" නිරූපණය කරන පිටුව විතරක්, පොතේ අනිත් පිටුවලට වඩා සෑහෙන්න අඳුරු පාටයි.
ගොඩක් අය විශ්වාස කළේ යක්ෂයා ඒ පිටුව මත සැරිසැරූ නිසා හෝ එහි ඇති ශාපය නිසා ඒ පිටු අඳුරු වෙලා කියලා.විද්‍යාඥයෝ මේ ගැන පරීක්ෂණ කරලා සැබෑ හේතුව හොයාගත්තා. ඒ තමයි මේ පොත වසර සිය ගණනක් තිස්සේ බලන්න ආපු හැමෝම ඇරලා බැලුවේ අර යක්ෂයා ඉන්න පිටුව විතරයි. ඒ නිසා ඒ පිටුව වැඩිපුර හිරු එළියට සහ වාතයට නිරාවරණය වීම නිසා එහි තිබුණු සත්ව හම් කාලයත් එක්ක අඳුරු පැහැයට හැරිලා තියෙනවා.නූතන ඉතිහාසඥයන් සහ අත්අකුරු විශේෂඥයන් (Graphologists) මේ පොත ගැන ඉතාම සූක්ෂ්ම පරීක්ෂණ පවත්වා තිබෙනවා. ඔවුන්ට අනුව මුළු පොතේම තියෙන අත්අකුරු රටාව, අකුරු ලියලා තියෙන විලාසය සහ පාවිච්චි කරපු තීන්ත වර්ගය (කෘමීන්ගෙන් හදපු තීන්ත වර්ගයක්) මුළුමනින්ම එක සමානයි. ඒ කියන්නේ මේ පොත ලියලා තියෙන්නේ කණ්ඩායමක් නෙවෙයි, එකම එක පුද්ගලයෙක් විතරයි. විද්‍යාඥයන් ගණන් බලා ඇති ආකාරයට, කෙනෙක් කිසිම විවේකයක් නැතුව දවසකට පැය 24 පුරාම ලිව්වත් මේක ලියන්න අවුරුදු 5ක්වත් යනවා. හැබැයි සාමාන්‍ය මනුස්සයෙක්ට එහෙම කරන්න බැහැනේ. දිනපතා යාච්ඤා කරමින්, ආරාමයේ වැඩකටයුතු කරන අතරතුර දිනකට පැය කිහිපයක් බැගින් ලිව්වා නම්, මේ මුළු පොතම ලියලා අවසන් කරන්න අවුරුදු 25ක් හෝ 30ක් විතර ගත වෙන්න ඕනේ මේකෙන් පැහැදිලි වෙන්නේ යක්ෂයා උදව් නොකලා නම් "හර්මන්" පූජකතුමා තමන්ගේ මුළු ජීවිත කාලයම කැප කරලා තමයි මේ වගේ දැවැන්ත කාර්යයක් කරලා තියෙන්නේ. මොකද මේක මනුස්සයෙක්ගෙ ජීවිත කාලයක වැඩක්.
මේ පොත ලියවුණු දවසේ ඉඳන් එක එක රජවරුන් සහ ආරාම අතර අතින් අතට මාරු වුණා. 16 වෙනි සියවසේදී අද්භූත සහ මායාකාරී දේවල් එකතු කරන්න පිස්සුවක් තිබුණු "රුඩොල්ෆ් II" (Rudolf II) කියන රෝම අධිරාජ්‍යයා මේ පොත තමන්ගේ මාලිගාවට ගත්තා. හැබැයි 1648 දී යුරෝපයේ සිද්ධ වුණු "තිස් අවුරුදු යුද්ධය" අවසානයේදී ස්වීඩන් හමුදාව ප්‍රාග් නුවර මාලිගාව වටලා එහි තිබුණු වටිනා වස්තූන් කොල්ලකෑවා. ඒ අතරතුර ඔවුන් මේ Codex Gigas පොතත් ස්වීඩනයට අරන් ගියා. 1697 දී ස්වීඩන් රාජකීය මාලිගාවේ ඇතිවුණු දරුණු ගින්නකින් මේ පොත බේරුණේ අනූ නවයෙන්. මාලිගාව ගිනිගනිද්දී රාජකීය පුස්තකාලයාධිපතිවරයා ඇතුළු පිරිස මේ පොත ජනේලයෙන් පිටතට විසි කරලා තියෙනවා.පොත ජනේලයෙන් පිටතට විසි කරන විට, එහි අධික බර නිසා එය වැටිල තියෙන්නෙ මාලිගාව පසෙකින් ගමන් කරමින් සිටි සාමාන්‍ය මිනිසෙකුගේ ඇඟ මතටයි. ඉන් එම පුද්ගලයා බරපතළ තුවාල ලැබූ බව ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා. එහිදී පොතේ බැම්ම කැඩී පිටු කිහිපයක් සුළඟේ පාවී ගිය අතර, ඉන් පිටු කිහිපයක් අදටත් අතුරුදහන් වී තිබෙනවා. අද වෙද්දී මේ වටිනා සහ අද්භූත Codex Gigas පොත ඉතාම සුරක්ෂිතව, විශේෂ උෂ්ණත්ව සහ ආලෝක තත්ත්ව යටතේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පිහිටි ස්වීඩන් ජාතික පුස්තකාලයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.
මෙම ග්‍රන්ථයේ යක්ෂයාගේ සිතුවම සහ මන්ත්‍ර ඇතුළත් කොටසට පසුපසින් තිබූ පිටු 10ක් පමණ ඉතා සූක්ෂ්ම ලෙස කපා ඉවත් කර ඇත. මෙම පිටුවල සැබවින්ම අඩංගු වූයේ කුමක්ද යන්න අදටත් රහසකි. සමහරුන් පවසන්නේ එහි බෙනඩික්ට් පාලන රීති (Rule of St. Benedict) අඩංගු වූ බවයි. නමුත් ගුප්ත විද්‍යා විශ්වාසකයින් පවසන්නේ එහි සැබෑ ලෙසම යක්ෂයා කැඳවන අතිශය භයානක මන්ත්‍ර (Dark Magic) තිබූ බැවින් පල්ලිය විසින් ඒවා විනාශ කරන්නට ඇති බවයි
https://www.kb.se/eng/the-codex-gigas/the-codex-gigas---devils-bible.html
https://www.manuscripta.se/ms/100500
Attachments
Last edited: