FBI arrested the biggest contributor to LTTE

ඇමරිකන් කොටස්‌ වෙළෙඳපොළේත්
නීති විරෝධී ජාවාරම් කරලා
රාජරත්නම්-කොටි සබඳතා
පිළිබඳ එෆ්.බී.අයි. පරීක්‍ෂණ
ඔබාමා හා හිලරිගේ ඡන්ද වැඩටත් මුදල් වැය කරලා

අත්අඩංගුවට පත් කෝටිපති ව්‍යාපාරිකයා රාඡ් රාජරත්නම් හා කොටි සංවිධානය සමඟ පැවැති සබඳතා ගැන පරීක්‍ෂණ පැවැත්වීම ඇමරිකානු බලධාරීන් විසින් ආරම්භ කර ඇත.

ඇමරිකාවේ මේරිලෑන්ඩ් හි ලියාපදිංචි ස්‌වේච්ඡා සංවිධානයක්‌ හරහා රාඡ් රාජරත්නම් කොටි සංවිධානයට මුදල් යවා ඇති බවට සාක්‌ෂි සැපයෙන ලිපි ලේඛන රාශියක්‌ද එෆ්. බී. අයි. නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව වෝල් ස්‌ට්‍රීට්‌ ජර්නල් පුවත්පත කියයි. 52 හැවිරිදි රාඡ් රාජරත්නම් ඉකුත් සිකුරාදා තවත් පුද්ගලයන් හය දෙනෙක්‌ සමඟ අත්අඩංගුවට පත්වූයේ ඩොලර් මිලියන 20 ක්‌ වංචනිකව උපයා ගැනීමේ චෝදනාවටය. රාජරත්නම්ගේ "ගැලොන් අරමුදල" සතුව ඇති වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 3.7 කි. රාජරත්නම් ලෝකයේ ධනවතුන් අතර 559 වැනියා වේ.

රාජරත්නම් ඇමරිකානු කොටස්‌ වෙළෙඳපළේ නීති විරෝධී ජාවාරම්වල නිරතවී ඇති බවට චෝදනා එල්ලවී ඇත.

2009 ෆොබ්ස්‌ සඟරාවට අනුව රාඡ් රාජරත්නම් ඇමරිකාවේ ධනවතුන් අතර 239 වැනියා වන අතර ජනාධිපති බැරක්‌ ඔබාමාගේ හා හිලරි ක්‌ලින්ටන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ද විශාල වශයෙන් මුදල් ලබාදී ඇත.

රාජරත්නම් මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාලයෙන් වන අතර, මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසකට ඔහු සිය "ගැලොන්" අරමුදල හරහා ආයෝජනය කර ඇත