ධම්මපදයෙන් අපේ දිවියට - 3
චිත්ත වග්ග
විඤ්ඤාණය පහවූ විට සිරුර දරකඩක් වැනිය
"මේ සිරුර සිත නැති කල වැඩ්කට නැත. දර කඩක් සේ පොළෝ මත හොනේ ය."
අචිරං වත'යං කායො
පඨවිං අධි සෙස්සති
ඡුද්ධො අපෙත විඤ්ඤාණො
නිරත්ථං'ව කලිඞගරං
අදහස : නියත වශයෙන්ම මේ කය බොහෝ කල් නො පවතී. විඤ්ඤාණය පහව යාමෙන් පසුව ඉවත දැමූ නිරර්ථක දරකඩක් මෙන් පොළොව මත හොවී.
නිධාන කථාව :
සැවැත් නුවර තිස්ස නම් තෙර නමක් ලෙඩින් පෙළුණි. සියලු සිරුර ගෙඩි හටගෙන බලවත් සේ ගිලන් විය. අබ ඇට පමණ බිබිලි හටගති. පසුව මුං, කඩල, ඩෙබර, නෙල්ලි, බෙලි පමණ වූ ගෙඩිවලින් සිරුර වැසී යන තරම් විය. ඇතැම් ගඩු සිදුරු වී ඇට පැලී පිටවී ගිය සැරවයෙන් හා ලෙයින්ද යුක්ත කය වේයන් කෑ පරඬැල් පතක් සේ විය. ඒ නිසා උන්වහන්සේට පූතිගත්ත යන නම ද, එකතු වීය. පූතිගත්තතිස්ස යන නම ඇතිවූයේ එතැන් සිටය. මේ පෙරකම් පලදීමකි.
ඒ තෙරණුවෝ කසුප් බුදුරජුන් දවස ගිහි ගෙයි වැසි දක්ෂ වූ කුරුළු වැද්දෙකි. බොහෝ කුරුල්ලන් සැමදා අල්වා තෑගු දෙයි. මිළ කෙරෙයි. කෑමට ගනියි. එසේ කොට සෙස්සන් පියාඹා යා නොහැකි ලෙස කෙණ්ඩා සිඳ පියාපත් උපුටා අඬු ඇට කඩා තබා පසුදා විකුණයි. මෙසේ දිවි රැකෙන ඔහු නිවසට පිඬු පිණිස ගෙපිළිවෙළින් වැඩි රහත් නමක් දැක සතුටු වී සැදැහැ සිතින් දන් පුදා වැඳ මම බොහෝ පවු කළෙමි. මෙබඳු පිනක් නමුදු කරගැණීමට ලැබීම වාසනාවකි. මේ පිනෙන් ඔබ ලත් දහම ම මටත් මුදුන් පත් වේවා යි පැතූයේය. ඒ කෙරුණු දරුණු පව්කමේ හා සුළු පින්කමේ පල මේ අත් බවේ දී මෙසේ ලැබුණේය.
ලෙඩ බැලීම සඳහා වැඩි බුදුරජාණන්වහන්සේ පිළියම් සැලසුමට හා උවටැනට පටන් ගත්හ. ගිනිහල්ගෙට වැඩමවා පැන් උණුකොට තබා වැද හෝනා ඇඳ කොණක් එසවූහ. එවිට භික්ෂූන් වහා පැමිණ ඇඳ දෙකොණ ම ඔසවා ගිනිහල් ගෙය වෙතැ ගෙන ගියහ. බුදුරදුන්වහන්සේ ඒ කුණු සිරුර ඔරුවක බහා මඳක් උණුපැනින් සෝදා නාවා සියුම් වූ පිරිසිදු පිළියෙන් පිරිමැදි සේක. සැරවෙන් හා ලෙයෙන් තෙත් වූ හඳන පෙරවන සිවුරු තද උණු දියෙන් සෝදවා පිරිසිදු කළ සේක. සිත් සේ උවටැන් ලැබුමද සිරුර හා සිවුරු පිරිසිදු වීමද නිසා තෙරුන් ගේ සිත එකඟවිය. පැතුම ඉටුවන අත් බවත් මේමය. එහෙයින් එකෙණෙහිම එකඟවූ සිත් ඇති ඔවුනට බුදු රදු " මේ සිරුර නොබෝ කලෙකින් පහවූ සිතැති ව හැර දමන ලදුව නිසරු දඬු කඩක් මෙන් පොළොව හෝනේ" යි වදාළ කල විදසුනට සිත නැගී රහත්ව පිරිනිවී සේක.