මේක දැම්ම එක හොඳයි කවුරුත් දැනුවත් වෙන්න. වැඩිහිටියන්- දෙමවුපියන්, ගුරුවරුන්- ළමයි ගැන සොයා බලනවනම් මෙහෙම දේවල් වෙන්න ඉඩකඩ අඩුයි. අනික හදිසියකදි ගන්න පියවර මොකක්ද කියන එක ගැන, මේ වගේ සිද්දියකට මුහුණ දුන්නනම් ඊට පසු ගත යුතු පියවර ගැන ළමයින් දැනුවත් වෙන්න ඕනෙ. වැදගත්ම දේ වළක්වා ගැනීම. මම හිතන්නෙ දන්නා හඳුනන ළමයි රංචුවක් පිටින් හැසිරෙනකොට වඩා ආරක්ෂිතයි. අනික ඔය වගේ දෙයකට මුහුණ දුන්නට පස්සෙ බය වෙන්නෙ දෙමවුපියන් බනියි ගහයි කියන එකටයි, දෙමවුපියන් සමග මෙහෙම දෙයක් කතා කරන්න තියෙන ලැජ්ජාවටයි. සාමාන්‍යයෙන් වැඩිහිටියනුත් මේ වෙලාවට වැරැද්ද දාන්න මේ ගෑණු ළමයගෙ පැත්තටමනෙ. නමුත් මේ ළමයෙක් කියන එක අමතක කරන්න නරකයි. වැඩිහිටි ස්ත්‍රීනුත් අසරන වෙන, රැවටෙන එකේ, ළමයෙකුට වැරැද්ද පටවන එක අසාධාරනයි. දැන් හරි පොලිසියට දන්වලා ඔය කල්ලිය අල්ලන්න බැරි නෑනෙ. අනික දැන්මම ඕක නැවතුණේ නැත්නම් ඊළඟට ඔය ලමයා මවක් වෙලා තමයි නවතින්නෙ.
අපට හැම වෙලේම නංගිලා පස්සෙ, දියණියන් පස්සෙ ඇවිදින්න බැරි නිසා, ඔවුන්ව මේ පිළිබඳව දැනුවත් කිරීම තමයි හොඳම විදිහ.