ධම්මපදයෙන් අපේ දිවියට - 2
යමක වග්ග
සැප පින් කළවුන් කරා පැමිණේ
"කුසල් දහම් වලට සිත මුල් වෙයි. පැහැදුනු සිතින් ක්රියා කළ තැනැත්තා පසුපස සැප ලුහුබඳී"
මනෝ පුබ්බඞගමා ධම්මා
මනෝ සෙට්ඨා මනොමයා
මනසා චෙ පසන්නෙන
භාසතිවා කරොතිවා
තතො නං සුඛ'මන්වෙති
ඡායා'ව් අනපායිනී
අදහස : : කුසල් දහම් වලට සිත මුල් වෙයි. පහන් සිතින් කීවත් කළත් සිතුවත් ඒ සියල්ල කුසල්ය. එයින් ඔහු පසුපස සැප ලුහුබඳී. අත නොහැර යන සෙවනැල්ල මෙන්.
නිධාන කථාව :
සැවැත්නුවර ඉසුරුමත් වූ මසුරු බමුණෙක් විය. ඔහුගේ ධනය රකුසන් අරක් ගත් විලක් සේ නිෂ්ප්රමයෝජනව රැකේ. ඔහු පිනට හෝ අන් අනුන්ට වැඩ සඳහා බොහෝ වූ සිය ධනයෙන් මඳකුදු කිසිවෙකුට කිසිදවසක නොදෙයි. එහෙයින් හේ අදින්න පුබ්බක යැයි හැඳින්විණි. ඔහුගේ කෑම් බීම් කෙරෙන්නේ ඉතා නිසරු සේය. දිවි රැකුම කටුකය. මසුරු වූ ඔහුට එකම පුතෙක් විය. ආභරණ සෑදවීමට රන්කරුවන්ට වැටුප් දිය යුතු බැවින් බමුණාම (කැටයම් ආදිය නැති ) අරුංගල් දෙකක් පිළිවෙල කොට සිය පුතුට පැළඳවීය. එයින් පුතු මට්ටකුණ්ඩලී නම් විය.ධනය වියදම් වන නිසා පුතුට සිප් සතර පිළිබඳ උසස් වූ ඉගැනුමක් ද ලබා නොදුන්නේය. පුතුගේ නුවණ දියුණුවට නිසි මගක් ද නො සැලසුනේය.
ම්ට්ටකුණ්ඩලී පුතු වියතකු නො වූවත් ගුණවතෙකි. පවෙන් වැළකී වැඩුණේය. පියාගේ මසුරුකම බලවත් නිසා පුතුට කෑම් බීම් පමනක් නොව ඇඳුම් පැළඳුම් හා ඉගෙණීම් ද රිසි සේ නොලැබුණි. ඒ විශාල ධනයෙන් කයට සිතට පීඩාවක් විනා මඳ සැනසීමකුදු ඒ බමුණාට නැති විය. සැපයෙන් තොරව වැඩෙන පුතුද ගිලන් වුයේය. ධන හානිය ගැන සැළකූ බමුණා වෙදකු ලවා ලෙඩට පිළියමක් කරවීමට මැළි විය. එහෙයින් රෝගය දියුණු වූයේය. බලවත්සේ රෝගයෙන් පෙළෙන පුතු මරණාසන්නව වැතිර සිටියේය.
පිය බමුණාට පුතාගේ රෝගය බලවත් බව හැඟුනේය. ලෙඩ බැලීමට හෝ මළ කල්හි අවමඟුලට හෝ එන්නන් ධනරැස දකිතියි සිතා පුතු ගෙතුළෙන් ගෙනැවිත් බරාඳයේ නිදි කරැවූයේය. එදා ඒ නිවෙස් ළඟින් ඔවුන් කෙරෙහි කුලුණින් වැඩි බුදු රදුන් දැක මට්ටකුණ්ඩලීගේ සිත පැහැදුණේය. ලෙඩට පිළියම් රහිතව සිටි ඔහුට පරලොවට පිළියම් සැලසිණ.ඔහු කළු රිය කොට ඒ පසන් සිතින් හට ගැනුණු කුසල් බෙලෙන් දෙව් ලෝ උපණ. ඒ නිමිතිකොට බුදු රදහු පහන් සිතින් කෙරෙන කුසල්, උන් පසු පස්සේ ලුහුබැඳ ගොස් සැප ලබා දෙන අයුරු වදාළ සේක.