🔴 කාලයත් සමඟ උද්ධමනය හමුවේ රුපියල අවප්‍රමාණය වීම 💸 💰 📉

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,514
    1
    5,478
    113
    Loading...
    j5uwaWt.jpeg


    💰📉 ඔයාගේ බැංකු පොතේ තියෙන රුපියල් කෝටිය කාලෙත් එක්ක නිකන්ම අළු වෙලා යන හැටි දන්නවද? 😪

    අද ගොඩක් අය හිතන්නේ අතේ රුපියල් කෝටියක් තියෙනවා නම්, නැත්නම් ඒක බැංකුවේ Saving එකක දාලා තියෙනවා නම් අනාගතේ ගැන බය වෙන්න දෙයක් නැහැ කියලා. ඒත් ඔයා දන්නවද? බැංකුවේ පරිස්සමට තියෙනවා කියලා හිතන ඒ මුදල, අපිටත් හොරෙන්ම දවසින් දවස දියවෙලා යනවා.

    හිතන්නකෝ අවුරුද්දකට උද්ධමනය 7%ක විතර මට්ටමක තියෙනවා කියලා. එහෙම වුණොත් අද ඔයා ළඟ තියෙන රුපියල් කෝටියෙන් කරන්න පුළුවන් දේවල අගය එහෙමත් නැත්තම් Purchasing Power කියන එක අවුරුදු 5ක් යද්දී ලක්ෂ 71 දක්වා බහිනවා. අවුරුදු 10ක් යද්දී ඒක කෙලින්ම ලක්ෂ 50කට බහිනවා, ඒ කියන්නේ අද තියෙන වටිනාකමෙන් අඩක්ම නෑ! අවුරුදු 20කින් ඒ කෝටියෙන් කරන්න පුළුවන් වෙන්නේ අද කාලේ ලක්ෂ 25කින් කරන්න පුළුවන් දේ විතරයි. අවසානයේ අවුරුදු 50ක් ගියාට පස්සේ, අද තියෙන ලක්ෂ 3.4කින් ගන්න පුළුවන් දේ විතරයි එදාට ඒ මුළු කෝටියෙන්ම ගන්න පුළුවන් වෙන්නේ.

    දැන් අපි කාලයෙන් පොඩ්ඩක් ආපස්සට ගිහින් බලමුද? මතක් කරලා බලන්නකෝ, මීට අවුරුදු 7කට විතර කලින් Brand new Alto එකක් ඔයාට ලක්ෂ 15කට විතර ගන්න පුලුවන් උනා. හැබැයි අද වෙද්දි අවුරුදු 8ක් පරණ ඒ (2018 YOM) 2nd Hand Alto එකම ලක්ෂ 40ත් පැනලා නේද? ඒකට මූලිකම හේතුව කෝවිඩ් වසංගතය සහ පසු ගිය කාල සීමාවේ ඇති උන ආර්ථික අර්බුදයත් එක්ක රුපියල වේගයෙන් වඩා අවප්‍රමාණය වුන එක. 2018 දි 160 ට තිබ්බ ඩොලරය අද වෙද්දි 340 ට ගිහින්. සරලව කිව්වොත් අවුරුදු 8 කින් ඩොලරය 112%ක් විතර අවප්‍රමාණය වෙලා. දෙගුණයකටත් වඩා වැඩී.

    තවත් උදාහරණයකට හිතන්න, අද ඔයාට රුපියල් කෝටියකට හොඳ පර්චස් 10-15ක ඉඩමක් නැත්නම් SUV රථයක් ගන්න පුළුවන් වුණාට, තව අවුරුදු 20කින් ඒ කෝටියෙන් ඔයාට ගන්න වෙන්නේ අද ලක්ෂ 20කට ගන්න තියෙන පරණ ත්‍රීවීල් එකක් නැත්නම් පුංචි බයික් එකක් වගේ දෙයක් විතරයි. සරලවම කිව්වොත් සල්ලි බැංකුවේ නිකන් තියෙන්න හැරියොත් වෙන්නේ ගින්දරට අහුවෙච්ච කඩදාසියක් වගේ ඒක කාලයත් එක්කම අළු වෙලා යන එක විතරයි. ඒ කියන්නේ ඉලක්කමේ අගය වැඩි උනාට Purchasing Power එක අඩු වෙනවා කියන එක.

    එතකොට මේ උගුලෙන් බේරෙන්න අපිට මොකක්ද කරන්න පුළුවන්? කරන්න තියෙන එකම දේ තමයි, සල්ලි Saving Acc වල එකතු කරන එක නවත්වල අද ඉඳන්ම නිවැරදි තැන් වල "ආයෝජනය කරන්න" පටන් ගන්න එකයි. හැබැයි අපි අවම වශයෙන් උද්ධමන අනුපාතයට (7%) ටවත් වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබෙන තැනක සල්ලි යොදවන්න ඕනේ. ඒ වගේම තමයි ආයෝජනය කරද්දි "බිත්තර ඔක්කොම එකම කූඩේ දාන්නත් හොඳ නැහැ". ඒ කියන්නේ අපි අවදානම කලමණාකරනය කරගන්න අපේ ආයෝජන කලඹ විවිධ අංශ වල විවිධාංගිකරණය (Diversify) කරන්නත් ඕනේ. මොකද එක අංශයක් කඩා වැටුනොත් අනිත් පැත්තෙන් අපේ Risk එක Recover වෙනවා. ඉතිං ඒ වගේ කොහෙද අපිට මේ සල්ලි ආයෝජනය කරන්න පුලුවන්?

    උදාහරණයකට කොටස් වෙළඳපොළ (Stock Market) පැත්තට හැරුනොත්, රටේ ලොකුම සමාගම්වල කොටස්කරුවෙක් වෙලා දිගුකාලීනව උද්ධමනය පරාජය කරල වාර්ශිකව ලොකු ප්‍රතිලාභ ගන්න පුලුවන් තැනක් තමයි කොටස් වෙළෙඳපොල කියන්නේ. ඔයා තනියම කොටස් තෝරගන්න හෝ අවදානමක් ගන්න බයයි නම්, අත්දැකීම් බහුල ප්‍රවීණයන් ලවා මුදල් පාලනය වෙන Stock Market Based Mutual Funds, Treasury Bills/Bonds හෝ ETF වැනි ආයෝජන මාර්ග වලට යන්නත් පුළුවන්.

    තවත් ක්‍රමයක් තමයි තමන්ගේම කියලා Scalable Business එකක් පටන් අරන් ඒකට මුදල් යෙදවීම. ඒ වගේම ඔයා ගාව ලොකු කැපිටල් එකක් තියෙනව නම් නිශ්චල දේපළ (Real Estate) වලට යොමුවෙන්න පුලුවන් පුළුවන්, මොකද කාලයත් එක්ක ඉඩම් සහ ගෙවල්වල වටිනාකම වගේම ඒවගෙන් ලැබෙන කුලී ආදායමත් උද්ධමනයට වඩා වේගයෙන් වැඩි වෙනවා.

    තවත්, ඉතාම සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් තමයි රන් (Gold) වල ආයෝජනය කිරීම. ලෝකය පුරාම ආර්ථික අර්බුද, උද්ධමනය හෝ යුද්ධ වැනි අවස්ථාවලදී සල්ලිවල වටිනාකම බැහැල යද්දී, රත්තරන් වල වටිනාකම හැමතිස්සෙම ඉහළ යනවා. ඒ නිසා තමයි රත්තරන් වලට "Safe Haven" එකක් කියලා කියන්නේ. ඔයාගේ මුළු ආයෝජනවලින් 5% - 15% අතර ප්‍රමාණයක් රත්තරන් වල තබා ගැනීමෙන්, සමස්ත ආයෝජන කළඹේ අවදානම විශාල ලෙස අඩු කරගන්න පුළුවන්!"

    මතක තියාගන්න, සල්ලි බැංකුවේ නිකන් ගොඩ ගහල තිබ්බා කියලා කවුරුත් ධනවත් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට Fd එකකින් ලැබෙන පොලියෙන් කරන්නේ උද්ධමනයෙන් වෙන හානිය යන්තම් පියවන එක විතරයි. ඔයාගේ ධනය ආරක්ෂා වෙන්නෙත්, සැබෑ ලෙසම වැඩි වෙන්නෙත් නිවැරදි තැනක ආයෝජනය කළොත් විතරයි. ඒ වගේම අපි හැමදාම කියනවා වගේ එකම ආදායම් මාර්ගයක් මත යැපෙන්නෙ නැතුව Passive Incomes කිහිපයක් හදාගන්න උත්සහ කරන්න.

    Source - Facebook​
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,880
    3,896
    113
    USA
    mehema wenna bane ban waradi ne,
    10M deposit ekata annual 1M ganna puluwan. ethakota within 5 years 5M awillane. 3M depreciate unath 2M gain ekak thiyenawane
    මචන් මේ කියන්නේ කොටි 1ක් ඉන්වෙස්ට් නොකර තියා ගත්තොත් අවප්‍රමානය වන තරම මම හිතන්නේ
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,514
    1
    5,478
    113
    Loading...
    mehema wenna bane ban waradi ne,
    10M deposit ekata annual 1M ganna puluwan. ethakota within 5 years 5M awillane. 3M depreciate unath 2M gain ekak thiyenawane

    ආදායමක් ආවට, උද්ධමයත් එක්ක මුදලෙ වටිනාකම අඩුවෙලා, නිෂ්චිත ගාණකින් කරන්න පුලුවන් දේවල් කාලයත් එක්ක සීමා වෙන එක ගැනයි මේ කතා කරලා තියෙන්නෙ. (ශ්‍රී ලංකා රුපියල බාල්දුවීම)

    ඔයාගෙ බැංකු පොතේ කෝටියක් තිබ්බට අපේ නැනේ :rofl:

    අපෙත් නෑ :sorry:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අවුරුදු හතකට කලින් අලුත් Alto එක ලක්ෂ පහළොවට ගන්න පුළුවන් වෙලා, දැන් 2018 පරණ එකම ලක්ෂ හතළිහක් කියන එක ඇහුවම නම් රුපියලේ වටිනාකම කොච්චර වැටිලාද කියලා හොඳටම තේරෙනවා බන්.