ධම්මපදයෙන් අපේ දිවියට - 1

kumarasiri

Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    ධම්මපදයෙන් අපේ දිවියට - 1

    Dhammapa.jpg


    යමක වග්ග
    පවු කළවුන් කරා දුක පැමිණේ




    "අකුසල් ඇතිවීමට සිත මුල් වෙයි. කිලිටි වූ සිතින් ක්‍රියා කළ තැනැත්තා පසුපස්සේ දුක ලුහුබඳී"



    මනෝ පුබ්බ්ඞගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනොමයා
    මනසා චෙ පදුට්ඨෙන
    භාසති වා කරොති වා,
    තතෝ නං දුක්ඛ මන්වෙති
    චක්කං'ව වහතෝ පදං


    අදහස : අකුසල් දහම් වලට සිත මුල් වෙයි.කිළිටි සිතින් යමක් කීවත් කලත් සිතුවත් ඒ සියල්ල අකුසල් ය. එයින් ඔහු පසුපස දුක ලුහුබඳී. ගැල බැඳි ගොණු පසු පස යන රියසක මෙනි.


    නිධාන කථාව :
    ඹදිව සැවැත් නුවර ඉසුරුමත් කුලයෙක පාලිත නම් කෙළෙඹියෙක් (පවුල් කාරයෙක්) විය.සැපතින් වැඩී යසසින් දියුණුවූ ඒ කෙළෙඹියා සම්බුදු රදුන් වැඳීම් පිදීම් සඳහා දෙවුරම් වෙහෙරට රස බොජුන් හා මල් සුවඳ රැගෙන නිතොර යනෙන බොහෝ උවසු උවැසියන් දැක සතොස්ව, ඔවුන් සමඟ වෙහෙරට පැමිණියේ බුදුරදුන්ගෙන් දහම් අසා පැහැදුණේය.ඔහුගේ සැදැහැ සිත මොනවට දියුණු වූයේය. සසර දුක දැක කලකිරී වස්තුකාම ක්ලේශකාමයන්හි ඇලීම් හැර මල්ණුවන්ට සියළු ඉසුරු පවරා දී සැදැහැ සිතින් පැවිදි විය.

    කල් වයස් ඉකුත්ව පැවිදි බව ලත් හෙයින් දහම් ඉගෙණීම (ග්‍රන්ථධූර ) අතහැර විදසුන් (විදර්ශනාධූර ) වැඩුමට එතුමාගේ සිත යොමු විය. මහණ දම් මුදුන් පමුණුවා ගැනීම සඳහා නො නිදාම විදසුන් භාවනා වඩා ඇස් රෝගයකින් බලවත් සේ පෙළුනේය. ඇස්වලට බෙහෙත් කරවා ගැනුමට නො සිතා වෙදැදුරුගේ නියමයන්ද නො සලකා හැරියේය. භාවනාවට පමාවීමට නොකැමැත්තේ ඇස් ගැන කිසි සැලකීමක් ද නැතිව භාවනාවේ ම සිත ඇලවීය. ඒ නිසා රහත් ඵලයට පැමිණීමත් ඇස් අන්ධවීමත් එකවරම සිදුවිය. පසුව උන්වහන්සේ චක්ඛුපාල නම් වූහ.

    පෙර අත් බවෙක ඒ තෙරණුවෝ ඉතා සමත් වෙදැදුරෙක් වූහ. එකල ඇස් රෝගයකින් දැඩිව පෙළෙන ගැහැණියක් ඒ වෙදැදුරු ලවා ඇස්වලට බෙහෙත් කරවා ගත්තීය. මසුරුවූ ඕ ලෙඩේ සුවවීත් කිසිවක් නොදෙන රිසියෙන් සුව නොවූ බැව් සැලකොට වෙදැදුරා රැවැටූහ. ගැහැණියක වීත් කළ ඇවිටිලි සහිත රැවටිලි ගතිය වෙදුට හැඟුණේය. යළි වෙදැදුරු ද්වේෂ සිතින් වැඩි සුවය පිණිස යැයි පවසා විෂ යෙදූ බෙහෙතක් දී ඒ ගැහැණිය ගේ දෙ ඇස් ම අන්ධ කළේය. මේ අවසන් අත්බැව්හි ද ඒ කිලිටි කමේ විපාක දුණි. නොපසුබට ව විදසුන් වඩා රහත් ව දුක් කෙළවර කළත් ඔහුගේ ඇස් අන්ධවීමෙන් නොවැළකුනේය. එහි විපාක රිය බැඳි ගොනුගේ පසුපස යන රියසක දෙපය පෙළන්නාක් මෙන්, එකල චක්ඛුපාල තෙරුන් පසුපස විපාක ලුහුබැඳ ආ සැටි බුදුරජාණන්වහන්සේ වදාළ සේක.
     
    • Like
    Reactions: sudunone

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    සාදු! සාදු!! සාදු!!!
    බොහොම පින් මිතුර, ඔබට... :)

    තෙරුවන් සරණයි!
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land



    නොපසුබට ව විදසුන් වඩා රහත් ව දුක් කෙළවර කළත් ඔහුගේ ඇස් අන්ධවීමෙන් නොවැළකුනේය.

    රහත් වුනත් කර්මය වෙනස් කරන්න බෑ...:no:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මිනිස්සු හුඟක් වෙලාවට කල්පනා කරන්නෙ 'ඌ මට එහෙම කළානම් මං ඌට මෙහෙම කළාට කමක් නෑනෙ.' කියල. නමුත් අනික් මනුස්සයා වැරැද්දක් කළ නිසා අපි ඒකට පාඩමක් හැටියට කරන වැරැද්දත් වැරැද්දක් මයි. ඒ මනුස්සයගෙ වැරදි කර්මෙට අපේ වැරදි කර්මෙ 'අහෝසි කර්ම' වෙන්නෙ නෑ. :no:දෙන්නම කරන වැරදි දෙන්නටම පල දෙනව මිසක්.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    [FONT=&quot]ධම්ම පදය – චිත්ත වග්ග – [/FONT]5

    [FONT=&quot]දූරංගමං ඒකචරං[/FONT]
    [FONT=&quot]අසරීරං ගුහාසයං[/FONT]
    [FONT=&quot]යේ චිත්තං සංයමෙස්සංති[/FONT]
    [FONT=&quot]මොක්ඛන්ති මාරබන්ධනා[/FONT]

    [FONT=&quot]යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ[/FONT][FONT=&quot] තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ [/FONT][FONT=&quot]ශරීර ගුහාවේ නිදන්නා වූ[/FONT][FONT=&quot]මේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්.[/FONT]
     

    danujal

    Member
    Mar 13, 2008
    13
    1
    0
    About a book

    Kata hari mathaka da danne naha.. Pothak thibba.. Buddha charithaye posters thiyenne.. Loku diga pothak. Ane kata hari mathana nam mee pothey name.. please mata kiyanne.

    Mey potha hoyaganne baha dan kohe wath naha..

    Please help
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Kata hari mathaka da danne naha.. Pothak thibba.. Buddha charithaye posters thiyenne.. Loku diga pothak. Ane kata hari mathana nam mee pothey name.. please mata kiyanne.

    Mey potha hoyaganne baha dan kohe wath naha..

    Please help

    දන්නෙ නෑ සහෝ. බලමු. දන්න කෙනෙක් ඉන්නවනම් හොයල දෙයි. කර්තෘගෙ නම එහෙම මතක නැද්ද?
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    යමක වග්ග - 19 ගාථාව

    බහුම්පි චෙ සහිතං භාසමානෙ
    න තක්කරෝ හොති නරො පමත්තො
    ගෝපෝ’ච ගාවෝ ගණයං පරෙසං
    න භාගවා සාමඤ්ඤස්ස හෝති.

    පද සම්බන්ධය :

    පමත්තෝ නරෝ සහිතං බහුං අපි භාසමානෝ චේ තක්කරෝ න හෝති; පරෙසං ගාවෝ ගණයං ගෝපේ ඉච සාමඤ්ඤස්ස හාගවා න හෝති

    අදහස :


    පමා වූ මිනිසා බුද්ධ වචනය බොහෝ ප්‍රමාණයක් හෝ කියන්නේ නමුදු (එපසණකින්) ඒ කී දෙය කරන්නෙක් නොවේ; අනුන්ගේ ගවයන් ගණිමින් බලා ගන්නා ගොපල්ලෙකු බඳු හෙතෙම මහණකමේ ප්‍රතිඵල ලැබීමට හිමිකරුවෙක් නොවේ.


    පොඩ්ඩ පොඩ්ඩ හරි පිළිපදින්න පටන් ගන්න කියලයි කියන්නෙ. අපි මහණ වෙලා නැති නිසා අපට අදාල නෑ කියල එකක් නැහැ. සසර කෙටි කර ගන්නනම්, ඒත් බැරිනම් දෙව් මිනිස් සැප ලබන්නනම් හොඳ දේවල් ජීවිතයට එක් කරගන්න ඕනෙ.:)