යක්ෂරාජයෝ...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,487
    102,758
    113
    සාමාන්‍යයෙන් බුදුසමයේ තුන් බෙදුම් විදිහට උතුරු බුදුසමය,දකුණු බුදුසමය සහ නැගෙනහිර බුදුසමය කියලා තුනක් තියෙනවා. ඔතනින් දකුණු බුදුසමය කියන්නේ අපේ ‍රටවල තියෙන ථේරවාදය,නැගෙනහිර බුදුසමය කියන්නෙ නැගෙනහිර ආසියාවේ ප්‍රමුඛ මහායානය. එතකොට උතුරු බුදුසමය කියන්නේ ඉන්දියාවේ උතුරුකරයෙන් උඩට පැතිරුණු වජ්‍රායනය.

    වජ්‍රායනයේ ඉන්න විවිධ බෝධිසත්ත්වවරු,ධර්මපාලයෝ අතරේ ඉන්නවා විශේෂ බෝධිසත්ත්වවරියක් මහාමයුරිය කියලා. පෙළකතා අනුව සහශ්‍ර ගණනාවකට කලින් පක්ෂීන්ගේ රජු වෙන ෆෙන්ග්හුවෙන් නොහොත් ෆිනික්ස් රජුට ඉපදෙන ළමයි දෙන්නා තමයි මහා රන් රාජාලි රජු පෙන්ග් සහ මහාමයුරිය. මහාමයුරිය කියන්නේ යෝධ සෙබඩක්.මිනිසුන් මත යැපුණු පක්ෂි අමනුෂ්‍යයෙක් වුණු මේ සෙබඩ බුදුහාමුදුරුවන්ගේ පෙර බෝධිසත්ත්ව භවයකදි එතුමව අනුභව කරනවා. ඒත් බෝධිසත්ත්වයෝ සමත් වෙනවා මහාමයුරිගේ බඩ කපාගෙන බේරිලා එලියට එන්න.ඊටපස්සේ මහාමයුරියව මරන්න බෝධිසත්ත්වයෝ සැරසෙනකොට දෙවිවරු මැදිහත් වෙලා ඒක වලක්වලා මහාමයුරියට ජීවිතදානය ලබාගන්නවා.ඉන්පස්සේ වෙන සමාදානවීමෙන් බෝධිසත්ත්වයෝ මතුභවවල මහාමයුරියට ඔහුගේ කැපකරු මව වෙන මෙන් ඉල්ලාසිටිනවා.ඔය මහාමයුරිය තමයි මහාමායා නමින් මිනිස් වෙසක් අරන් සිද්ධාර්ථට උපත දුන්නේ කියලත් මහාමයුරිය සම්බන්ධ විශ්වාස අතරේ තියෙනවා.

    මහාමයුරියගේ කතාවක් ඇදලා ගත්තේ ඔය වජ්‍රායනයෙ පංචරක්ෂා කියලා හඳුන්වන ආරක්ෂක සූත්‍ර කියලා සලකන්න පුලුවන් සූත්‍ර අතරේ තියෙනවා ග්‍රහ අපල සත්ත්ව,කෘමි,සර්ප උවදුරුවලින් ආරක්ෂාවට කියන මහාමයුරි සූත්‍රය කියලා සූත්‍රයක්.මේක ඒවට විතරක් නෙවේ පුරාණ,මධ්‍යකාලීන යුග අතරේ සංක්‍රාන්තික අවධියක ඉන්දියානු කලාපයේ ජනාවාස ගැන තේරුම් ගන්නත්,ඒ ප්‍රදේශවල යක්ෂ වන්දනාව සිදුවුණු ආකාරය ගැනත් අදහසක් ගන්න වටින මූලාශ්‍රයක්.ඕක ඇතුලේ යක්ෂයෝ 100කට ආසන්න ගාණකගේ නම් සහ ඔවුන් අරක්ගත් භූමි ගැන කියවෙනවා.

    මහාමයුරියේ කියන විදිහට තම්බපන්නියට අරක් අරන් ඉන්න යක්ෂයා වෙන්නේ විභීෂණ, ඒත් ලංකා භූමියට අරක්ගත්තු කලසෝධර නම් යක්ෂයෙකුත්,සිංහයට අරක් ගත් ධනේෂ්වර නම් යක්ෂයෙක් ගැනත් කියනවා.

    දැන් ඔතන ආතල් පාර්ට් එක සිංහ,ලංකා,තම්බපන්නි කියන තුනම අපේ රටට කියන නම් කියලා සැලකුවම අපේ රටේ ප්‍රධානව අරක් අරන් ඉන්න යක්ෂයෝ තුන්දෙනා තමයි ඔය තුන්දෙනා. ඒත් ඔතන කලසෝදර (කලයක් වගේ බඩක් ඇති) සහ ධනේෂ්වර නම් දෙක සැලකුවම මේ දෙකම එකම යක්ෂයාගේ නම් බව පේනවා.ඒ තමයි ධනයට අධිපති කුවේර.වෛශ්‍රවණ.වෙසමුණි.

    එතකොට විභීෂණ කියන්නේ රාවණාගේ සහෝදරයා.මහාමයුරිය සම්පාදනය වෙන කාලය ක්‍රි.ව 4 වෙනි සියවස ලෙස සලකන නිසා අපේ රටට විභීෂණ අරක් ගත්තු විශ්වාසය ඒ තරම් පරණ විය යුතුයි.ඒත් මේ විභීෂණ රාවණාගේ සහෝදරයා විභීෂණමද? මොකද අපේ ක්‍රි.ව 10 වෙනි සියවසේ වෙන සෙල්ලිපියක තිසා වැවේ හිටපු මිහිදු හිමි විසින් දමනය කරපු යක්ෂයාගේ නමත් විභීෂණ බව උපකල්පනය කෙරෙන බව කථන්දරේ මගේ රාමායණ පොඩ්කාස්ට්වලදි අහලා ඇති.

    කොහොමහරි වේවා, මේ සූත්‍රයේ විදිහට විෂ්ණු සහ කුමාර නොහොත් කතරගම දෙවියෝ පවා යක්ෂ නමින් නම්වෙනවා. විෂ්ණු අරක්ගත් භූමිය නම්වෙන්නෙ ද්වාරකාව. ඒ ක්‍රිෂ්ණාගේ නගරය. ද්වාරකා නොහොත් ද්වාරවතියට ලංකාවේ දෙවිනුවර පවා සමවෙන ඓතිහාසික සාහිත්‍ය සඳහන් තියෙනවා. එතකොට ඔය වස්කවියේ දෙවිනුවර උපුල්වන් ට යක්ෂරාජ කියන එකේ අව්ලකුත් නෑ මහාමයුරියේ විෂ්ණු යක්ෂයෙක් බව කියන එකේ.

    මහාමයුරියේ විදිහට වජ්‍රපානි යක්ෂයා බැල්ම හෙලන්නේ රජගහ නුවර ගිජ්ජකූට පව්වේ ඉඳන්. දැන් බෞද්ධ සූත්‍රවල විදිහට ඔය වජ්‍රපාණි වෙන්නේ ශක්‍රයාගේ ප්‍රචන්ඩ alter ego එක නේ. දැන් මහාමයුරියෙන් තේරවාදී ආටානාටියට ආවොත් ඒකේ ඉන්න යක්ෂ සෙන්පතිවරු අතරෙත් ඉන්ද්‍ර,ප්‍රජාපති,පජ්ජුන්න වගේ නම් එනවා.ප්‍රජාපති කියන්නේ අතීතයේ විෂ්ණුගේ මූල ස්වරූපයකටත් කියපු නමක්.ඉන්ද්‍ර කියන්නේ ශක්‍රයාගෙම මුල් වර්ෂන් එක බව කියන්න පැහැදිලි සමානකම් තියෙනවා.ඒත් මේ යක් සෙන්පතිලා ඉන්නේ සතරවරම් දෙවිවරු යටතේ.සතරවරම් දෙවිවරු ඉන්නේ ආයෙ ශක්‍රයා යටතේ.මේ හයිරාකිය ටිකක් පැටලිලි සහගතයි.නැත්තන් ඉන්ද්‍ර නමින් තව යක්ෂ ඇදහීමක් තිබිලා වෙන්න පුලුවන්.

    ඔය බෞද්ධ සාහිත්‍යයේ එන කෝකනදාගේ තාත්තා වෙන වස්සවලාහක රජු වෙන පජ්ජුන්න කියන්නේ වෛදික පර්ජන්‍ය දෙවියොන්ගේ බෞද්ධකරණය වුණු වර්ෂන් එක.පර්ජන්‍ය කියන්නේ එක වෙලාවකට ආකාශ කුළු ගවයෙක්ට සමාන වෙන දෙවියෙක්.මේ කුළු ගවරූපියාගේ පිඹීම තමයි මේඝ ඝර්ජනාව වගේ ඇහෙන්නේ.

    අපේ කලාපයේ "යක්ෂ" වගේම "අසුර" යන වචනයත් මෙන්න මේ වගේ පැටලුම් සහගතයි.පැහැදිලි බෙදුම් රේඛාවක් පෙන්නන්න අමාරුයි.කාලයත් එක්ක හොඳ නරක විදිහට බෙදාගත්තට යක්ෂ කියන්නේ පොදුවේ කලාපයේ මුලින්ම වන්දනාවට ලක්වුණු සියලු අමනුෂ්‍යයන් පොදුවේ හඳුන්වා ගත් පදයක් විය යුතුයි.

    මේක පිළිවෙලට ලියපු නැති චීස්කොත්තු හෑල්ලක්.ලිව්වේ කම්මැලිකමටයි වෝල් එකේ හිස්කමටයි මේ දවස්වල නිතරම මේ උදවියේ නම් AI සින්දු අස්සෙන් ඇහෙන නිසයි.

    #සෙනිකනූඩ්ල්ස්


    ------ Post added on Oct 21, 2026 at 10:57 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,555
    1,352
    113
    United States
    තම්බපන්නියට අරක්ගත්තෙ විභීෂණ කියන එකයි, තිසා වැවේ යක්ෂයත් විභීෂණමයි කියන කතාවයි එකට දැම්මම නම් ටිකක් හිතන්න වෙනවා. එකම නමින් දෙන්නෙක්ද, නැත්නම් එකම කෙනා හැමතැනමද?