Anoma Fonseka ත් ඉල්ලා අස්වෙයි
අනෝමා ෆොන්සේකාත් ඉල්ලා අස්වෙයි
රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය ලෙස කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය අද (19) දින සිට කි්රයාත්මක වන පරිදි එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව රණවිරු සේවා අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ති්රවිධ හමුදාවේ සාමාජිකයින්ගේ ආබාධිත දරුවන් වෙනුවෙන් ගොඩනැඟූ “සෙනෙහස”පාසලේ භාරකාරත්වය දැරූ අනෝමා ෆොන්සේකා මහත්මියආරක්ෂක ලේකම්වරයාගේ නියමය මත ඊයේ (18) එම වගකීම්වලින් ඉවත් කරනු ලැබීය. අනෝමා ෆොන්සේකාගේ ඉල්ලා අස්වීම කෙරෙහි තීරණාත්මක ලෙස බලපා ඇත්තේ, එම සිදුවීම බව රණවිරු සේවා ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
Source :- http://wp.me/pI5Gy-3t