Monopoly කියන්නේ ලෝකේ තියෙන ප්රසිද්ධ බෝඩ් ගේම් එකක්. සෙල්ලම් කරන හැමෝටම මුලින් සමාන සල්ලි ප්රමාණයක් දෙනවා. දාදු කැට දෙකක් උඩ දාලා වැටෙන අගයට අනුව බෝඩ් එකේ කොටු ඔස්සේ ඉදිරියට යන්නයි තියෙන්නේ. වැටෙන කොටුවේ ඉඩම කාටවත් අයිති නැත්නම් ඒක මිලදී ගන්න පුළුවන්. වෙන කෙනෙක්ගේ ඉඩමකට වැටුණොත් ඒකේ අයිතිකාරයාට කුලී ගෙවන්න වෙනවා. ඉඩම් මාරු කරගන්න, වෙළඳාම් කරන්න සහා ඉඩම් උගස් තියන්නත් පුළුවන්. සල්ලි ඉවර වෙලා බංකොලොත් වෙන හැම කෙනාම ගේම් එකෙන් ඉවත් වෙනවා. අන්තිමට ඉතිරි වෙන එකම කෙනා තමයි මේකේ ජයග්රාහකයා වෙන්නේ.
Monopoly හැදුණේ 1900 ගණන්වල මුල් භාගයේදී ඇමරිකාවේ. ඉඩම් අයිතිය නිසා ඇතිවෙන අසාධාරණකම් පෙන්වන්න හදපු “The Landlord’s Game” එකෙන් තමයි මේක ආරම්භ වුණේ. පස්සේ 1930 ගණන්වල Parker Brothers සමාගම මේක මිලදී අරන් අද අපි දන්න Monopoly විදියට ලෝකෙට හඳුන්වලා දුන්නා.
මේක යාළුවෝ, පවුලේ අය එක්ක පැය ගණන් සෙල්ලම් කරන්න පුළුවන් ගේම් එකක්. වාසනාවත්, උපායමාර්ගත් දෙකම ඕන වෙන නිසා මේ game එක පැය ගණන් කම්මැලි නැතුව සෙල්ලම් කරන්න පුළුවන්. සමහර වෙලාවට මේක නිසා යාළුවෝ අතරේ පොඩි පොඩි රණ්ඩුත් ඇතිවෙනවා. Monopoly කියන්නේ එක රටකට සීමා වුණු ගේම් එකක් නෙවෙයි. ලෝකෙ පුරා රටවල් ගොඩක් තමන්ගේම අනුවාද (variants) හදාගෙන තියෙනවා. ඒවායේ බෝඩ් එකේ තියෙන්නේ ඒ ඒ රටේ නගර, ප්රසිද්ධ ස්ථාන, වීදි වල නම්. එහෙම නැත්නම් ඒ රටේ සල්ලි වර්ගයෙන් තමයි සෙල්ලම් කරන්නේ.. මම මේකේ ඉන්දියන් සහා ඇමරිකන් version එක play කරලා තියෙනවා. ඉන්දියන් version එකේ තියෙන්නේ ඉන්දියාවේ නගරවල නම්.