දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලට ජනපති මුල්ගල තබයි
හම්බන්තොට මත්තල ඉදිකරන්නට යන දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලට මුල්ගල තැබීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඊයේ (27) සිදුකෙරිණි. ඇමරිකානු ඩොලර් මිලියන 200ක වියදමකින් ඉදිවන නව ගුවන් තොටුපල පළමු අදියර 2011 වසරේ නිමකිරීමට නියමිතය. චීන මහජන රජයේ ණය සහනාධාර යටතේ සිදුවන මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිවන නව ගුවන් තොටුපල භූමි පරාසය හෙක්ටයාර 2000 කි. පළමු අදියරේදී හෙක්ටයාර 800 ක ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කොට තිබේ.
සමරුඵලකය විවෘත කරමින් ජනාධිපතිවරයා ගුවන් තොටුපල ඉදිකිරීමේ අවස්ථා සනිටුහන් කරනු එක් ඡායාරූපයකින්ද, ගිවිසුම අදාල ලිපිලේඛන හුවමාරු කරගැනීම හා ගුවන් තොටුපල ඉදිවන භූමියේ දර්ශනයක්ද ඡායාරූපවලින් දැක්වේ.
වරාය හා ගුවන් සේවා ඇමැති චමල් රාජපක්‍ෂ, ජාතිය ගොඩනැගීමේ ඇමැති ජගත් පුෂ්පකුමාර, ජලසම්පාදන ඇමැති මහින්ද අමරවීර, සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න, ගුවන් තොටුපල හා ගුවල් සේවා සමාගමේ සභාපති ප‍්‍රසන්න වික‍්‍රමසූරිය, පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි නිරූපමා රාජපක්‍ෂ සහ ශ‍්‍රි ලංකාවේ චීන තානාපතිනි යෑන්ග් ෂියුපින්ග් මහත්ම මහත්මීහුද ඡායාරූපවල වෙති.
Source :- http://wp.me/pI5Gy-43







