බඩු දෙකේ කතාව

lilman

Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo


    ලංකාව වගේ ගතානුගතික රටකට කඩාපාත් වුන ලොකුම හෙණය තමා ඉස්කෝලේ කාලයේ මිනිස්සුන්ගෙන් අවධානයක් නොලබා පස්සෙ කාලයක් තිස්සෙ බටහිර රටකට වෙලා හොටෙල් වල පිඟන් හෝදලා,ටොයිලට් සුද්ද කරලා හිඟන්නො වගේ ජීවත් උන සමහර ගෑණු ආයෙමත් ලංකාවට ඇවිල්ලා උන් එහෙන් මෙහෙන් ඉගෙන ගත්ත මෙලෝ වැඩකට නැති පොශ් මිත්‍යාමත සහ රැඩිකල් ලිබරල් අදහස් ලංකාවේ ව්‍යාප්ත කරන එක.ඊටත් වඩා භයානකයි උන් ලංකාවට ආපු ගමන් life coach ලා වෙලා ලංකාවේ සමාජය ගොඩනගන්න හදන එක. ( මෙතන මම රස්සාවක් පහත් කරලා නෑ. හඳ පෙන්නුවාම ඇගිල්ල බලන්න තරම් නූගතෙක් නොවන්න )

    එහෙම ආපු දෙන්නෙක් තමා මේ ෆොටො දෙකෙ ඉන්න ලෝකය තැටියක් කියලා කියන ක්‍රිස්ටල් සහ සකල විද්‍යා සක්විති දොස්තර පතංජලී කියන දෙන්නා. මේ දෙන්නාගෙම මූණවල් වල ලාවට සමානකමක් තියෙනවා. දුරින් නෑදෑයො වෙන්නත් පුලුවන්. හැබැයි ඒ කෙසෙවෙතත් දෙන්නාටම එකම මානසික රෝඟවල් ටික තියෙන්නෙ.

    මේ ක්‍රිස්ටල් කියන්නෙ ඇමරිකාවේ සුද්දෙක්ව බැඳගෙන,ඇමරිකාවේ ඉන්න බැහැයි කියලා ලංකාවට ඇවිල්ලා ලංකාව ඇමරිකාව වගේ ලෙඩ්ඩු ඉන්න ට්‍රැක්ලන්තයක් කරන්න හදන කෙනෙක්.ක්‍රිස්ටල් ගේ සුදු මහත්තයාට ලංකාවේ රස්සාවක් කරන්න බෑ විදේශිකයෙක් නිසා.හොරෙන් රස්සාවක් කරනවා වෙන්නත් පුලුවන්. ඒ නිසා දෙන්නාගේ බඩ කට පුරවගන්න ක්‍රිස්ටල් කරන්නෙ ලංකාවේ ඉන්න 'ඉංග්‍රීසි කතා කරන පොශ් ගොබ්බයො' ටික එකතුකරගෙන එයාගෙම cult එකක් හදන එක.

    ඔය Cult එක කොච්චර සාර්ථකයි ද කියලා කිව්වොත්, ක්‍රිස්ටල් කිව්වොත් ලෝකය ගොම්බෙට්ටාකාරයි කියලා, අනුගාමිකයො ටික ඒකත් පිළිගනි යස අගේට.එච්චරටම උන්ව brainwash කරලා තියෙන්නෙ ක්‍රිස්ටල්.

    ක්‍රිස්ටල් කියන්නෙ දැඩි ක්‍රිස්තියානි භක්තිකයෙක්.හැබැයි කතෝලික සහ ක්‍රිස්තියානි සභා වලින් ලෝකය තැටියක් නෙමෙයි කියලා සනාථ කරත්,ක්‍රිස්ටල් ට අනුව ලෝකය තැටියක්. 2026 වගේ තාක්ශණය දියුණු අවුරුද්දක ජීවත්වෙන ගමන් තාමත් ලෝකය තැටියක් කියලා හිතන අවුරුදු තිහක විතර ගෑණියෙක් කියලා කියන්නෙ පට්ට personality එකක් තියෙන එකියක් නෙමෙයි.ඒකිට තියෙන්නෙ mental disorder එකක්.

    ඔය ලෝක තැටි cult එකට අමතරව කාලෙන් කාලෙට ක්‍රිස්ටල් එක එක fake beauty tips /pseudoscientific tips එහෙමත් එයාගේ ෆෑන්බේස් එකට ලබා දෙනවා.මේ මෑතකදී ක්‍රිස්ටල් එයාගේ ෆෑන්බේස් එකට කියලා දුන්නා මෙන්සස් ලේ මූණේ ගෑවාම ඇස්වහ දුරුවෙලා මූණ ලස්සන වෙනවා කියලා.

    මේ වගේ මළපෙරේත tips ගැන මිනිස්සු ප්‍රශ්න කරාම ක්‍රිස්ටල් කියන්නෙ " දෙවියන්වහන්සේ තමා මට මේවා කියලා දෙන්නෙ.මම ඒවා ලෝකයට කියලා දෙනවා " කියලා. ක්‍රිස්ටල් කියන විදිහට දෙයියො ඇවිල්ලා මෙන්සස් ලේ මූණේ ගාන්න කියලා කියනවා නම්,ඒ දෙයියො නෙමෙයි.අනිවා අර ධනරාජා වගේ කාම වි|කෘති මා|නසික ලෙ|ඩෙක්ගේ මළගිය ආත්මයක් වෙන්න ඕනේ.

    ඔය fake beauty tips දෙන ගමන් එක්කම ක්‍රිස්ටල් කරන්නෙ ලෝකෙ තියෙන හැම beauty brand එකකටම බනින එක.එහෙම බනින ගමන් ක්‍රිස්ටල් මොකද කරන්නෙ? ඒකි කරන්නෙ ගෙදරට වෙලා ක්‍රීම්,ඔයිල්,ශැම්පූ හදලා ඒවා ඒකිගේ ගොබ්බ cult එකට විකුණන එක.

    ඔන්න ඔහොමයි ඇමරිකාවේ වැලේ වැල් නැති උන නිසා හිඟන ඇමරිකන් සුද්දෙක්ව බැඳපු ක්‍රිස්ටල් ලංකාවේ ගොබ්බ හැත්තගේ මෝටිවේශනල් අම්මණ්ඩි උනේ.

    "මට දෙයියො කතාකරනවා...මට දෙයියන්ව පේනවා" කියලා මොකෙක් හරි කියනවා නම්,උන්ව follow නොකර උන්ව පිස්සං කොටුවකට දාන්න වගකීමක් අපි හැමෝටම තියෙනවා.ඔය ලෙඩේට කියන්නෙ schizophrenia කියලා.

    එතකොට මේ දවස් වල ආයෙමත් වෛරල් යන පතංජලී නෝනා ගැනත් අපි ටිකක් කතා කරමු.පතංජලීගේ පත කෙබර පටන් ගත්තෙ ක්‍රිස්ටල් ලංකාවට එන්නත් කලින්. පතංජලී තමා 2019 - 2023 වගේ කාලවකවානුවේ දි ලංකාවේ "පොශ් ගොබ්බයො" ටිකගේ රැඩිකල් දිරිය මාතාව.

    පතංජලී ඒ කාලේ වෛරල් ගියේ උන්දෑගේ ළමයින්ව ඉස්කෝලේ යවන්නෙ නැති නිසා.Home schooling ගැන මට ප්‍රශ්නයක් නෑ.මොකද මාත් කාලයක් homeschooling කරපු එකෙක්.හැබැයි මම homeschooling කරාට මට ඉගැන්නුවේ සුදුසුකම් තියෙන ගුරුවරු ගෙදරට ඇවිල්ලා මිස අපේ අම්මා අප්පලා නෙමෙයි. ඒක තමා හරි ක්‍රමය. හැබැයි පතංජලී කරේ ඒකෙ අනික් පැත්ත.ඒකෙ විපාක ටික පතංජලීගේ ළමයි දිහා බැලුවම හිතාගන්න පුලුවන්.

    පතංජලී ගේ ඊලග නාඩගම තමා ලංකාවේ පලවෙනි ට්‍රැක් ඉස්කෝලය හදපු එක.ඔන්න ඔය ඉස්කෝලේ ළමයින් සාමාන්‍යයෙන් ළමයින් ඉගෙන ගන්න විශයන් ඉගෙන ගත්තෙ නෑ.උන්ට තිබ්බෙ අමුතු රැඩිකල් විශයන් ටිකක්. ඕකේ හොඳම කාරණය මොකද්ද දන්නවාද?

    ඔය ඉස්කෝලේ ඉගැන්නුවා ලංකාවේ හැමෝම වගේ බනින කලු තඩි කොලුකාරයෙක්. ඔය කොලුකාරයා ළමයින්ගේ අහලකවත් තියන්න සුදුසු කෙනෙක් නෙමෙයි බව දන්නො දනිති.පෞද්ගලික ජීවිත ගූ ගොඩක් කරගත්ත කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති ඩස්පියෙක්ව පතංජලී තමන්ගේ ඉස්කෝලේ ගුරුවරයෙක් විදිහට බඳවගත්තෙ කොහොමද කියන එක බරපතල ප්‍රශ්නයක්.

    හැබැයි දැන් ඔය ඉස්කෝලේ වැහිලාද කොහෙද.ඕනෑවට වඩා රැඩිකල් ලිබ්බො වෙන්න ගියාම වැලේ වැල් නැතිවෙනවා.

    ඔය වගේ විකාර වැඩ පතංජලීගේ ඕනේ තරම් තියෙනවා.පතංජලී ගේ දුව අඳින්නෙ සරම්.ඒකි ගහන්නෙ තම්මැට්ටං.හෙට අනිද්දා පුලුවන් නම් ඒකිව පිරිමි ඉස්කෝලෙටත් යවයි පතංජලී.කාටහරි හිතෙනවා නම් මේවා ළමයාට healthy childhood එකක් ලබා දෙන විස්කම් කියලා, අනිවා ගිහින් මොළේ චෙක් කරගන්න. ගතානුගතික අම්මලාගේ ළමයින්ට healthy childhood එකක් නෑ වගේම තමා මේ වගේ රැඩිකල් අම්මලාගේ ළමයින්ටත් healty childhood එකක් නෑ.

    ඔය ඇමරිකාවේ ඕනේ තරම් ඉන්නවා රැඩිකල් අම්මලා විසින් brainwash කරපු නිසා ජීවිතය විනාශ උන ළමයි.පොඩි කොල්ලොන්ට උන් කෙල්ලො කියලා ඔළුවට දාලා උන්ව කෙල්ලො වගේ උස්මහත් කරන අම්මලා සහ පොඩි කෙල්ලන්ව කොල්ලො වගේ හදන අම්මලා මේ ලෝකයේ ඕනේ තරම් ඉන්නවා.ඔය අම්මලා විසින් ඒ ළමයින්ව පොඩි කාලෙදිම trans කරන්න අවශ්‍ය නිසා සර්ජරී කරපු අවස්ථාත් තියෙනවා.ඒ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා ජීවිතය විනාශ කරගෙන පාරවල් ගාණේ වැටිලා ඉන්න අහිංසක ළමයි ඕනේ තරම් ඇමරිකාවේ ඉන්නවා.

    ඔන්න ඕකයි යථාර්ථය. ළමයින්ගෙ ලිංගිකත්වය කියන්නෙ එහෙම සෙල්ලම් කරන්න සුදුසු දේවල් නෙමෙයි.මනුස්සයෙක් සමලිංගික වෙන සාමාන්‍ය දෙයක්.හැබැයි මනුස්සයෙක්ට තමන්ගෙ උපන් ලිංගයට වඩා වෙනස් විදිහට දැනිලා තමන්ගේ උපන් ලිංගයට අකමැත්තක් ඇතිවෙනවා නම් ඒවා තනිකරම මානසික ලෙඩ.මම මෙතන කතා කරන්නෙ ට්‍රාන්ස් උන් ගැන හෝ ට්‍රාන්ස් වෙන එක ගැන නෙමෙයි.ඒ නිසා අනික් ලිබරල් ප්‍රෝගෙසිව් They/Them ලා ටික මෙතන යැයි යැයි ගාන්න එපා. කොහොමහරි, ලෙඩක් නැතුව බලෙන්ම ළමයින්ගේ ලිංගිකත්වය සහ ලිංගික අනන්‍යතාවය වෙනස් කරන්න හදන දෙමාපියන් විසින් කරන්නෙ එක්තරා ආකාරයක ළමා අපචාරයක්.

    පතංජලීගේ අනික් රැඩිකල් කෙබරය හෙවත් birth plan එක කියන්නෙත් තනිකරම ළමා අපචාරයක් මිස ළමයාට තියෙන ආදරයක් නෙමෙයි. ළමයා ඉපදුනාම ළමයාට pediatrician කෙනෙක් එපා, ළමයාව පිහිදාන්න එපා, ළමයාට අර බෙහෙත දෙන්න එපා,මේක කරන්න එපා, පෙකණි වැල කපන්න එපා කියලා පතංජලී කියන්නෙ මොන පදනමක් මත ද ?

    පතංජලී Birth Plan ගැන කියවන්න කලින් ලොකු ළමයාට බටහිර ජාන ආවේ කොහොමද කියලා පොඩ්ඩක් කිව්වා නම් වටිනවා.Birth Plan කරන්න කලින් තමන්ගේ පෙම්වතා හෝ ස්වාමියා එක්ක තියෙන Relationship එක හරියට plan කරේ නැති උනාම ඔහොම දේවල් වෙනවා.මේ වගේ මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිත කොහොමත් ඔය වගේ.

    පතංජලී වගේ ට්‍රැක් අම්මලා ඉන්නවා ඇමරිකාවේ ඕනේ තරම්. උන් පතංජලී වගේම ළමයාගේ පෙකණි වැල කපන්න දෙන්නෙ නෑ. උන් placenta (වැදෑමහ) එක පිටින්ම ළමයාව ගෙදර අරන් යනවා. ළමයා ගෙදර සතියක් තිස්සෙ ඉන්නවා වැදෑමහ යි පෙකණිවැලයි සම්බන්ධ කරගෙන. පින්තූර බලන්න ඕනේ අය ඉන්නවා නම් Lotus birth කියලා පොඩ්ඩක් ටික්ටොක් එකෙ search කරලා බලන්න.

    ටික කාලෙකින් පෙකනි වැල ඉබේටම කැඩුනාට පස්සෙ ඔය වැදෑමහ පෝශදායි ආහාරයක් කියලා උයලා කන අම්මලාත් ඉන්නවා ඇමරිකාවේ.හිතපන්කො මොන සක්කිලි වැඩක් ද කියලා ඒක.

    අනික් කාරණය තමා ඔය පතංජලී හෙනම කට්ටක් කනවා ඒකි හරි සිම්පල්,සරල සුගම සහ උගත් මනුස්සයෙක් කියලා පෙන්නන්න. පතංජලී තමන්ගේ ළමයින්ව ඉස්කෝලේ යවන්නෙ නැත්තෙත් ඒ නිසානේ.හැබැයි මෙන්න මේකයි අර්බුදය. පතංජලී ගේ ජීවිතේ ගැන උබලා දන්නෙ 5% යි. ඉතුරු 95% ගැන හොයාගන්න පතංජලී ගේ ගෙදරට ගියාම එහෙ තියෙනවා තඩි swimming pool එකක්. ඒ swimming pool එකෙ ෆොටො එකක්වත් පතංජලී social media වලට දාන්න දෙන්නෙ නෑ කාටවත්.ගෙදරට එන උන්වත් බෑ ඔය පූල් එකෙ ෆොටො එකක් ගන්න.ඇයි එතකොට පතංජලී මේ පූල් එක ලෝකයෙන් හංඟන්නෙ?

    හේතුව සරලයි.පූල් එකක් ගෙදර තියෙන මනුස්සයෙක් උන්ගේ ළමයින්‍ට ඉගැන්නුවත් එකයි නැතත් එකයි.කිසි වෙනසක් නෑ. හැබැයි පූල් එක පෙන්නගෙන පතංජලී ළමයින්ව ඉස්කොලේ යවන්න එපා කියලා කිව්වොත්,මිනිස්සු අනිවා ඔය කතාව කියන නිසා,පතංජලී කරන්නෙ තමන්ගේ luxury life එක සමාජයට නොදා,බයිසිකලේන් සහ බස් එකෙන් ගමන් කරන සරල මධ්‍යම පාන්තිකයෙ විදිහට පෙනි ඉන්න එක. ඒ එක්කම පතංජලී කරන්නෙ " උගත් දිරිය අම්මා" කෙනෙක්ගේ චරිතය රඟපාන ගමන් කළු කැත කොලුකාරයො උගන්වන,කිසිම ප්‍රමිතියක් නැති තමන්ගේ ඉස්කෝලේ ප්‍රමෝට් කරන එක.

    ඔන්න ඕක කතන්දරේ ඉතින්.

    මේ වගේ මළපෙරේත,ගොබ්බ මත ලංකාවට ව්‍යාප්ත කරන ක්‍රිස්ටල්,පතංජලී වගේ උන් අර කුක්කු දිලේකාටත් වඩා හපන් විසබීජ. මොකද,දිලේකා කියන්නෙ වැස්සියක් බව පොඩි එකෙක්ට උනත් කියන්න පුලුවන්.

    හැබැයි professional විදිහට fake/pseudoscientific claims ව්‍යාප්ත කරන උන්ව ලංකාව වගේ 65% ක් විතර නූගතුන් ඉන්න රටක මාට්ටු වෙන්නෙ නැති තරම්.මාට්ටු උනත් උන් විසින් හදාගත්ත cults උන්ව වැටෙන්න නොදි බේරගන්න පුලුවන් තරමටම ශක්තිමත් සහ ගොබ්බයි.

    බටහිර පවා ප්‍රතික්ශේප කරන රැඩිකල් ලිබරල් මානසික රෝගි මතවාද වලට survive වෙන්න හොඳම තැන තමා ලංකාව,පිලිපීනය වගේ තුන්වන ලෝකයෙ ගොබ්බ රටවල්.

    පව් ඉතින් මේ රටේ ඉපදෙන අනාගත ළමා පරපුර. උන් ඉපදෙන්නෙ මෙන්සස් ලේ බීපන් කිව්වත් උම්බෑ කියලා බොන වැඩිහිටියො ඉන්න රටක පුරවැසියො විදිහට !

    #ලෙමන්