~~නූර්ති නාඩගම් ගී ~~

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
~~නූර්ති නාඩගම් ගී ~~

ඔන්න අළුත් වැඩක් පටන් ගත්ත.

ගොඩක් දෙනෙක් නූර්ති නාඩගම් ගී ඉල්ලල තියෙනව දැකල තිබ්බ හින්ද සහ මමත් ගොඩක් දෙනෙක් ගෙන් ඉල්ලල බොහොම අමාරුවෙන් මේ වගේ සින්දු එකතු කරගත්ත හින්ද හිතුව දැනට මා ගාව තියෙන නූර්ති නාඩගම් වගේ වටිනා ගීත තවත් ඒවට කැමති අයත් එක්ක බෙදා ගන්න. ගීය එක්ක එහි පද පේළිත් එකතු කරන්න හිතුව.

මේ ගීත බොහොමයක් මම අපේ ශිවන්ත, දීලක, pads අයිය සහ අනිත් යාළුවන්ගෙන්(නම නොකීවට තරහ වෙන්න එපා) ඉල්ලල හොයාගත්තු ඒව. ඒක නිසා ඒගොල්ලන්ට මගේ ස්තුතිය.

සමහර ගීතවල පද පේළිවල අපැහැදිලි තැන් පැහැදිලි කරල දුන්න අපේ ශශිටත් තැන්කූ.
:rofl::rofl:

කැමති අය බාගන්න , අහල බලල සතුටු වෙන්න, ඒ වගෙම ඒ ඒ ගීතවල පසුබිම ගැන දන්න දෙයක් තියෙනවනන් ඒගැනත් අපිත් එක්ක බෙදා හදා ගන්න මෙතන.





keep it up good work
 

udt

Member
Apr 27, 2007
6
0
0
~~නූර්ති නාඩගම් ගී ~

~~නූර්ති නාඩගම් ගී ~


Mekanam Niyama wadak. these valuble things should give to our next generation.


Very good and valuble work.

thanks a lot.
 
Last edited:

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍
    නා‍ට්‍ය‍ය‍ -
    දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍
    ගා‍ය‍න‍ය‍ - ජ‍ය‍ල‍ත්‍ ම‍නෝ‍ර‍ත්‍න‍


    [දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍ ම‍ගෙ‍ කා‍රී‍ බෝ‍ සේ‍
    ගෙ‍න‍ පැ‍න්‍ ක‍ළේ‍ එ‍යි‍ දැ‍න්‍ ක‍ලේ‍
    පෙ‍ම්‍ පා‍ ලො‍ලේ‍ බ‍ත්‍ කා‍ මු‍ලේ‍ ]//
    දැන් බාරී තේරී

    [නා‍කි‍න්‍ට‍ත්‍ මේ ලෝ‍කේ‍ සන්තෝසේ
    බෝදෙත් නාරී ]//

    දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍..

    මට බුලත් කොටාලා දෙන්නේ
    කර පෙම් පෙම් පෙම්
    මට බතුත් බෙදාලා දෙන්නේ
    හුරතල් ලොල් ලොල්
    [මහලු උනත් මම්
    විඳිමි සැපාකම්]//
    සිත් තොස් වෙන්නා මේ කාරෙන්
    බෝ වී මාගේ වාසනා

    දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍..//

    මේකෙත් කලින් දාල තියෙනෙ වෙන ගීයක ලින්ක් එකක්.මෙන්න හරි ලින්ක් එක
    :sorry:

    දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍
    නා‍ට්‍ය‍ය‍ -
    දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍
    ගා‍ය‍න‍ය‍ - ජ‍ය‍ල‍ත්‍ ම‍නෝ‍ර‍ත්‍න‍

     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    wede negala yanawa neda ela ela
    mukuth adupaduwak thiyanawa nam kiyanna mage laga thiyanawa nam dennam
    :D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    wede negala yanawa neda ela ela
    mukuth adupaduwak thiyanawa nam kiyanna mage laga thiyanawa nam dennam
    :D
    :P මා ගාව තිබ්බ සින්දු ඔක්කොම දැම්ම, ඔයා ගාව තව වේදිකා නාට්‍ය‍ ගී‍ත‍ ති‍යෙ‍න‍ව‍ නං දාන්න :yes::yes:
    කොහෙද ඉටින් ඉඩිරියටම ටමයි...:D:yes:
    වෙල් කම් වෙල් කම් :)
    හිකිස් , තැන්කූ :D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දික්තල කාලගෝල නා‍ට්‍ය‍යෙ‍න්‍ ගී‍ත‍ය‍ක්‍(video)



    තා‍ම‍ ම‍ත‍ක‍යි‍ ඉ‍ස්‍කෝ‍ලෙ‍න්‍ මේ‍ක බලන්න අරං ගියා :lol::yes::)
     
    • Like
    Reactions: sandun thilaka
    Jan 15, 2009
    9,238
    368
    0
    දික්තල කාලගෝල නා‍ට්‍ය‍යෙ‍න්‍ ගී‍ත‍ය‍ක්‍(video)



    තා‍ම‍ ම‍ත‍ක‍යි‍ ඉ‍ස්‍කෝ‍ලෙ‍න්‍ මේ‍ක බලන්න අරං ගියා :lol::yes::)

    එළ...
    11.gif
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Me wede nam elama thamai.Kawruhari laga thiyenawanam denna DAYANANDA GUNAWARDANA mahathage MADURA JAWANIKA eke geetha tika. Ewa harima lassanai. Jakson / Anula Kiyana NEINAGE SOODUWA.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මෙන්න කට්ටිය ඉල්ලපු ගීතයක් : ''නෛ‍යිනගෙ සූදුව''
    සැ.යු. මේක ගත්තෙ පහළින් දාන you tube video එක convert කරල
    ( video එක convert කරල දුන්න යාළුවට ස්තූතියි :rofl::P )


    නෛ‍යි‍න‍ගෙ‍ සූ‍දු‍ව‍

    නා‍ට්‍ය‍ය‍ - ම‍ධු‍ර‍ ජ‍ව‍නි‍කා‍(ද‍යා‍නන්ද ගු‍ණ‍ව‍ර්ධ‍න‍)
    නෛ‍යි‍න‍ගෙ‍ සූ‍දු‍ව‍
    ගා‍ය‍න‍ය‍ - ජැක්සන් ඇන්තනී,අනුලා බුලත්සිංහල
    (එච්.ඒ.පියදාසගේ කවි කොලය ඇසුරෙනි)


    පළමුව මම වැන්ද බුදුන් සිහිකරගෙන ඒ ගුණ කඳ
    දෙවනුව සත්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද
    තෙවනුව මහ සංඝ‍ රත්නෙ වැද සුරන්ට පින් දී සොඳ
    කියනව අපි නෛ‍යින‍ගෙ‍ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ

    සිරින් සපිරි අපෙ ලක්දිව අසුවුනි ඉංග්‍රිස් රජුන්ට
    කෙලින් ඉන්න නොදී අපිට බලේ ගත්ත ඔවුන් අතට
    පිටින් ආපු හම්බ හෙට්ටි හැත්ත පිරුන කොළොම්පුරට
    ඔවුන් අතර හිටිය නෛ‍යි‍නා‍ තම්බි කියල කෙනෙක් ජයට

    සොඳින් මසන් ගස් හන්දියෙ නෛයි‍න උන්නු ගෙයි විස්තර
    නගින්න එහි තට්ටු හතයි ය‍ට‍ට‍ත්‍ ඒ‍ ත‍ර‍ම්‍ වි‍ත‍ර‍
    ත‍දි‍න්‍ම‍ සූ‍දු‍ව‍ එ‍ත‍න‍යි‍ නි‍ල‍ධා‍රි‍ත්‍ ඇ‍වි‍ත්‍ නි‍ත‍ර‍
    ප‍නි‍න්න බෑ අල්ලන්නට ආණ්ඩුවත් බයයි මිතුර

    මෙකලා වීරයෙක් උන්න කොතලාවල කියල සොඳට
    සිතලා වැඩ කරන එතුම ජෝන් නමින් පුරසිද්දෙට
    ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට
    එකලා ඔහු කල දස්කම් කියනව මං පෙළින් පෙළට

    අල්ලස් දී පොලීසියට කොස්ගස් හන්දියේ ජයට
    නෛ‍යින තම්බි සූදු කෙළිය කාටත් බෑ අල්ලන්නට
    ආණ්ඩුවත් සතුටු වෙලා රජෙක් වගේ උන්නු මැතිට
    සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට

    එක්ක ගොසින් පොලිස් භටයො දොළොස් දෙනෙක් මරදානට
    ඉක්මන් කර කම්බ සරොං පට ලෙන්සු දී අඳින්ට
    සල්ලි දීල ඔවුන් අතට යන්ට කිව්ව සූදූ පොළට
    ඊට පස්සෙ සිද්ද වෙච්ච දේ පුදුමයි අහං ඉන්ට

    ඇදගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස වට
    ගාගෙන තුන්නූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට
    අරගත්තා බෑග් එකක් නෝට්ටු කොළ දැම්ම ඊට
    නැගගත්තා රික්ශෝවක අපෙ මැතිඳා යයි විගහට

    දකිමින් මේ හෙට්ටි අය්ය නෛ‍යින සලං දම්ම හොඳට
    එන්න කාරියම් වන්දදු සන්ගෙදි සොල්ලුම් ගෝමට
    ආවන්ගදු විලයාට්ටු සුපන්කාර ඔන්ග කිත්ත
    ඔන්න ඉතින් වා වා කියල එක්ක ගියා ගේ ඇතුලට

    තට්ටු හතක් නැග්ග කලට නෛ‍යිනගෙ ඒ සූදු පොළට
    ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මැතිඳුට අනින්න
    බාසෙන් කිව්වා නෛ‍යිනා එළුව ගියා දුන්නු අණට
    දැනගෙන මෙ රහස් සියලු මැතිඳා යයි ඔට්ටු පොළට

    බලන්න පුදුමයි මහතුනි නෛ‍යිනගෙ ඒ සූදු පිටිය
    එතන්ට චණ්ඩියා තමයි සේදවත්තෙ ජෝන් ගොයිය
    දිනන්ට අත ගත්තු ගමන් මැතිඳුට ඔහු ඔරව හිටිය
    කොහෙන් ආපු දෙමළෙක් දැයි කියල ජෝන් නැගිට සිටිය

    කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එමවිට
    ඇතුන් මැදට වන් කෙසරෙක් සිංහ නාද කරන ලෙසට
    දැනගල්ලා මෙතන ඉන්නෙ කොතලාවල කිව්ව කලට
    තනියෙන්මයි අල්ලගත්තෙ විස්සක් අත්අඩංගුවට

    පැන්න කලට චණ්ඩි ජෝන් පිහියක් අරගෙන අනින්ට
    දුන්න මැතිඳ පයින් එකක් බිව් රන් කිරි කටින් එන්ට
    ඉන්න හිටින්නත් බැරි වුනි මල මුත්තර පිටවු කලට
    ඔන්න එවිට ආව එළුව පැනගෙන මැතිඳුට අනින්ට

    කාගෙන් බේරුනත් බැරිය එළුවාගෙන් මාරු වෙන්ට
    වේගෙන් පැන්නා මැතිඳා ඒ වුනාට ඉදිරිපිටට
    උඹද මිතුරෙ හතරගාතෙ චණ්ඩිය කියමින් මෙතෙන්ට
    දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්ට

    ඉතින් අම්මෙ ඉදල මොටද කියල නෛ‍යිනා පැන විජහට
    අති පයින් නෙමෙයි ඔන්න කානු හතයි පිස්තෝලෙට
    ගනින් මේක කිව්ව නමුත් පත්තු නොවුනි මැතිඳු පිනට
    මුනින් වැටුනි නෛයි‍න‍ ත‍ම්‍බි‍ මැ‍ති‍ඳ දු‍න්න ම‍රු‍ ප‍හ‍ර‍ට‍

    නෛයි‍න‍ට‍ රු‍පි‍ය‍ල්‍ දා‍හ‍යි‍ ද‍හ‍ය‍ බැ‍ඟි‍න්‍ අ‍නි‍ක්‍ අ‍ය‍ට‍
    ගෙ‍ව්‍ව‍යො‍ ද‍ඩ‍ බො‍හෝ‍ දෙ‍නෙ‍ක්‍ බැ‍රි‍වු‍නි ත‍ව‍ හ‍ත්දෙනෙ‍කු‍ට‍
    හැත්තෑවක් ගෙවල මැතිඳ ගත්ත ඔවුන් හැම එළියට
    ඇත්තයි අපි මල් පුදන්ට ඕනැ ඔහොම වීරයින්ට

    එක්ක ඇවිත් ඒ හත්දෙන කෙහෙල් වත්තෙ පිට්ටනියට
    පියෙක් ලෙසට ඔවදන් දී දුසිරිතයෙන් වළකින්නට
    දෙකක් පාර බැගින් දුන්නෙ මිතුරනි එය මතක් වෙන්ට
    කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳුට වැඳ ගියයි යන්ට

    එතුමා මල දස්කම් නම් එක කටකට බැහැ කියන්ට
    හැමදාමත් මතක් වෙන්ට ඉතිහාසෙත් තියෙයි හොඳට
    හිටියා නම් අද වෙනතුරු වැඩ කරනව ලංකාවට
    එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට




     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තවත් නාට්‍ය‍ ගීත වගයක් හම්බ වුනා. මේ ගීත ඔක්කොම හොයල දුන්නෙ අපේ දීලක. ගොඩාක් ස්තූතියි දීලක. :yes::yes:

    අපි සේරම

    නාට්‍ය‍ය‍ - මහගිරිදඹ(ජයලත් මනෝරත්න)
    අපි සේරම
    ගායනය - සන්ධ්‍යා‍ දීපානි,ජයශ්‍රී චන්ද්‍රජිත්,ජයලත් මනෝරත්න


    අපි සේරම එක අවන්හලක නැවතී//
    අපේ සිතුම් මල් සිහින පැතුම් මල්//
    [මිරිකාගෙන මධු බඳුනේ
    තොල ගාමින් අඩ අඳුරේ]//
    ගහ බැනගෙන රොස පරුසෙන
    තලා පෙලා පාගාගෙන
    ආදරයෙන් සිත සෙනේහයෙන් යළි
    අපි සේරම ජීවිතයේ
    මහගිරිදඹේ නගිනවා///
    [අප යන මග ගිනි අව්වේ
    හිරි පොද පිනි වැහියල්ලේ]//
    [සමනල සුරංගනා ලෝකේ
    අරුණළු ප්‍රභාත දේදුන්නේ]//
    [ගමනේ කෙලවර දුටුවේ කවුරුද
    මහගිරිදඹ තරණය කලෙ කවුරුද]//
    සිතිජ ඉමේ නිල් සිහින ඉසව්වේ
    සමනල තටු ගිලිහී
    යන මග කෙලවරවී
    සිහිනය මිය යනවා
    අපි සේරම ජීවිතයේ
    මහගිරිදඹේ නගිනවා////


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දිගැස් කොනින්

    නා‍ට්‍ය‍ය‍ - අ‍ඹු‍සැ‍මි‍යෝ‍(ඩ‍ග්‍ල‍ස්‍ සි‍රි‍ව‍ර්‍ධ‍න‍)
    දිගැස් කොනින්
    ගායනය - ජයශ්‍රී චන්ද්‍රජිත්


    දිගැස් කොනින් බැලුම් හෙලන
    පිරුනු දෙකම්මුල් බබලන
    පිරුනු වටොර දඟ යුග මෙන
    ලඳක් දිනෙක මට හමුවුන

    දිගැස් කොනින්..

    වලාකුලේ එහා සිටන්
    ඔබ මෙලොවට වරෙන් ලියේ
    කලාමැදිරි එළි දල්වා
    හඳ පානේ වරෙන් ලියේ
    ගලා බසින ගඟුලැල්ලේ
    පෙන බුබුලක වරෙන් ලියේ
    බලා ඉඳිමි ඔබ එනතුරු
    මලානිකව හැඟුම් ලයේ

    [සුදු සේලය ඇඳ බඳ වට
    වලාකුලක නැගිලා
    එයි මා වෙත හඳපානේ
    මගෙ ලඳ මා සොයලා]//
    [එයි මා වෙත හඳපානේ
    මගෙ ලඳ මා සොයලා]///

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එකම වැකියක්

    නා‍ට්‍යය‍ - නෙළුම් පොකුණ(කපිල කුමාර කාලිංග)
    එකම වැකියක්
    ගායනය - ප්‍රදීපා ධර්මදාස


    එකම වැකියක් හෝ..එකම පැදියක් හෝ..
    නොමැති සුවිසල් ගතෙක වූ මග අසා.. කියවා
    මෙදිගු ගමනේ යෙදෙන්නෙමු අපි
    සියපතින් සැරසී.. සුනිල .. අසල නතරව
    ගිම් නිවා..
    පියාපත් ලබන්නට මිනිස් නෑසියන්ගේ
    විරාමය මෙතැනද..
    එකම වැකියක් හෝ..එකම පැදියක් හෝ..
    නොමැති ඒ විසල් වූ පොතේ
    මොහුගෙ රූපය තිබුනා..
    එසේ නම් මේ කෞ‍තුක වූ
    මන්දිරයයි මේ තියෙන්නේ
    අප දෙනෙත් අභියසේ
    මහා වනගැබේ මගේ දිවි සිහිනේ
    සැබෑ වේ

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එකමග සොයුරන්

    නා‍ට්‍යය‍ - නෙළුම් පොකුණ(කපිල කුමාර කාලිංග)
    එකමග සොයුරන්
    ගායනය - ලක්ෂ්මන් විජේසේකර,ප්‍රදීපා ධර්මදාස


    එක මග යන සොහොයුරන් වෙමු අපි ජීවිතේ
    පැතිරුනු අඳුරේ දෙපයින් යන්නෝ
    සසලවු සුලඟේ රැය දිවයන යාමයේ
    උහුලනු බෑ පාළුයී
    කෝ..ඕ..ඕ..ලඳුන්//
    ඉඳහිට එන මගියෙක් විමසයි යම් තැනක්
    දන්නෙමි එය ගැන යමි ඔහු මම කෙටි දුරක්
    ආපසු එන ගමනේ සෙබළුන් මුරදිදී
    විමසයි මගේ ජාතිය රළු බසින් රළු බසින්
    ලල්ලල්ලල්ලල් ලලල්ලලා..////

    පියපත් විදහා යමි මම දැන් නිදහසේ
    මුහුදක් සේ ගැඹුරුයි මට දැන් ජීවිතේ
    පියපත් නැති කවුරුද එන්නේ මාවතේ
    කඳුලක් ගෙන දෝතට දෙන්නෙම් හදවතේ

    අළුයම සිහිලැල් .. කඳුලින්
    නෙත් තෙමා හිමසුනු අතරේ ඒ මාවත දිස්වේ
    පැහැබර කල මැන ඒ ලොව දෙතොලින්
    ගීයක් පුදදෙමි ඔබ වෙනුවෙන්