හරියට බැලුවොත් අපි කාගෙවත් පැත්තක් ගන්න ඕන නෑ... මොකද අපි මහ ජනතාවගේ පැත්තේ ඉන්නේ.... ඉතින් අපි එන ඕනෑම ආන්ඩුවක් හෝ ජනපතිවරයෙක්/වරියක් කරන්නා වූ හරි දේ වර්නනා කරන එක අඩුවෙන් හා අදාල බලධාරියා අතින් විය යුතු සියලු කටයුතු මනාව නිරීක්ශනය කොට, වැඩියෙන් එම දුර්වලකම් හෝ අකටයුතුකම් පෙන්වීම කල යුතුයි.. කෙසේ වෙතත් මහින්ද රාජපක්ශ අතිගරු ජනාධිපති තුමා ගත්තම ඔහු තනතුරේ ඉන්න කාලේ සිදු වූ ලොකුම සේවය වූ ත්‍රස්ත මර්දනය කෙසේ කොහොම ඇත්ත තිත්ත වූවත් මිනිසුන් විසින් පිලිගනු ලබන්නේ එතුමා කල බවිනි... කෙසේ වෙතත් සරත් ෆොන්සේකා ගරු හිටපු ත්‍රිවිධ සේනාධිපති තුමාද ඒ අයුරින්ම වර්ණනා ලැබිය යුතු උතුම් චරිතයකි. එහෙත් මා මෙතනදී දකින විදියට මේ දෙපලගෙන් කිසිඳු පාර්ශ්වයක් භය වෙල නෑ. ජනාධිපති තුමා බයවෙලා කියනවනම් එතුමාට මේ තත්වයෙන් ඉන්න අවශ්‍යතාවයක් නෑ... එහෙනම් එතුමා ජනාධිපතිවරනය මේ වෙනකොට ප්‍රකාශයට පත් කරල ඉවරයි... ඒ වගේම බැලුවොත් සරත් ෆොන්සේකා මහතා පැත්තෙන් එතුමා කෙසේ හෝ ධූරයට පත් වූවොත් අපේ රට විනය අතින් වගේම ගොඩක් ක්ශේත්‍ර මගින් දියුනු වෙනවා අනිවාර්යයි... පාතාලයක් කියන වචනෙත් තහනම් කරාවි... රාජ පුරුශයෙක් ජනපති වුනා වේවි... ඒත් මැතිවරන කලාව, දේශපලනය කියන විජ්ජා මාතෘකා දෙක ගත්තම.., මහින්ද රාජපක්ශ මහත්මයා ඉදිරියෙන්... කෙසේ වෙතත් ලබන ජනවාරියේ පැවැත්වෙන ජනාධිපති මැතිවරණය නිට්ටාවටම පැවැත්වෙනවා කියන එක මට අනිවාර්ය්යෙන්ම කියන්න පුලුවන්...! මෙතනදි රනිල් මහත්මයා ගැන කතාකරොත් මට මල පනිනවා...