එක එක පංති

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    rich-man-poor-man.jpg

    තැන තැන කථා බස්
    සියල්ලම එක් භූමියක
    ලොකු ලොකු කුඩ යට
    සමහරු පොඩි ගස් යට

    ලොකු පංති
    මැද පංති
    පොඩි පංති
    හරියටම දුටුවිට
    වෙනස තේරෙයි යසට

    ලොකු කුඩයක් වෙත ඇදෙන
    සාමාජිකයෙක් ගසක් යට සිටිය
    ඔවුනොවුන්ගේ කථාබහ
    සමාජිකයා නොදුටුව ලෙසට

    පංති සටනේ මූල බීජය
    දුටුවා මම හරිහැටි කලට
    අප සිටින මේ ටික දොහට
    බැරි මන්ද සිටිනට

    සහෝදරයන්ම විලසට?
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පංති භේදයෙන් තොර වැඩකරන ජනතාවගේ ලොවක්......

    අතීතයේ එහෙම යම් සිමාවකට හෝ සමාජවාදය ගොඩ නැගුනු ලෝකයේ ප්‍රබල සමාජවාදී රටවල් පවා අද ධනේශ්වර බලවේග වල අතුරු ඵල වෙලා...ගොදුරු බවට නිකන්ම පත් වෙලා...

    අපේ රටේ එලිපිට පංති භේදය පේන්න තියෙනවා හා අත්විඳිනවා..

    භයානක පංති භේදය තියෙන්නේ බලගතු ඇමෙරිකානු හා යුරෝපීය රටවල..එලිපිට පෙන්නන්නේ නැහැ..නමුත් ඇතුලතින් ක්‍රියාත්මක වන්නේ වෙනස්ම ස්වරූපයකින් අදිසි හස්තයක් මඟින්...

    අපි තනන්න උත්සාහ ගන්නේ පංති අරගලය නැති ලොවක්.....

    බැහැයි කියල දෙයක් මගේ පොතේ නැති හින්දා තවම මං ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා හා ක්‍රියාත්මක සහභාඟිත්වය ලබා දෙනවා..

    ගොඩක් අර්ථවත්...ගැඹුරින් කතා කල යුතුම අන්තර්ගතයක් ගැන ඉතා සියුම්ව හැමට තේරෙන සරල බස් වහරින් නිර්මානය කොට තිබීම ඔබේ දක්ෂතාවයට කදිම නිදසුනක්...

    මල්ලියාට මං දවසක් කිව්වා වගේ මල්ලියා තෝරා ගත් මාවත හා නිර්මාන තුලින් මිනිස්සුන්ට හිතන්න බල කරනා රැඩිකල් කමට මං ආදරෙයි...ඕක ඔහොම දිගටම පවත්වාගෙන යන්න..

    මල්ලිට ජය!!
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම අපූරුයි කසුන්....... දිගටම මේ වගේ වෙනස් ආරක නිර්මාණ කරන්න මං සුභ පතනවා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    පංති භේදයෙන් තොර වැඩකරන ජනතාවගේ ලොවක්......

    අතීතයේ එහෙම යම් සිමාවකට හෝ සමාජවාදය ගොඩ නැගුනු ලෝකයේ ප්‍රබල සමාජවාදී රටවල් පවා අද ධනේශ්වර බලවේග වල අතුරු ඵල වෙලා...ගොදුරු බවට නිකන්ම පත් වෙලා...

    අපේ රටේ එලිපිට පංති භේදය පේන්න තියෙනවා හා අත්විඳිනවා..

    භයානක පංති භේදය තියෙන්නේ බලගතු ඇමෙරිකානු හා යුරෝපීය රටවල..එලිපිට පෙන්නන්නේ නැහැ..නමුත් ඇතුලතින් ක්‍රියාත්මක වන්නේ වෙනස්ම ස්වරූපයකින් අදිසි හස්තයක් මඟින්...

    අපි තනන්න උත්සාහ ගන්නේ පංති අරගලය නැති ලොවක්.....

    බැහැයි කියල දෙයක් මගේ පොතේ නැති හින්දා තවම මං ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා හා ක්‍රියාත්මක සහභාඟිත්වය ලබා දෙනවා..

    ගොඩක් අර්ථවත්...ගැඹුරින් කතා කල යුතුම අන්තර්ගතයක් ගැන ඉතා සියුම්ව හැමට තේරෙන සරල බස් වහරින් නිර්මානය කොට තිබීම ඔබේ දක්ෂතාවයට කදිම නිදසුනක්...

    මල්ලියාට මං දවසක් කිව්වා වගේ මල්ලියා තෝරා ගත් මාවත හා නිර්මාන තුලින් මිනිස්සුන්ට හිතන්න බල කරනා රැඩිකල් කමට මං ආදරෙයි...ඕක ඔහොම දිගටම පවත්වාගෙන යන්න..

    මල්ලිට ජය!!

    බොහොම ස්තූතියි රොන් අයියා , අදහස් වලට සහ දැනුවත් කිරීම සම්බන්දයෙන්,
    පංති සටන නවතන්න ඕනා නම් , තනි පුද්ගල සිතුවිල්ලකින් වැඩේ පටන් ගත යුතුයි , ඒ සදහා මේ දැනුවත් කිරීම ප්‍රයෝජනවත් වේවා..

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Niyamai kassa... ...panthi aragala gana kathawen wadak na kriyawen karala pennanna bari nam... uba hodata liyala...niyamai
     
    nwnbs

    Member
    ගොඩක් වැදගත් අර්ථවත් කාලෝචිත නිර්මාණයක් මිත්‍රයා...හැම වෙලාවෙම සමාජයට පණිවිඩයක් දෙන මේ වගේ නිර්මාණ දිගටම කරන්න.සුබ පතනව ඉදිරි ගමන සාර්ථක වෙන්න...