Ona Gonekta Udda Karanda puluwan Kiwwa Unp Gon Raja Thawan Gon Kathawak Kiyala
ලක්ෂ්මන් කිරිඇල්ල ජනතාව නොමඟ යවනවා
ලියාපදිංචි ඇඟලූම් කම්හල් ප්‍රමාණය 370 යි
එසේ නම් කම්හල් 589 ක් වැසෙන්නේ කොහොමද?
ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා
රනිල් ධර්මසේන
ඇඟලුම් කර්මාන්තශාලා 589 ක් වැසී ගොස් ඇති බව කියමින් එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනතාව නොමඟ යවන බව ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන සහ මාධ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති ඇඟලුම් කර්මාන්තශාලා ප්‍රමාණය 370 ක් පමණකැයි ද, එසේ තිබියදී කම්හල් 589 ක් වැසී යන්නේ කෙසේ දැයි ඇමැතිවරයා විමසීය.
ප්‍රධාන කර්මාන්තශාලා හැර ගම්වල වසා දමා ඇති කුඩා කුඩා ආයතනත් මන්ත්‍රීවරයා ගණන් බලා ඇත්දැයි නොදන්නා බව කී ඇමැතිවරයා එක් කර්මාන්ත ශාලාවක් වැසුනද ඒ වෙනුවෙන් තවත් තැනක කර්මාන්ත ශාලාවක් විවෘත වන බවත් එමගින් විරැකියා ප්‍රමාණය වැඩිවීමක් සිදු නොවන බවත් කීය.
මන්ත්‍රීවරයා පවසන අන්දමට විශාල සංඛ්‍යාවක් වැසී ඇත්නම් රැකියා අහිමි වූවන්ගේ දැවැන්ත පෙළපාලි ඇතිවීම වැළැක්විය නොහැකි යෑයි ඊයේ (24 වැනිදා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා සඳහන් කළේය.