ලෝකෙන් එකම සහ එකම, අනු කනු සහ ඉතිරීම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,565
    14,669
    113
    පෘථිවිය
    උඹල හිතන විදිහට ජනාධිපති කෙනෙක් විදිහට හරි අගමැති කෙනෙක් විදිහට හරි ලෝකයේ පත්වුණු අය හිටියනේ, ඉන්නවනේ

    ඒ පත්වුණු අයගෙන් කීදෙනෙක්, පත් වෙලා අවුරුද්දක් ගියාම හෝ දෙකක් ගියාම තමන්ගේ රට වටේ රැස්වීම් තිය තියා ගිහින් තියෙනවද?

    හරි එහෙම අය හිටියා කියමුකෝ, එතකොට ඒ රැස්වීම් වල පරණ අයට බැන බැන ඔපාදුපා කියාගෙන ගිහින් තියෙනවද? එහෙම යනවද?

    උඹල හිතන විදිහට කවුද මෙහෙම කරලා තියෙන්නේ? කරන්නේ?

    අපිට ආඩම්බරයි
    ඔව් කියන්න සතුටුයි!

    වෙන කවුරුවත් නොවේ, අපේ එකම තඹුත්තේගම සිංහයා.
    දිවියා, කොවුලා, වව්ලා, පඹයා, කබරයා නෙමේ සිංහයා


    HWuMfl9XgAAMX7h
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,484
    1
    20,621
    113
    35
    Spain

    ලොකුම අර්බුද දෙකක් ආව බන් ඔය කාලේ. ඔය මනුස්සය එක්ස්පීරියන්ස් මදි එහෙම එකක් හැන්ඩ්ල් කරන්න. එකට කොටා. උසස්පෙළ කරන කාලේ ඉඳලම දේශපාලනය. චන්ද්‍රිකා ආණ්ඩු කාලේ ඉඳල ඇමති. අවුරුදු 20 වැඩිය පාර්ලිමේන්තු මන්ත්‍රී. එත් දැන් බලපන් කොහොමද කියල. අපේ නම් බඩ දඟලනවා මුන්ගේ පජාත ඌරු වැඩ දැකල.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,920
    6,028
    113

    එක වෙනම එකක් නේ බන්. ජනාධිපති කොහේ හරි දුරකට ගිහින් ගමේ ප්‍රශ්න වලට විසදුම් දුන්නා. ඒ කියන්නේ ඉතින් මුළු දිස්ත්‍රික්කයේ ම වැඩ එතනදි කරගන්නවා. මේක මේ සල්ලි නාස්ති කරන් බොරු කියනවානේ. අනික අරන් ගෝඨා ජනාධිපති වෙච්ච ගමන් වගේ පටන් ගත්තේ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,565
    14,669
    113
    පෘථිවිය

    මේක මම හිතන්නේ, ගමෙන් ගමට ගිහින් ප්‍රශ්න අහල උත්තර හොයල දෙන්න කරපු දෙයක්.
    මේ මනුස්සයා ගමින් ගමට ගිහින් කලින් ආණ්ඩුවලට බැන බැන ගියේ නැහැ මම හිතන්නේ
    මේ මනුස්සයා එක්ක හිටපු විද්වත් සෙට් එක තමයි දැන් මාලිමා එකට උපදෙස් දෙන්නේ හැරිණි එක්ක
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,106
    11,933
    113
    හඳට කිට්ටුව
    ලොකුම අර්බුද දෙකක් ආව බන් ඔය කාලේ. ඔය මනුස්සය එක්ස්පීරියන්ස් මදි එහෙම එකක් හැන්ඩ්ල් කරන්න. එකට කොටා. උසස්පෙළ කරන කාලේ ඉඳලම දේශපාලනය. චන්ද්‍රිකා ආණ්ඩු කාලේ ඉඳල ඇමති. අවුරුදු 20 වැඩිය පාර්ලිමේන්තු මන්ත්‍රී. එත් දැන් බලපන් කොහොමද කියල. අපේ නම් බඩ දඟලනවා මුන්ගේ පජාත ඌරු වැඩ දැකල.

    හරි දැන් ලප කොටා මේ රටට හරියන්නේ නෑම කියමුකෝ.
    දැන් කවුද එතකොට හරියන්නේ?
    නාමල්ද? සජිත්ද?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,565
    14,669
    113
    පෘථිවිය
    හරි දැන් ලප කොටා මේ රටට හරියන්නේ නෑම කියමුකෝ.
    දැන් කවුද එතකොට හරියන්නේ?
    නාමල්ද? සජිත්ද?
    නෝටි කොල්ලා
    ඇයි අපිට සිරිසේන ඉන්නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,484
    1
    20,621
    113
    35
    Spain
    හරි දැන් ලප කොටා මේ රටට හරියන්නේ නෑම කියමුකෝ.
    දැන් කවුද එතකොට හරියන්නේ?
    නාමල්ද? සජිත්ද?
    ඔය දෙන්නම හරි නෑ බන්. වැඩ පෙන්නලා නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,069
    26,972
    113
    Fantasy
    ලොකුම අර්බුද දෙකක් ආව බන් ඔය කාලේ. ඔය මනුස්සය එක්ස්පීරියන්ස් මදි එහෙම එකක් හැන්ඩ්ල් කරන්න. එකට කොටා. උසස්පෙළ කරන කාලේ ඉඳලම දේශපාලනය. චන්ද්‍රිකා ආණ්ඩු කාලේ ඉඳල ඇමති. අවුරුදු 20 වැඩිය පාර්ලිමේන්තු මන්ත්‍රී. එත් දැන් බලපන් කොහොමද කියල. අපේ නම් බඩ දඟලනවා මුන්ගේ පජාත ඌරු වැඩ දැකල.
    එක්ස්පීරින්ස් මදිකමටත් වඩා ඇමති මන්ඩලේ උනත් ගෝටාබය කියන දෙයට වඩා මහින්ද කියපු දේනේ කාරේ. ගෝටා මහින්දගෙ නියෝජිතයා විතරයි
     
    • Sad
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,683
    113
    United States
    අන්න ෆොටෝ එකේ ඉන්න ට්‍රම්ප් තමයි බන්, එයත් ඇමරිකාවෙ රැස්වීම් වල පරණ අයට බණිනවා, ඒ නිසා ලෝකෙන් එකම කෙනා කියන එක වැරදියි.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,106
    11,933
    113
    හඳට කිට්ටුව
    අප්පට සික් නෙමේ අප්පට සිරා
    පොරගේ කාලේ තමයි ලංකාව හොඳටම කරේ
    රනිල් + සිරිසේන දෙන්නම ද කොහෙද කොරේ

    • ආර්ථික වර්ධන වේගය මන්දගාමී වීම: ඔවුන්ගේ පාලන කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධන වේගය 2015 දී 5% පමණ සිට 2018 වන විට 2.3% දක්වා ක්‍රමයෙන් පහත වැටුණි.
    • විදේශ ණය බර වැඩිවීම: ණය ගෙවීම් සඳහා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) මත දැඩි ලෙස යැපීම නිසා අධික පොලී අනුපාත යටතේ ගෙවිය යුතු බාහිර ණය ප්‍රමාණය ඉහළ ගියේය.
    • මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ මතභේදය (2015): ආණ්ඩුවේ ආරම්භක කාලයේ ඇති වූ බැඳුම්කර නිකුත් කිරීමේ සිදුවීම හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රතිරූපයට සහ මහජන විශ්වාසයට දැඩි හානි සිදු විය.
    • දේශපාලන අස්ථාවරභාවය (2018 වසරේ දින 52 අර්බුදය): ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර ඇති වූ දේශපාලන මතභේද හේතුවෙන් රජයේ ක්‍රියාකාරීත්වය අඩපණ වූ අතර, රටේ ආර්ථික ශ්‍රේණිගත කිරීම් ද පහත වැටුණි.
    • පාස්කු ඉරිදා ප්‍රහාරය (2019): බුද්ධි අංශ අසමත් වීම් සහ පාලන තන්ත්‍රයේ පැවති දුර්වලතා නිසා 2019 අප්‍රේල් මස සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තය ඇතුළු සමස්ත ආර්ථිකය දැඩි කඩාවැටීමකට ලක්විය.