මිනිසත් බව දුලබ ය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේ ය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මිනිසත් බව දුලබ ය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේ ය. ලොව්තුරා බුදු බව පසේබුදුබව රහත් බව යන ලෝකෝත්තර සම්පත්තීන් හා සකල ලෞකික සම්පත්තීන් ද ලැබීමේ මග සාදා ගැනීමට මිනිසත්බව ඉවහල් වන්නේ ය. බොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනයකැයි නොසැලකිය යුතු ය. පස්කම් සැප විඳීම මිනිසත් බවින් ලබන්නට ඇති ඉතා සුළු ප්‍රයෝජනයකි. මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනය නම්, අනාගත සංසාරයෙහිදී පිහිටවීමට ශීලසමාදානාදි කුශල ක්‍රියාවන් කර ගැනීම ය. පස්කම් සැපය සිහිනයක් බඳු ය. කොතරමි උසස් ලෙස පස්කම් සැප ලැබුයේ ද ඒවායින් අනාගත සංසාරයට නපුරක් මිස යහපතක් නැත. තුනුරුවන් සේවනය නො කරන ශීලසමාදානාදි පින්කම්හි නො යෙදෙන, පස්කම් සැපයෙහි ම ඇලී සිටින, ඒවා නිසා නොයෙක් පව්කම් කරන මිනිසා මරණින් මතු ඔසවාගෙන ගොස් අතහරින ලද්දක් මෙන් අපායට වැටෙන්නේ ය. අපායෙහි උපන් ඔහුගේ මළසිරුර නෑමිතුරන් විසින් සැරසූ මගින් පාවාඩපිටින් මහ පෙරහරින් චිතකය කර ගෙන ගොස් බොහෝ භික්ෂූන් වහන්සේ වැඩම කරවා උසස් කථිකයන් ගෙන්වා නන් අයුරින් ගුණ කියවා ආදාහන කෙළේ ද, ඒවා අපායෙහි සිටින තැනැත්තා නො දැන ගන්නේ ය. එතැනට වැඩම කරන භික්ෂූන් වහන්සේ ඔහු ගොඩ ගැනීමට නොසමත් වන්නාහ. මියගිය ඔහුගේ ගුණ වර්ණනා කරන කථිකයෝ ද, එසේ කරවන නෑ මිතුරෝ ද ඔහු අපායෙන් ගොඩ ගැනීමට නො සමත් වන්නාහ. ඔහු ඉතා දීර්ඝකාලයක් කළ පව්කම්වල විපාක විඳින්නේ ය. වර්ෂ කෝටි ගණනකිදු ඔහුට නැවත මිනිසත් බවක් නො ලැබිය හැකි වන්නේ ය.

    රිසි සේ ආහාරපාන නො ලබන, ඇඳුම් පැළඳුම් නො ලබන, අමාරුවෙන් අඹුදරුවන් පෝෂණය කරන, බර වැඩ කොට ජීවත්වන දුගියකු වුවද, තෙරුවන් සේවනය කරන්නේ නම්, පව්කමින් වළකින්නේ නම්, පොහොය සිල් සමාදන් වන්නේ නම්, ඔහු මරණින් මතු නින්දෙන් අවදි වූවකු මෙන් දෙව් ලොව දෙවියන් අතර පෙනී සිටින්නේ ය. ඔහුගේ මළ සිරුර පැදුරු කබලක ඔතා ගෙන ගොස් වළ දැමූයේ ද එයින් දෙව්ලොව දෙව් සැපතින් කල් යවන ඔහුට වන හානියක් නැත. ඔහු තමා ලැබූ මිනිසත් බව සඵලකර ගත්තේ ය.

    අඹුදරුවන් පෝෂණය කරමින් ජීවත්වන මිනිසාට සැමදාම පින් කිරීමෙහි යෙදෙන්නට ඉඩක් නැත. එබැවින් පැරණියෝ මසකට දින සතරක් පින් කිරීම සඳහා වෙන්කර ගත්හ. පෝය දවස් ය කියනුයේ ඒ දිනවලට ය. පොහෝ දිනයන් නියම කරගෙන තිබුණේ බුදුරදුන් ලොව පහළ වීමට පෙර සිට ය. උන්වහන්සේ ද ඒ පෝය දින එසේම පිළිගෙන ඒ දිනවලදී පෙහෙවස් විසීම අනුදැන වදාළ සේක. එබැවින් බෞද්ධයෝ ඒ දින වලදී සිල් සමාදන්වීම පුරුදු කර ගත්හ.

    සැදැහැති නුවණැති බෞද්ධයෝ අන් කටයුතුවල නොයෙදී පොහෝ දිනයෙහි සිල් සමාදන් වෙති. සිල් සමාදන් නො විය හැක්කෝ ද ඒ දිනයෙහි විහාරස්ථානවලට ගොස් දහම් ඇසීම් මල්පහන් පිදීම් ආදි පින්කම් කරති. විශේෂයෙන් පව්කම්වලින් වැළකෙති. රක්ෂාව පිණිස සතුන් මරන්නෝ එදින සතුන් නො මරති. සතුන්ගෙන් වැඩගන්නෝ එදින වැඩ නො ගනිති. ගොවීහු පොළොව කෙටීමෙන් හා හේන් ගිනි තැබීමෙන් වළකිති. පොහෝ දිනය දෙව්ලොව දෙවියන්ගේ ද සැලකිල්ලට භාජන වී ඇති දිනයකි. පොහෝ දිනයන්හි දෙවියන් මිනිස්ලොව ඇවිද පින් කරන මිනිසුන් ගණන් ගන්නා බව ලෝකානුවිවරණ සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.

    ( පොහොය දිනය - අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානාහිමි )

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator

    so give us ur valuable things, we give u imaginable "PIN" and we live happily telling u all the bullshit u think it's true. and this method helps to control u idots so government can tax u and fuck ur ass and so government people can enjoy,

    basically, u give us willingly and government take u from force. in the end u suffer while we enjoy!

    religion and government is created to control humans, to stop them killing each other!