අපේ රට ගැන බාලරාමායණයේ සඳහන් වෙන හැටි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,150
    104,134
    113
    රාවණගෙ පරාජයෙන් පස්සෙ පුෂ්පක යානයේ නැඟිලා ලංකා දූපතේ ඉඳලා නැවතත් අයෝධ්‍යාවට යන ශ්‍රී රාම ඇතුළු පිරිසට අපේ රට හෙවත් සිංහලය දකින්න ලැබෙනවා. රාමත් එක්ක හිටපු විභීෂණ අපේ රට මෙන්න මේ විදියට විස්තර කරනවා.

    “පශ්‍යස්ප්‍රෙ ජලධිපරිඛං
    මණ්ඩලං සිහලානං
    චිත්‍රොත්තත සණිමයභුවා
    රොහණෙනා චලේනා
    යෙධ චතුර සණ්ධන යදදූතාං
    ගා භාවති ගමිතං රත්නතාං දුක්තිගර්භඃ
    ජනශ්ච වාක්සුධාසුතිමණිසෘතිශ්වා රොහණඃ
    නාන්‍යත්‍ර න්‍යත්‍ර සිහලද්වොපාන්‍යුක්තාසුතිදච සාගරඃ”

    “සිංහලය නම් වූ
    මහා සයුරින් වටවූ
    කුමරි හිස පැළැන්ඳූ
    රුහුණෙ (සිරිපා) කඳු උස් ගැබට නැඟුනූ
    පොළොව සරු සාරයි
    මැණික් මුතුයෙන් භාරයි
    සුමුදු වදනින් යුත් සභාවයි
    සිංහලය මේ අලංකාරයි”

    මේ සිද්ධිය අඩංගු වෙන්නෙ මහාකවි රාජශේඛරගෙ බාලරාමායණයේ. ලියවෙන්නෙ ව්‍යා. ව. 4වන සියවසේදී (ශෂික ප්‍රසාද්). අපේ රටේ මහසෙන් රජතුමාගේ පාලන කාලය (ව්‍යා. ව. 273–301) අවසන් වෙලා ශ්‍රී දළදා වැඩමවන කීර්ති ශ්‍රී මේඝවර්ණ (ව්‍යා. ව. 301–328), දෙවන ජෙට්ඨතිස්ස (ව්‍යා. ව. 328–337), මහා වෛද්‍ය බුද්ධදාස (ව්‍යා. ව. 341–370), පළමු උපතිස්ස (ව්‍යා. ව. 370–412) වගේ රජවරු රජකම් කරන්නේ සිව්වන සියවසේදී. මේ අපේ රටේ සෞභාග්‍යමත්ම කාලසීමාවක්.
    මේ කාලයේදී අපේ රට සිංහලය වෙලා ලංකාපුරය වෙනම රටක් කියලා තමයි භාරතය තුළ පවා විශ්වාස කෙරුනේ. මේ රටේ භික්ෂූන්වහන්සේලා අතර දසරථ ජාතකය මිස වෙනත් රාමායණ කතාවක් මේ කාලයේදී පරිහරණය වුනා කියලත් හිතන්න අමාරුයි.

    ඉතින්, සමහරක් කතන්දර පිළිබඳ විශ්වාසය අහිමි වෙන සාධක ලැබුණු විට තවදුරටත් ඒ කරුණු ගැන විශ්වාසක් ඇති වෙන්නෑ. රාවණගේ ලංකාපුරය වනාහි සිංහලය බවට පසුකාලීනව ඇති වන මතවාදයත් එවැන්නක්. මේ මුල් විශ්වාසය පිළිබඳ සාධක තිබෙන නිසාම ශ්‍රී ලංකාව හෙවත් මේ ලේඛනයේ දැක්වෙන සිංහල මණ්ඩලය යනු ලංකාපුරය ලෙස පිළිගැනීමට හැකියාවක් ඇති වෙන්නෑ. ඉතිහාසය කියන්නේ ඉතිහාසයට. යමක් විශ්වාස කළ යුතු හෝ නොකළ යුතු ඒ වෙනුවෙන් සාක්ෂි හෝ තාර්කික පදනමක් පවතිනවා නම් පමණයි. එහෙම නැතුවත් යමක් විශ්වාස කරන්න මානව අයිතිවාසිකමක් තිබෙනවා. නමුත් ඒ අයිතිවාසිකම මත තවත් කෙනෙක්ට ඒ දෙය පිළිගන්න කියල බලකරන්න බෑ. වෙනත් කෙනෙක්ට අපිට දෙන්න පුළුවන් සාධක පමණයි. මේ ගිණුමෙන් ඔබට දෙන්නෙත් එපමණයි.

    ස්වර්ණ ඡත්‍ර නැංවූ රත් හිරියල් සටහනින් ගර්භය අලංකාර කර වූ අතිදැවැන්ත මහා ස්තූප ත්‍රිත්වය අනුරාධපුර අහස සිපගන්නේ මේ කාලයේදී. ඒ ස්වර්ණමාලි මහා සෑය, භයාගිරි තූපය සහ ජේතවන තූපය යන තූප අතුරින්, මහසෙන් ඉදිකරන දෙනානකය හෙවත් ජේතවනයට වඩා උස් ගොඩනැඟිලි වූයේ මිසරයේ මහා පිරමීඩ ද්විත්වයක් වන ගීසා සහ කෆ්‍රේ විතරයි. ශ්‍රී දළදා ස්වාමින්වහන්සේ ඇතුළු නුවර ධර්මචක්‍ර ගෘහයේ වැඩ සිටින්නේ මේ සමයේ සිටයි. වාර්ෂිකව අභයගිරියට උන්වහන්සේ වැඩමවා මුල්ම දළදා පෙරහර කිත්සිරි මෙවන් රජතුමා විසින් ආරම්භ කරනේත් මේ කාලයේදීමයි. බුද්ධදාස මහ රජතුමා මිනිසුන්ටත් සතුන්ටත් වෙදකම් කරමින් සිටින අතරතුර කුසෙහි ගෙඩියක් හටගත් මහා නාගයෙකුගේ එම ගෙඩි රෝගය සංසිඳවා නාග මාණික්‍යයක් ත්‍යාග ලබන්නේත් මේ කාලයේදීමයි.

    ඉන් පසුව, භයාගිරි විහාරයයෙහි රාජෝපචාර පූජාවෙන් සුසජ්ජිතව වැඩ සිටින මේ දිවයිනේ පෞරාණිකම සම්බුද්ධ ප්‍රතිමාවහන්සේ වශයෙන් ගෞරවයට පාත්‍ර වූ දෙවනපෑතිස් රජු විසින් කර වූ බවට විශ්වාස කෙරෙන මහා සිලා සම්බුද්ධ ප්‍රතිමාවහන්සේට නේත්‍රා යුගලක් ප්‍රතිෂ්ඨාපනය කරන්නට, ඒ මහාර්ඝ නාග මාණික්‍යය බුද්ධදාස රජු විසින් පූජා කෙරෙනවා. සත්‍ය වශයෙන්ම මෙරට ස්වදේශිකයන් හට සාඩම්බර විය හැකි රජවරුන් මේ දිවයිනේ පහළ වී තිබේ. ඒ චරිත පිළිබඳ සාකච්ඡා ඇති විය යුතුමය.

     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,827
    15,832
    113
    🌎
    50 words summary

    බාලරාමායණයේ සිව්වන සියවසේ සඳහන් සිංහල දේශය, රාවණගේ ලංකාපුරය වර්තමාන ශ්‍රී ලංකාව බවට ඇති මතයට අභියෝගයක් ලෙස ඉදිරිපත් කරයි. එම යුගයේ ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රාජ්‍යයක් වූ අතර, මහා ස්තූප, දළදා වහන්සේගේ වැඩමවීම, බුද්ධදාස රජුගේ වෛද්‍ය සේවය හා නාග මාණික්‍ය පූජාව එහි ඓතිහාසික උරුමය පෙන්වයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    “සිංහලය නම් වූ
    මහා සයුරින් වටවූ
    කුමරි හිස පැළැන්ඳූ
    රුහුණෙ (සිරිපා) කඳු උස් ගැබට නැඟුනූ
    පොළොව සරු සාරයි
    මැණික් මුතුයෙන් භාරයි
    සුමුදු වදනින් යුත් සභාවයි
    සිංහලය මේ අලංකාරයි”

    කඳුළු ආව බන්
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    1,003
    858
    113
    1794581409206.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,035
    1
    59,533
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    . බුද්ධදාස මහ රජතුමා මිනිසුන්ටත් සතුන්ටත් වෙදකම් කරමින් සිටින අතරතුර කුසෙහි ගෙඩියක් හටගත් මහා නාගයෙකුගේ එම ගෙඩි රෝගය සංසිඳවා නාග මාණික්‍යයක් ත්‍යාග ලබන්නේත් මේ කාලයේදීමයි.
    The Mahavamsa and Culavamsa were written by Buddhist monks who often idealized virtuous kings. Stories like curing a giant cobra or removing live snakes from a man's stomach are widely viewed by modern scholars as folklore or exaggerated metaphors for complex surgeries.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,134
    113
    The Mahavamsa and Culavamsa were written by Buddhist monks who often idealized virtuous kings. Stories like curing a giant cobra or removing live snakes from a man's stomach are widely viewed by modern scholars as folklore or exaggerated metaphors for complex surgeries.
    🥲 Grok දන්නේ නෑ නේ දැනට ලෝකේ හම්බ වෙලා තියෙන පරණම ස්පිරීතාලේ තිබ්බ මිහින්තලේන්, පොළොන්නරුවෙන් එහෙම surgery වලට ගන්න ආයුද එහෙමත් හොයාගෙන තියෙනවා කියලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,035
    1
    59,533
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    🥲 Grok දන්නේ නෑ නේ දැනට ලෝකේ හම්බ වෙලා තියෙන පරණම ස්පිරීතාලේ තිබ්බ මිහින්තලේන්, පොළොන්නරුවෙන් එහෙම surgery වලට ගන්න ආයුද එහෙමත් හොයාගෙන තියෙනවා කියලා.
    රජාගෙ වධකාගාරයක් වෙන්න ඇති
     
    • Haha
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,134
    113
    අනික ඕවා කොයි කාලේ ඒවද කියල අපි දන්නෙත් නෑනෙ
    උබ දන්නේ නැති එක හරි ඒත් ඒව ගැන හොයන අය හොයාගත්ත අය කාල නිර්ණය කරලා final කරලා තියෙන්නේ. 🤭🤭
     
    • Like
    Reactions: Shehan333