නව ලෝක වාර්තාවක් සමඟ ලක්මව රනින් සැරසූ අපේ යෝධයා රන්සිළු

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,968
    6,887
    113
    වැඩක් නෑ මිලියන 100ක් හම්බෙන්නේ නෑනේ.

    Sad Puppet GIF
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,209
    6,007
    113
    ඔය මොනව ගත්තත් වැඩක් නෑ. ලංකාවෙ තියන ගොබ්බ ක්‍රමේ තමයි ක්‍රීඩා අමාත්‍යංශයට අදාල සම්මේලනය හරහා ඇප්රූ එකක් නොගෙන ගියොත් ඒ දිනුම රට ඇතුලෙ පිළිගන්නෙත් නෑ. රජයෙන් අලබෝලයක්වත් ලැබෙන්නෙත් නෑ. සමහර වෙලාවට ක්‍රීඩා සම්මේලන ඔය ඇප්රූවල් එක ගන්නෙ නෑ. නැත්තං සමහර ක්‍රීඩකයොත් එක්ක තියන මලට ඇප්රූවල එක දෙන්නෙ නෑ. පර්සනලි ගියාට වැඩක් නෑ. ලෝකෙම පිළගත්තත් රට ඇතුලෙ රාජ්‍ය පිළිගැනීමකට ලක්වෙන්නෙ නෑ.

    මගෙ වයිෆ් එක්තරා ක්‍රීඩාවකින් ලංකාව නියෝජනය කරන කෙනෙක්. එයාලගෙ ටීම් එකට මේ අවුරුද්දෙ තිබුනා තරගාවලියක් (ආසියානු). කට්ටියම ගියා. අතින් වියදම් කරගන ගියේ. පස්සෙ බලනකොට අමාත්‍යංශ්‍ය ඇප්රූවල් අරගන නෑ. ඉතිං වර්ණ ප්‍රධානවලටවත් ඉල්ලන්න බෑ. දීමනා ලැබෙන්නෙ නෑ. හේතුව සම්මේලනෙන් ක්‍රීඩා අමාත්‍යංශෙ අනුමැතිය අරගන නෑ.
    සම්මේලනෙන් කියනවා ක්‍රීඩා අමාත්‍යංශයට අනුමැතිය ඉල්ලලා ලියුම් යැව්වට ප්‍රතිචාර ලැබුනෙ නෑ. සිලෙක්ෂන් එකට ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් ආවෙ නෑ කියලා.
    ක්‍රීඩා අමාත්‍යංශෙ පැත්තෙන් කියන්නෙ සම්මේලනෙන් ඩියු ප්රොසෙස් එක කරලා නෑ කියලා.

    කාට කියන්නද ඉතිං... වැඩක් නෑ ඕව කතාකරලා..
    ක්‍රීඩා ඇමති කයිය ගැහුවට නැෂනල් ටීම් එකේ අයට මේ ක්‍රීඩාවෙ සතපහක් ලැබෙන්නෙ නෑ. මේ වගේ ක්‍රීඩා තව කොච්චර ඇතිද
    කොච්චර චාටර්ද කියනවා නං නැෂනල් සිලෙක්ෂන් එකටත් ක්‍රීඩකයො සල්ලි ගෙවන්න ඕන ඉන්ඩෝර් එක බුක් කරන්න.

    දැං ලබන අවුරුද්දෙ සාග් තියනවා. දන්න තරමින් මේ පාර සිලෙක්ෂන් එකටත් උඩ කියපු සිද්දියම තමා වෙන්නෙ. එහෙම උනොත් මෙයාලට සාග් යන්න ලැබෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: UbeThaththa