දිවයින පුරා අද (06) පස්වරුවේ දැඩි වර්ෂාපතනයක් පතිත වූ බව කාලගුණ දත්ත වාර්තා පවසයි.
ඉන් කොළඹ සහ තදාසන්න ප්රදේශ කිහිපයක් ජලයෙන් යට වූ අතර ගමනාගමනයට බාධා එල්ලවිය.
ඒ අනුව කොල්ලුපිටිය සිට ගාලු පාර ප්රදේශ මෙන්ම බොරැල්ල, මරදාන සහ ආමර් වීදිය ඇතුළු කොළඹ නගරයේ ප්රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ධාවනයට බාධා පැමිණ ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම නාවලපිටිය නගරය ද ජලයෙන් යට වී ඇති අතර එහිදී නාවලපිටිය බස්නැවතුම්පොළ, ඇතුළු නාවලපිටිය - නුවර ප්රධාන මාර්ගය, නාවලපිටිය නගරසේ සිට කිලෝමීටරයක පමණ ප්රදේශයක් ජලයෙන් යටවී ඇති බවද සඳහන් වේ.
තවද අධිවේගී මාර්ග පිවිසුම් අසල ද දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.
පවතින තත්ත්වය හේතුවෙන් හැකි සෑම විටම ප්රවේශම් වන ලෙසත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර අධික වැසි හමුවේ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේද හදිසි බිඳ වැටීමක් සිදුව ඇත.
https://sinhala.adaderana.lk/news/254264