කවුද මේ අල්ලිරාණි?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,184
    104,253
    113
    කවුද මේ අල්ලිරාණි?

    අල්ලිරාණි කියන්නේ දකුණු ඉන්දියාවේ කෝවිල් සම්ප්‍රදායේ ජනකතා ඇතුළේ හමුවෙන පාණ්ඩ්‍ය රැජිණක්.අපේ කලාපයේ මුඛපරම්පරාගතව ජනකතා,ජනකවි ගොඩක් පොත්වලට එකතුකිරීම සිද්ධවෙන්නේ 19,20 වෙනි සියවස්වල වීම නිසාම මේ දකුණු ඉන්දියාවේ දමිළ කතාවල ඉන්න අල්ලිගේ සම්පූර්ණ කතාවත් අල්ලි නාටකම්,අල්ලි කදෙයි,අල්ලි අරසනි මාලෙයි,අල්ලු අරසනි කදෙයි වගේ පොත් ලියවෙන්නේ 1900 ගණන්වල.

    ඔය ජනප්‍රවාදය අනුව අල්ලි කියන්නේ පාණ්ඩ්‍යයේ මධුරෙයි වල ඉඳන් රාජ්‍ය පාලනය කරපු රණශූර රැජිණක්.ඇගේ උපත සිද්ධවෙන්නේ කියන්නේ එවකට පාණ්ඩ්‍ය රජතුමා දරුවෙක් පතලා පුත්‍ර යාගයක් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මානෙල් මලක් උඩ.මානෙල් මලට දෙමළෙන් කියනවා අල්ලි කියලා.අල්ලි මලෙන් උපන් කුමරිය අල්ලිරාණි වෙනවා.

    අල්ලිරාණිගේ උපතට සම්බන්ධ යාගය කරන්න පාණ්ඩ්‍ය රජතුමා රාජධානියෙන් පිටවෙලා යනකොට ඔහු රාජධානිය බලාගන්න පවරලා යනවා ඔහු විසින් පුත්‍ර තනතුරේ තබාගත්තු කුමාරයෙක් වෙන නීන්මුගන්ව. නීන්මුගන් කියන්නේ ශිව පාර්වති යුවලගේ ආශිර්වාදයෙන් ගර්භනී කාන්තාවක් බවට පත්වෙන දියසැවුලෙක්ගෙන් ඉපදෙන කුමාරයෙක්.මේ කුමාරයා රජතුමා නැතිවෙලා බලෙන්ම රාජධානියේ පාලනය තමන්ට පවරගන්නවා. අල්ලිරාණි පසුකාලීනව ඇවිත් නීන්මුගන්ව සටනකින් පරද්දලා මරාදාලා පාණ්ඩ්‍යයේ රැජිණ වෙනවා.

    අල්ලිරාණි කියන්නේ පිරිමින් මත නොයැපුණු,ඇමසෝනියානු පන්නයේ දැඩි ස්ත්‍රීමූලික කාන්තාවක්. ඇගේ රාජ්‍ය කාලයේ කාන්තාවන් ප්‍රමුඛ බලය වීම නිසා එවැනි කාන්තාවන්ගේ බලය ඉහළ තැනට අදටත් දෙමළ ව්‍යවහාරයේ අල්ලි රාජ්‍යම් කියලා කියනවා. ඒත් ඇයගේ දැඩි සිත දමනය කරලා,ඇයව කීකරු භාර්‍යයාවක් බවට පත්කරන්න සමත් වෙන චරිතයක් එනවා උතුරු ඉන්දියාවෙන්.ඒ තමයි අර්ජුන.

    දමිළ ජනකතා අනුව පංච පාණ්ඩවයන්ගෙන් අර්ජුන කුමාරයා දවසක් වෙස්වලාගෙන මධුරාපුරයට ඇවිත් තානායමක නැවතිලා ඉන්නකොට එතැන හිමිකරුවාගෙන් මේ රාජ්‍යයේ පාලකයා කවුද කියලා විමසීමක් කරනවා. තානායම් හිමියා අල්ලිරාණි ගැන මහා වර්ණනා පිරුණු විස්තර කිව්වම අර්ජුන ඇයව අවඥාවට ලක්කරනවා "ඇයනම් කාන්තාවක් නෙවේ නපුංසක පිරිමියෙක්" විය යුතුයි කියලා (මේ නපුංසක කියලා අදහසක් කරන්නේ පුරුෂ ලිංගය අහිමි කියන එක). එතකොට තානායම් හිමියා ඒ කතාව කනට නොගෙන ඇගේ රූපශ්‍රීය වර්ණනා කරනවා. ඉතින් අර්ජුන තීරණය කරනවා ඈව දමනය කරන්න.

    අර්ජුන අල්ලිව දමනය කරන්නේ ක්‍රිෂ්ණාගෙන් ලද ආශිර්වාදයෙන් මායාකාරී සර්පයෙකුගේ වේෂයක් අරන් අල්ලිගේ නිදන කාමරයට පිවිසීමෙන්. අල්ලිරාණි මේ සර්පයාව දැකලා ඌව අතට අරන් සුරතල් කරනකොට මේ මායාකාරි සර්ප වේෂය අල්ලිව මෝහනයට පත්කරනවා.Rest is history.

    අල්ලිගේ පතිවත පාණ්ඩවයෙක් අතින් උදුරාගැනීම සහ අල්ලි අර්ජුනගේ බිරිදක් බවට පත්වීම මේ දක්ෂිණපථයේ තිබුණු ස්වදේශික මාතෘමූලික පාලන අදාහස් උත්තර භාරතීය ආර්‍ය සභ්‍යත්වයේ පැතිරයාමට යටත් වීමේ රූපකයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවන්. ඒ වගේම the pandyan kingdom පොත ලියන නීලකණ්ට ශාස්ත්‍රි අපූරු කතාවක් කියනවා.ඔහු ඉස්මතු කරනවා මේ අල්ලි අර්ජුන කතා පුවත ලංකාවේ විජය කුවේණි කතාවේ ආභාෂයත් අරන් තියෙන බව. විජයත් කුවේණිව නෙරපලා පාණ්ඩ්‍යයේ මථුරාවෙන් කුමරියක් විවාහකරගන්නවා.අර්ජුනගේ ප්‍රධාන නම් දහයෙන් එකක් තමයි විජය.එතකොට අපේ විජය කතාවත් අර්ජුන සහ පාණ්ඩ්‍ය මධුරාවේ අල්ලිගෙයි සම්බන්ධයක් තියෙනවද?

    කොහොමහරි ඉන්දියාවෙන් අපි දැන් ලංකාවට එමුකෝ. ලංකාවේ අල්ලිරාණි නම් රැජිණක් ගැන කතන්දර මුලින්ම වාර්තාකරන්නේ සුදු ජාතිකයෝ. වයඹදිග ලංකාවේ පුත්තලම් දිස්ත්‍රික්කයේ කුදිරමලේ සහ අවට මුහුදු ප්‍රදේශය ගැන ලියන විදේශිකයන්ට අහන්න ලැබෙනවා ලංකාවේ වයඹ වෙරළ පාලනය කරපු අල්ලියරසනි නම් ඇමසෝනියානු රැජිණක් ගැන.මේ ගැන මුල්වරට වාර්තාකරන්නේ 1834 දි සයිමන් කේසි චිටි (Simon Casie Chitty) විසින් සිලෝන් ගැසටියර් (Ceylon Gazetteer) පොතේ.ඔහු විසින් කුදිරමලේ වනගත පෙදෙසේ ප්‍රදේශවාසීන්ට අනුව අල්ලියරසනි නම් බලගතු රැජිණකගේ රාජ්‍යයේ නටඹුන් පවතින බවට ඇති විශ්වාසය ගැනත්,ඒ ප්‍රදේශයේ කතා අනුව මුහුද මැද දූපතක තිබූ අල්ලිරාණිගේ භූමිය ජලගැල්මකින් විනාශ වුණු බවත් සඳහනක් කරනවා.ඊටපස්සේ A.O බ්‍රෝඩි විසින් 1853 සිලෝන් රාජකීය ආසියාතික සංගමයේ ජර්නලයට ලියනවා හලාවත සහ පුත්තලම් ප්‍රදේශයේ එදවස කල්පිටිය බොක්ක උතුරට විවරව නොතිබූ බවත් ,හලාවත ඇළට සම්බන්ධව මුහුදට යාවී තිබුණු බවත් ඒ කලාපය අල්ලියරසනි රැජිණගේ කාලයේ මහා ජලගැල්මගෙන් ඒ රැජිණගේ මාලිගයත් මුහුදුබත් වී ගොඩබිම වෙනස්වී ගිය බවත් කථන්දරයක්.

    ඒවගේම 1835දි Account of the Pearl Firsheries of the North-West coast of the island of Ceylon නම් පලකිරීමේ කපිතාන් ජේම්ස් ස්ටුවර්ට් (James Steuart) ලියනවා තමන්ට අහන්න ලැබුණු විදිහට කුදිරමලේ එවකට හිටපු බලවත් රැජිණකගේ භූමියක් පසුකාලීනව නැතිවෙලා ගිහින් තියෙනවා කියලා.

    එතනින් පස්සෙත් අල්ලියරසානිගේ කතාව මේ පුත්තලම් හලාවත කල්පිටිය කුදිරමලේ සම්බන්ධව වාර්තාකරපු විදේශිකයන් කිහිපදෙනෙක්ම ලියනවා. එතනින් මගහරින්න බැරි නමක් තමයි R.L බ්‍රෝහියර්.බ්‍රෝහියර් 1928දි ලියනවා ලංකාවේ වයඹ වෙරළ පාලනය කරපු අල්ලියරසානි නම් රැජිණක් ගැන සහ එවකට කල්පිටියේ නම වුණු අරසාදි භූමිය පාලනය කරපු මලබාර් කුමාරයෙක් ගැන. මේ අල්ලියරසානි පාලනය කරපු භූමිය මහා ජලගැල්මකින් ජලයට යටවෙලා අරසාදි භූමිය විදිහට මුහුද අයිනේ ඉතුරුවෙනවා.ඒ අනුව එවකට මන්නාරම් මුහුදේ ලංකාවත් දකුණු ඉන්දියාවත් අතරේ තිබුණු මහා ගොඩබිමක් වෙන රාම-නාග භූමිය මහා දියරළකින් පඬුවස්දෙව් රජසමයේදි වගේ නැතිවෙලා ගිය බව ඔහු ලියනවා.

    මේ වගේ විස්තරවලට අනුව පොදුවේ පේන්න තියෙන දෙයක් තමයි මේ ලංකාවේ වයඹදිග වෙරළේ මිනිස්සු තුල සුදු ජාතිකයන් මේ ප්‍රදේශවලට එනකොට පැලපදියම් වුණු අල්ලිරාණිගේ ස්වදේශික කතාවක් තිබුණු බව.ඒක සාධාරණයි. විජය කුවේණි කතාව පවා ලන්දේසින්ගේ කාලයේ යාපනයේ යාල්පාන වෛපව මාලෙයි ලියවුණු අවධියේ දමිළයන් තුළ වෙන ස්වදේශිකකරණයකට ලක්වෙලා තිබුණා.ඒනිසා යාල්පාන වෛපව මාලෙයිවල විජය රාජාව ලියවෙන්නේ කාශිවල බ්‍රාහ්මණයෙක්ගේ ආශිර්වාදයෙන් අපේ රටට එන ශිව භක්තික කුමාරයෙක් විදිහට.විජය රාජා බෞද්ධ ජනතාව අපේ රටට අරන් එන්නේ තායි සියම් භූමිවලට ගිහින් ඔවුන්ව ගෙනත් මෙහෙ පදිංචි කරලා.ඔවුන් තමයි සිංහලයන් බවට පත්වෙන්නේ. ඒ වගේම 1893 Le Christianisme a ceylon පොතේ කියනවා යාපනයේ කතෝලිකයන් තුළ ජේසු බිළින්දාව හමුවෙන්න ගිය පඬිවරුන් තුන්කට්ටුවෙන් එක් අයෙක් යාපනයේ හිටපු පෙරිය පෙරුමාල් නම් රජෙක් යැයි ස්වදේශික විශ්වාසයක් තිබුණු බව.ඉතින් ඔච්චර ස්වදේශිකකරණය වුණු ජනශ්‍රැති අතරේ පාණ්ඩ්‍ය අල්ලිරාණිවත් ස්වදේශිකකරණය වීම සාමාන්‍යයි.

    ලංකාවේ උතුරු සහ මන්නාරම් කලාපය පාණ්ඩ්‍යයන්ගේ බලපෑම් සහ ආධාරයෙන් යුතුව යාපන රාජධානිය යටතේ බොහෝ කාලයක් පාලනය වුණා.ඉතින් පාණ්ඩ්‍ය කථන්දර මෙහෙ පැලපදියම් වීම ඉතා සාමාන්‍යයි. එහෙම ආපු අල්ලිරාණිගේ කතාව අතීතයේ පටන් මන්නාරම් භූමියට බද්ධ යක්ෂගෝත්‍රික කුවේණිගේ කතන්දරය එක්ක මුහුකරගෙන 19 වෙනි සියවසේ සුදු ජාතිකයන් ඔය කලාපයේ දේවල් ලේඛනගත කරපු අවධියේදි ඔහේ හිටපු දමිළයන් තුළ අපේ කුවේණි සහ පාණ්ඩ්‍ය අල්ලිරාණි කලවම් කරපු ස්වදේශික අල්ලියරසානි කෙනෙක් හැදිලා හිටපු බවයි පේන්න තියෙන්නේ.

    ඒවගේම තමයි ජනමනසේ අඛන්ඩව පැවතිලා තියෙන අපේ රටත් ඉන්දියාවත් අතරට මුහුද ආපු ප්‍රාග් ඓතිහාසික සංසිද්ධිය ගැන කතාපුවත.මේ සිද්ධියේ ඉඟි අපිට රාමායණයේ දකින්න තියෙන විදිහ ගැන අන්තිම baiscope zone එකේ රාමායණ පොඩ්කාස්ට් එකේ මම කිව්වා. උඩරට රාජධානි කාලේ ලියවෙන රාජාවලිය ගත්තත් මලය රජු ඌරා පසුපස හඹා එනකොට කතුවරයා කියනවා "පෙර තූත්තුකුඩියට හා සිරිලකට අතර මුහුද නැත්තේය, ඒ අතරතුර පළමු රාවණාගේ නුවර විය, රාවණාගේ අධර්මයෙන් රාවණාගේ කෝට්‌ටයත්, මාලිගා පස්විස්සත් වීදි ඝාරලක්‍ෂයත් මුහුදාට ගිලිගියබව දතයුතුයි." කියලා.මේ කියන්නේ ඉස්සර මලය රජු මුහුදෙන් එන්ට කලින් දකුණු ඉන්දියාවයි අපේ රටයි අතර මුහුදක් තිබුණේ නෑ කියලා.ඒ කතාව ඇත්ත ප්ලයිස්ටොසීන යුගයේ අගභාගය වෙනකන්ම.ඉතින් ඒ පාරම්පරික මතක එක්ක අදට වඩා ඒකාලයේ තිබුණු වෙරළාශ්‍රිත ජනාවාසවල විනාශය සහ මුහුදුබත් වීමේ මතකය මේ අල්ලිරාණි සම්බන්ධව මේ සුද්දන්ට අහන්න වෙන කතා ඇතුළේ දෝංකාර දෙනවද?

    අදටත් ඒ ප්‍රදේශයේ ජනවිඥාණයේ අල්ලිරාණි මාලිගාව,අල්ලිරාණි පොකුණ වගේ නම් දකින්න තියෙනවා.ඒවගේම අද කට්ටිය කුවේණිගේ අක්කා කෙනෙක් බවට අල්ලිරාණිව පත්කරන් ඉන්නවා. ජනප්‍රවාදවල localize වීම ඒ වගේ තමයි.ගතිකයි.කාලයත් එක්ක වෙනස් වෙන සුලුයි.ඒ නිසාමයි මේවගේ ඓතිහාසික ගලායාම් හැදෑරීම රසවත් වෙන්නේ.

    Kavitha

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,184
    104,253
    113
    ලක්සනට ඉන්න ඇති නෙහ්
    Pop Music Dj GIF by Two Friends
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,521
    113
    ඇත්තට බැලුවොතිං ඔය ගෑනි සෙස්සි කෑල්ලක් වෙන්න හරිම අඩු චාන්ස් එකක් තියෙන්නෙ

    ඔය වගේ වලියට බර නං කෙලින්ම ශමිලා ලියනාරච්චි වගේ, කුනුහබ්බ කියන, වලියට බර, මිනිහෙක් වගේ, තඩි, කලු , කැත ගඳ ගෑනියෙක් වෙන්න ඇති
    දැං මේ ටික හිතේ තියාගෙන පෝස්ට් එක ආයෙත් කියවන්නන
     
    • Like
    Reactions: CohenLenstra