අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නිවාසයකදී අපේ සහෝදර වෛද්‍යවරියක් අමානුෂික විදිහට දූෂණයට ලක් වුණා ඔබට මතක ඇති. ඒ තුච්ඡ ක්‍රියාව කළේ හමුදාවෙන් පැන ආපු පුද්ගලයෙක්.
ඒ සිදුවීමෙන් පස්සේ වෛද්‍යවරු විදිහට අපි පාරට බැහැලා ඒකට විරුද්ධව දැවැන්ත විරෝධතා දැක්වුවා.
හැබැයි එදා සමාජයේ සමහර පිරිස් මොකද කළේ? ඒ අසරණ වුණ කාන්තාව වෙනුවෙන් පෙනී ඉන්නවා වෙනුවට, "ඕක රේප් එකක් නෙවෙයි, කැමැත්තෙන් වෙච්ච දෙයක්" වගේ කතා කියමින් වින්දිතයාටම ගල් ගැහුවා. සමහර YouTube කරුවන් සැකකරුගේ ගුණ වැයුවා.
වෛද්‍යවරුන් එක්ක තියෙන තරහකට, වෛද්‍ය විරෝධයට මුවා වෙලා කාමාතුරයෙක්ව සුද්ධ කරන්න, ඔහුව සාධාරණීකරණය කරන්න තරම් සමහරුන්ගේ මානසිකත්වය පිරිහිලා තිබුණා.
ඔන්න දැන් ඒකේ ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා.
අදාළ සිදුවීමේ සැකකරුට පස්සේ කාලෙක ඇප ලැබුණා. ආරංචි වෙන විදිහට ඊයේ දවසේ ඇප මත ඉන්න මේ සැකකාරයා තවත් නිවසකට පැනලා තියෙනවා. ඒ වෙලාවෙත් ඒ ගෙදර කාන්තාවක් තනියමයි ඉඳලා තියෙන්නේ. මේ වන විට ඔහු ගල්නෑව පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා.
අද මම මේ සටහන තියන්නේ සමාජයට එක දෙයක් මතක් කරන්න.
කවදාවත් යම් වෘත්තියක් එක්ක තියෙන තරහකට හෝ වෙනත් පටු අරමුණක් වෙනුවෙන් කාමාතුරයන්ව, අපරාධකාරයන්ව සාධාරණීකරණය කරන්න එපා. උන් වෙනුවෙන් වක්‍රාකාරව හෝ පෙනී ඉන්න එපා. "ඒක ඒ ගෑනු කෙනාගේ වැරැද්ද", "ඇඳුමේ වැරැද්ද", "කැමැත්තෙන් වෙච්ච දෙයක්" වගේ දේවල් කියලා අපරාධකාරයන්ට සමාජයේ හැංගෙන්න ඉඩ හදලා දෙන්න එපා.
එදා ඒ වෛද්‍යවරියට සිද්ධ වුණේ අසාධාරණයක් කියලා සමාජයක් විදිහට එක හඬින් නැගී හිටියා නම්, අද මේ කාමාතුරයන්ට මෙහෙම නිදැල්ලේ ඉන්න බැහැ.
මතක තියාගන්න, අද ඔබ කාමාතුරයෙක් වෙනුවෙන් පෙනී හිටියොත්, ඔහුට සුදු හුණු ගෑවොත්... හෙට දවසේ ඒ අනතුර එන්නේ ඔබේම දියණියට, ඔබේම සහෝදරියට, එහෙමත් නැත්නම් ඔබේ බිරිඳට වෙන්න පුළුවන්. එදාට කෑගහලා වැඩක් නැති වෙයි. සමාජයක් විදිහට අපි වින්දිතයන් වෙනුවෙන් පෙනී හිටිමු.
Copied