Amalka101 said:ඔව් මල්ලි... අතිශ්යොක්තියෙන් ඇත්ත බේරල අරගන්න ටිකක් අමාරුයි තමයි. වෙන මුකුත් ඕන නෑ, බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත්වෙද්දි තණ්හා, රතී සහ රගා කියන මාර දූවරු පරාජය කල බව කියැවෙනවා. ඇත්තටම ගෑණු තුන්දෙනෙක් ඉස්සරහට ඇවිත් නැටුව කියලා හිතන උපාසක අම්මලත් ඉන්නවනෙ. මේ දේවල් මේ වගේ රසවත් කරල ලියන්නෙ ඕනම බුද්ධි මට්ටමක ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් වෙන්න. ඉතින් ඒවා කියවන අපි දැනගන්න ඕනා අපෙ බුද්ධියට ගෝචර වෙන විදිහට යථාර්තය තෙරුම් ගන්න.
සිංහල අටුවා වල ඉදල ජාතක කතා වල පවා පෙරල ගත යුතු දේවල් නම් තියෙනවා. හොදම උදාහරණය මම හිතන්නෙ බෝධිසත්ව උත්පත්තිය. සිද්ධාර්ථ කුමාරයා ඉපදුනු වෙලාවෙ පහළ වුනා කියල කියනවනෙ නෙලුම් මල් 7කුත්. ඊයෙ පෙරේද මම දැක්ක රෑපවාහිනී සාකච්ඡාවක මේ ගැන වෙනත් අර්ථකතනයක් දෙනව. අධිමානසික සුවපත් කිරීම් කරන්නන් කියන දෙයක් තමයි අපේ ශරීරයේ විවිධ ශක්ති උපදින ස්ථාන ඇති බව. නළල, කශේරුව, හිස,... යනාදී වශයෙන්.
නෙලුම් මල් පිපුණා කියල කියන්නෙ බෝධිසත්වයන්ගෙ ශරීරයේ තිබෙන එකී ශක්තීන් උපදින ස්ථාන අවදි උනා කියන එකලු.
මේ වගේ තව ගොඩාක් අතිශයෝක්ති සළකා බලන්න වෙයි.




