නැහැ බන් ඔතන දේශපාලන මොල ටිකක් තියනවා....මේ රටේ නිදහස් පක්ෂය 1994 නැගිට්ටලා ගත්තේ SB , ඊට පස්සේ මහින්ද මහත්තයා දිනවලා ගත්තේ මංගල , පරනම මොලකාරයෙක් රනිල්....මනෝගනේෂන් කියන දේ දෙමළ අය අහන එකක් නැහැ... කරුනා,පිල්ලේයාන් කියන එවා අහන්නේත් නැහැ ( දෙමළ අයට එඅය වීරයෝ නෙවි) හැබයි දෙමළ සන්දනය කියන දේ අහනවා..... උන් ගනේශන් කියන දේ අහනවා ඔන්න ඔහොම දේයක් අද දේශපාලනයේ තියනවා බන්....
හැබයි ඔය කියන පුද්ගලයා දිනුවොත් ඔය ඔක්කොටම හුලන් සමහර විට පක්ෂ නැතිව වඩ කරන්න පුලුවන් අය දාගේන රට කරයිද දන්නේ නැහැ....... ( කොහොමද ජන්දය දිනපු ගමන් පාර්ලිමෙන්තුව විසුරුවා හැරලා අගමැති කම දැන් ඉන්න ජානාධිපති තුමාට දුන්නෝත්......ලොල්)
මචන් උබ දන්න ඔලු ගෙඩිය. පිල්ලෙයාන්ට, කරුණට ඕන තරම් ජන බලය තියෙනවා. පොඩ්ඩක් ඔයා එන්නකො මඩකලපුවට.මඩකලපුවේ දැනට තියෙන්නේ සීතල යුද්දයක්. කාන්තන්කුඩියේ මුස්ලිම් සන්නද්ධ කල්ලි බලය පතුරවන්න හදනවා. දෙමල මිනිස්සුන්ට උඩින් මැදිහත් මුස්ලිම් අයට උඩින් තමන්ගේ බලය පතුරවන්නයි එයාල හදන්නේ. කරුණගෙ,පිල්ලෙයාන්ගේ කිල්ලෝට වල කොච්චර හුණු තිබුනත්,ඒ දෙන්නා සහ ටී ඇම් වී පී එක නිසා තමයි මඩකලපුවේ දෙමල මිනිස්සු තවම එච්චර කරදරයක් නැතුව ඉන්නේ.ඒක නිසා මතවාදීව කරුණාට , පිල්ලෙයාන්ට විරුද්ද අය, දෙමල ජාතික සංධානෙට කැමති අයත් උදව් කරන්නේ කරුණාට, පිල්ලෙයාන්ට.නැගෙනහිර පලාතේ මුස්ලිම් අන්තවාදය පවතිනතාක් කල් ඒක වෙනස් වෙන්නේ නෑ. ඒක නිසා චන්දයක් ආවොත් නැගෙනහිර දෙමල චන්ද වැටෙන්නෙ කරුණා , පිල්ලෙයාන් සහය දක්වන කෙනාට තමයි.
හේතුව නැගෙනහිර දෙමල ජනතාවට තියෙන 1ම හයිය තමයි බලය සහිත පක්ෂයට(සංධානෙට) හේත්තු වෙලා ඉන්න පිල්ලෙයාන් සහ කරුණා. ඒක නිසා කරුණා, පිල්ලෙයාන් කියන සාධක අවතක්සේරු කරන්න එපා
දෙවනි කාරනේ තමයි උබ ඔය කියන අයට වඩා රජ මොල කාරයෝ අණ්ඩපාලයෝ තමයි මහින්ද හා ඔහුගේ සහෝදරයෝ ටික.මංගල, ඇස් බී ප්‍රයෝජනයට ගත්තේ ඌ ඇන් පිය ගැන තිබුන මහජන කලකිරීම. රනිල් ප්‍රයෝජනයට ගත්තේ තමන්ගේ දේහපාලන උරුමය.
ඒවුනාට කවුද .....
1.ඌ ඇන්පිය 2කට කඩලා හොදම මන්ත්‍රීවරු තමන් ලගට අරන්, රනිල්ට එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා විතරක් ඉතුරු කරේ?
2.ලොවෙත් කැඩෙන්නේ නෑ, කඩන්න බෑ කියපු ජේ වී පිය 2ට 3ට කැඩුවේ?
3.ආණ්ඩුව එක්ක ජන්මාන්තර වෛරෙන් හිටපු දෙමල සංධානෙ අයව තමන් ලගට ගත්තේ?
4.වෙනම රටක් ඕනමයි කියපු පිල්ලෙයාන්ලව, කරුණාව, පූස් පැටවු කරගත්තේ?
5.මුස්ලිම් කොන්ග්රසය කඩලා රාවුෆ් හකීම්ට යන එන මන් නැතිකරේ?
6.වතු දෙමල අවස්තාවදියොන්ව නම්ම ගත්තේ?
මේවා තමයි මල්ලි නියම දේශපාලන නූල් සූත්තර. මේ සූත්තර දන්න කෙනා තමයි දේශපාලන ගේම් 1 දිනන්නේ.
සරත් ෆොන්සේකා ජනාධිපතිවරනයට ඉදිරිපත් විය යුතුයි, ජයග්‍රහණය කලයුතුයි, මොකද ඔහු රටට වැදගත් , රට වෙනුවෙන් හිතන, හොරකම් නොකරන කෙනෙක් නිසා.
නමුත් මේ ඒ අවස්තාව නෙවෙයි. මේක වැරදි මොහොතක්
මේ වෙලාවේ එයා ජනපතිවරනයට එනවා කියන්නේ වැලේ වැල් නැති, බල ලෝභී පිරිසකගේ උවමනාවන් ඉටු කරනවා කියන එක.
මතක තියාගන්න සරත් ෆොන්සේකා ජනාධිපති වෙන්න ඕන මහින්දව එලවන්නවත්, රනිල්ව අගමැති කරන්නවත්, ජේ වී පී එකට ඇමතිකම් දෙන්නවත් නෙවෙයි, ඔහු ජනාධිපති වෙන්න ඕන රට ගොඩ නගන්න, රට සංවර්ධනය කරන්න, හොරකම් නැති කරන්න, දූශන නැති කරන්න.වැදගත්ම දේ තමයි ඔහු ජනපති වෙන්න ඕන, අපේ අනාගත පරපුරට අපි ශ්‍රී ලන්කාවේ කියලා අභිමානයෙන් කියන්න පුලුවන් රටක් ඇති කරන්නයි.