අපේ ශ්රී ලාංකික travel vloggersලා ලොකේ වටේ සංචාරය කරලා අලුත් රටවල්, විවිධ සංස්කෘතීන්, රසවත් කෑම සහ සුන්දර ස්ථාන අපිට පෙන්වනවා. ඔවුන්ගේ වීඩියෝ බලද්දී අපිට ඉන්න තැනම ඉඳන් ලෝකය වටේ ගියා වගේ හැඟෙනවා. අද YouTube එකේ travel vlogs ගොඩක් තියෙනවා. ඒත් ලෝකය වටේ ගිහින්, අලුත් රටවල් අපිට සිංහලෙන් පැහැදිලි කරලා පෙන්වන ශ්රී ලාංකික vloggers ලා කියලා ඉන්නේ අතළොස්සක් විතරයි. ඉංග්රීසියෙන් බලන්න පුළුවන් ගොඩක් channels තියෙනවා. ඒත් අපේ මවු බසින්, අපිට තේරෙන විදිහට ලෝකය හඳුන්වා දෙන අය channels තියෙන්නේ සුළු ගානක් විතරයි.
අපි මෙතන කතා කරන්නේ එක විදේශ රටක විතරක් පදිංචි වෙලා , ඒ රට ඇතුළේ විතරක් තැන් පෙන්වන අය ගැන නෙවෙයි. ඒ අයගේ වැඩත් වටිනවා. ඒත් මගේ අදහසේ, "ලොව පුරා සංචාරය කරන travel vlogger" කියන්නේ රටින් රටට ගිහින්, අලුත් සංස්කෘතීන්, ආහාර, මිනිස්සු, ජීවන රටා සහ මාර්ග අපිට සිංහලෙන් පෙන්වන, පහදලා දෙන කෙනෙක්.
ඔයා වැඩියෙන්ම කැමති ශ්රී ලාංකික travel vlogger කවුද ?

Last edited: