මේකට දේශපාලනඥයන්ට බැනලවත් පාර්ලිමේන්තුවට බැනලවත් හරියන්නෙ නැහැ. පාලකයො තෝරන්නෙ කවුද? පාලකයො පාර්ලිමේන්තුවට යවන්නෙ කවුද? අපිනෙ. එහෙම නම් පළමුවැනි කාරණය තමයි මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන. ජනතාවට අධ්‍යාපනය දෙන්න ඕන. රටේ මිනිස්සු බුද්ධිමත් නොවන තාක්කල් පාලකයොත් හැදෙන්නෙ ඒ මිනිස්සුන්ටම ගැළපෙන විදියට. සිංහ රංචුවක නායකයා වෙන්නෙ සිංහයෙක්. සුනඛ රැළක නායකයා සුනඛයෙක්.

