පංති භේදයෙන් තොර වැඩකරන ජනතාවගේ ලොවක්......
අතීතයේ එහෙම යම් සිමාවකට හෝ සමාජවාදය ගොඩ නැගුනු ලෝකයේ ප්රබල සමාජවාදී රටවල් පවා අද ධනේශ්වර බලවේග වල අතුරු ඵල වෙලා...ගොදුරු බවට නිකන්ම පත් වෙලා...
අපේ රටේ එලිපිට පංති භේදය පේන්න තියෙනවා හා අත්විඳිනවා..
භයානක පංති භේදය තියෙන්නේ බලගතු ඇමෙරිකානු හා යුරෝපීය රටවල..එලිපිට පෙන්නන්නේ නැහැ..නමුත් ඇතුලතින් ක්රියාත්මක වන්නේ වෙනස්ම ස්වරූපයකින් අදිසි හස්තයක් මඟින්...
අපි තනන්න උත්සාහ ගන්නේ පංති අරගලය නැති ලොවක්.....
බැහැයි කියල දෙයක් මගේ පොතේ නැති හින්දා තවම මං ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා හා ක්රියාත්මක සහභාඟිත්වය ලබා දෙනවා..
ගොඩක් අර්ථවත්...ගැඹුරින් කතා කල යුතුම අන්තර්ගතයක් ගැන ඉතා සියුම්ව හැමට තේරෙන සරල බස් වහරින් නිර්මානය කොට තිබීම ඔබේ දක්ෂතාවයට කදිම නිදසුනක්...
මල්ලියාට මං දවසක් කිව්වා වගේ මල්ලියා තෝරා ගත් මාවත හා නිර්මාන තුලින් මිනිස්සුන්ට හිතන්න බල කරනා රැඩිකල් කමට මං ආදරෙයි...ඕක ඔහොම දිගටම පවත්වාගෙන යන්න..
මල්ලිට ජය!!