ශ්‍රී ලංකා හමුදාවට එරෙහි පරීක්‍ෂණ පැවැත්වීමට
ඇමරිකාවට හිමිකමක් නෑ
රජය ඇමරිකා බලධාරීන්ට දන්වයි
කීර්ති වර්ණකුලසූරිය
ජනාධිපතිවරයකු හා අගමැතිවරයකු ඇතුළු 65000 කගේ ජීවිත වැනසූ ලෝකයේ බිහිසුණු කොටි සංවිධානයට එරෙහිව යුද වැදුණු ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වීමට ඇමරිකානු රජයට කිසිදු හිමිකමක් නැතැයි ශ්‍රී ලංකා රජය ඊයේ (18 දා) ඇමරිකානු බලධාරීන්ට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාව ස්‌වෛරී රටක්. ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ක්‍රියාකළ ශ්‍රී ලංකා හමුදාව ගැන පරීක්‍ෂණ පැවැත්වීමට ඇමරිකානු කොන්ග්‍රසයට කිසිම බලයක් නැහැ යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කීවේය. කොටි පරාජයවීම නිසා ඇමරිකාව ප්‍රමුඛ ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකරන අතර ඇමරිකානු කොටි ඒජන්ත විශ්වනාදන් රුද්‍රකුමාරන් ඊට සහාය වන බව අනාවරණය වී ඇත.