ශ්‍රී ලංකන් එක දැන් දෙපාරක් භාණ්ඩාගරෙන් සල්ලි වෙන් කලා අපේ ආණ්ඩුවෙන්ම, මේ පාර බජට් එකෙනුත් ගානක් වෙන් කරලා ණය ටික භාණ්ඩාගාරෙට අරන්, ලොක්කා කතා කරලා ධම්මිකටම දුන්නනම් හරි! අනෙක ධම්මික සෑහෙන උදව් ටිකක් කරනවා රට ගොඩ දාන වැඩේටත්. පොහොසත් මිනිස්සුන්ට තමා රට උනත් පොහොසත් වෙන වැඩ පිලිවෙලට සහයක් දෙන්න පුළුවන්.! අපිත් අපේ රටේ දෙයක් නිසා ණය මුදල භාණ්ඩාගාරෙන් absorb කර ගන්න එකට එකඟ වෙන්න ඕනේ. හිඟන බයියොන්ට බෑ ඉතිං!
SriLankan අලාභය රු. බිලියන 35ක් දක්වා ඉහළට: තවමත් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් 13ක්
මුදල් අමාත්‍යාංශය විසින් එළිදක්වා ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව රජය සතු ව්‍යවසාය 53කින් ආයතන 13ක් වසරේ පළමු මාස 06 තුළදී අලාභ වාර්තා කර තිබේ.කෙසේ වුව ද ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර 51 මගින් 2025 වර්ෂයේ පළමු මාස හය තුළ වූ රුපියල් බිලියන 227.8ක සමස්ත ලාභයට සාපේක්ෂව 2026 වර්ෂයේ සමාන කාලපරිච්ඡේදය තුළ රුපියල් බිලියන 259.3ක සමස්ත ලාභයක් වාර්තා කරමින් වර්ධනය වූ කාර්යසාධනයක් වාර්තා කර ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
මුදල් අමාත්‍යාංශය විසින් එළිදක්වා ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ එම වාර්තාවට අනුව අලාභ වාර්තා කළ රජය සතු ප්‍රධාන ව්‍යවසාය මොනවා ද?
ශ්‍රීලන්කන් ගුවන් සමාගම
2026/27 මූල්‍ය වර්ෂයේ මුල් මාස තුන තුළ ශ්‍රීලන්කන් ගුවන් සේවය රුපියල් බිලියන 35.6ක බදු ගෙවීමට පෙර අලාභයක් වාර්තා කර ඇති බව එම වාර්තාව සඳහන්කර සිටියි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම මෙම වසරේ පළමු මාස 03 තුළදී සමාගම විසින් ඉදිරිපත් කළ විගණනය නොකළ කළමනාකරණ ගිණුම් වලට අනුව එම පරිච්ජේදය තුළ මුළු ආදායම රුපියල් බිලියන 82.8ක ආදායමක් උපයා ඇති බවත්, එය පෙර මූල්‍ය වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයේ රුපියල් බිලියන 62.6ක් වූ බවත් සඳහන් වේ.
කෙසේ වෙතත්, ගුවන් සමාගමේ වියදම 2025/26 පළමු මාස 03 තුළ රුපියල් බිලියන 67.8ක් වූ අතර 2026/27 මූල්‍ය වර්ෂයේ සමාන කාලය තුළදී එය රුපියල් බිලියන 95.2ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය 40.4%ක ඉහළ යාමකි.
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ වියදම් ඉහළ යාමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස ගුවන් යානා ඉන්ධන පිරිවැය ඉහළ යාම හඳුනාගෙන ඇති අතර මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවට අනුව, අදාළ කාලසීමාව තුළ ගුවන් යානා ඉන්ධන පිරිවැය සියයට 93කින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ඉන්ධන සඳහා දැරූ වියදම රුපියල් බිලියන 41.2ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ දැක්වේ.
අදාළ මාස 03ක කාලපරිච්ඡේදය තුළ මැදපෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ගුවන් සම්බන්ධතා කෙරෙහි බාධා ඇති වූ අතර ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් මැදපෙරදිග ගමනාන්ත කිහිපයක් වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ගුවන් අවකාශ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව නැවත ගුවන් ගමන් ආරම්භ කරන ලදී.
විශේෂයෙන් ම මැදපෙරදිග ගමනාන්ත, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ජාලය කෙරෙහි ඇති වැදගත්කම හේතුවෙන්, මෙම බාධාවීම් මගී හා භාණ්ඩ ප්‍රවාහන ආදායම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ බව පෙන්වා දී තිබේ.
ඒ අනුව විදේශීය විනිමය අනුපාත වෙනස්කම්වලට බලපෑමට පෙර අදාළ කාලපරිච්ජේදය තුළ ශ්‍රීලන්කන් ගුවන් සමාගම ආසන්න වශයෙන් රුපියල් බිලියන 12.5ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇත.
විදේශ විනිමය අනුපාතවල සිදුවූ වෙනස්වීම් සමාගමේ මූල්‍ය කාර්යසාධනය කෙරෙහි තවදුරටත් අහිතකර ලෙස බලපා ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව සමාගම් විසින් සමාලෝචිත කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 35.6ක බදු පෙර අලාභයක් වාර්තා කර ඇත. 2025/26 මූල්‍ය වර්ෂයේ සමාන කාලපරිච්ඡේදයේ වාර්තාකර ඇති ශුද්ධ අලාභය රුපියල් බිලියන 12ක් වේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා කේටරින් සමාගමේ වර්ධනය වූ රුපියල් බිලියන 3.4ක් ශුද්ධ ආදායම හේතුවෙන් ශ්‍රීලන්කන් සමාගමේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 32.2ක් දක්වා අඩුවී ඇත.
රජය භාරගත් ශ්‍රීලන්කන් ණය බර
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව ඉහළ ණය බරකින් යුක්ත බව මුදල් අමාත්‍යාංශ වාර්තාවෙන් පෙන්වා දෙයි.
2026 ජූනි මස අවසානය වන විට සමාගමේ මුළු වත්කම් රුපියල් බිලියන 209.9ක් වූ අතර, මුළු වගකීම් රුපියල් බිලියන 561.4ක් වේ. ඒ අනුව, ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් රු. බිලියන 351.5ක ඍණ හිමිකම් ප්‍රාග්ධනයක් වාර්තා කර තිබේ.
සැලකිය යුතු මෙහෙයුම් හිඟය, ඉහළ ඉන්ධන හා නඩත්තු පිරිවැය, විදේශ විනිමය අලාභ සහ මූල්‍ය පිරිවැය හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට සිය මෙහෙයුම් හා මූල්‍ය වගකීම් ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් අභ්‍යන්තර මුදල් ප්‍රවාහයක් ජනනය කිරීමට එම සමාගමට ඇති හැකියාව තවදුරටත් සීමා වී ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
ගුවන් සේවයේ මූල්‍ය තිරසාරභාවයට බලපාන ප්‍රධාන අභියෝග ලෙස ව්‍යුහාත්මක දුර්වලතා, ද්‍රවශීලතා සීමා, ඉහළ නඩත්තු වියදම් සහ සැලකිය යුතු ණය බැඳීම් ද අමාත්‍යාංශය හඳුනාගෙන තිබේ. මේ අතර රජය ජාතික ගුවන් සේවයට මූල්‍ය ආධාර සැපයීම දිගට ම කරගෙන ගොස් තිබේ.
2026 වර්ෂයේ පළමු මාස හය තුළ අදාළ ත්‍රෛපාර්ශවික ගිවිසුම් යටතේ ලංකා බැංකුව සහ මහජන බැංකුව විසින් ලබා දී ඇති තෝරාගත් ණය පහසුකම්වල පළමු හා දෙවන වාරික ගෙවීම් සඳහා රජය විසින් මූල්‍ය සහාය ලබා දෙන ලදී.
මීට අමතරව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක මුදලක් ලබාදෙන ලදී. තවද, ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක් රජය විසින් සහතික කරන ලද බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීමෙන් අනතුරුව, ප්‍රතිව්‍යූහගත කරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 126.5ක බැඳුම්කර 2026 මාර්තු 20 දින සිට බලපැවැත්වෙන පරිදි රජයේ ණය තොගයට ඇතුළත් කර තිබේ.
උපුටා ගැනීම BBC