Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

kingdewi

Well-known member
  • ඔයාගේ වෘතීමය අත්දැකීම් වලින් කියන කතාව හරි ( මං දන්න විදිහට ඔබ සෞඛ්‍ය සේවයේ කෙනෙක්)

    අවවාදයට වඩා ආදර්ශයට උතුම් කියන එක වෙනස් වෙච්ච අවස්ථාවක් මේක :nerd:
    මතට තිත යන සංකල්පය කවුරුන් ඉදිරිපත් කළද කුමන තලයකින් ක්‍රියාත්මක වුවද එය හා එයත් සමඟ ස්ථාපිත වූ නීති රීති වලින් ලංකාවේ මත්පැන් හා විශේෂයෙන්ම දුවැටි භාවිතය 20% -25 % ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු වෙලා තියනවා පහුගිය වසර 5 තුළ

    ඔවු..යාලුවෙ..බලයට එන කවුරුන් හරි කමක්නැහැ මේව හැකිතාක් පාලනය කරනව නම් ( නවත්වනවනම් හොඳටම හොදයි..ඒත් මම හිතනව නවත්වන්න බැහැයි කියල ) සමාජයට යහපත් වේවි.රටටත් යහපත් වේවි!!
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේක පටන් ගත්තේ ඔකට උනාට බන් අන්තිමට ගියේ ගරු නම්බුව පිලිබද ප්‍රශ්නයක්
    සමිත මාව පෞද්ගලිකව දන්න නිසා මං කරන සමීක්ෂණය ගැනත් දන්නවා ඇති..:)
    ෆෝරම් එකක ප්‍රශ්න කතා කරන කොට එක එක්කෙනා අදහස් ප්‍රකාශ කරන ආකාරය වෙනස්
    ඒක ඒ ඒ අයගේ හැටි
    ඒත් කරුණු ඉදිරිපත් කරද්දී ඒවා ඉදිරිපත් කරද්දී පොඩ්ඩක් විවෘතව බලන්න ඕන
    අනික මං හිතන්නේ උඹ දන්නවා මං ජෙනරාලුත් මහින්දත් දෙන්නටම ගරු කරනවා සිංහලයෙක් හැටියට හා ලංකාව නිදහස් කර ගැනිමේදී ඔවුන් කරපු කාර්ය භාරය ගැන..
    ඒ නිසා මං කැමති නෑ ඒ දෙන්න ගැන කතා කිරීමට හෝ මඩ ගැසීමට..
    ඒත් සමහර තැන් වලදී ඒ ගැන කියන්න වෙයි
    :dull:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    මටත් එපාවුනා එකේක අයගෙ ජාතකනෙ අන්තිමට අදෙන්න ගත්තෙ....
    අපි කතා කරන්න පටන්ගත්ත අණ්ඩුවෙ 'මතට තිත' සහ SF මාධ‍ය හමුවෙදි කියපු කතාව ගැන.....
    යන්න්නෙ කොගෙද මල්ලෙ පොල් වගේ කේස් එකක්.....
    එකයි මාත් සද්ද වහල පැත්තකට වෙලා බලන් හිටියෙ.....
     
    May 17, 2006
    3,632
    90
    0

    දැනගන්නත් සතුටුයි
    දැනුම බෙදාගන්න අපි අහන් ඉන්න ලැස්තියි
    :)

    ඔව් අමිල ඔයා දන්න එවා කියන්න..එවා වැදගත් වෙයි...
    අනික අමිල මම අහලා තියනවා මේ කාලයේ කොලඹ් පැත්තේ club වල එහෙම භාවිතා වෙන පෙත්තක් ගැන ඔයාලා ඔය සමික්ෂනයට එවත් ගත්තද ? මොනවා ද එකේ විස්තර ? දන්න දෙයක් තියනවානම් අපිට කියන්න...
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    මටත් එපාවුනා එකේක අයගෙ ජාතකනෙ අන්තිමට අදෙන්න ගත්තෙ....
    අපි කතා කරන්න පටන්ගත්ත අණ්ඩුවෙ 'මතට තිත' සහ SF මාධ‍ය හමුවෙදි කියපු කතාව ගැන.....
    යන්න්නෙ කොගෙද මල්ලෙ පොල් වගේ කේස් එකක්.....
    එකයි මාත් සද්ද වහල පැත්තකට වෙලා බලන් හිටියෙ.....

    koheda yana gonek awasthawata nogelapena prashnayak aheuwa ekai aula
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔයාගේ වෘතීමය අත්දැකීම් වලින් කියන කතාව හරි ( මං දන්න විදිහට ඔබ සෞඛ්‍ය සේවයේ කෙනෙක්)

    අවවාදයට වඩා ආදර්ශයට උතුම් කියන එක වෙනස් වෙච්ච අවස්ථාවක් මේක :nerd:
    මතට තිත යන සංකල්පය කවුරුන් ඉදිරිපත් කළද කුමන තලයකින් ක්‍රියාත්මක වුවද එය හා එයත් සමඟ ස්ථාපිත වූ නීති රීති වලින් ලංකාවේ මත්පැන් හා විශේෂයෙන්ම දුවැටි භාවිතය 20% -25 % ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු වෙලා තියනවා පහුගිය වසර 5 තුළ

    මම හිතන්නෙ 'මතට තිත' කෙසේවෙතත් මේ රටෙ නීතිය හරියට ක්‍රියත්මක වෙනවනම් මත්පැන් කියනදේ අපි කාටත් කරදරයක් වෙන එකක් නෑ......
     
    May 17, 2006
    3,632
    90
    0
    සමිත මාව පෞද්ගලිකව දන්න නිසා මං කරන සමීක්ෂණය ගැනත් දන්නවා ඇති..:)
    ෆෝරම් එකක ප්‍රශ්න කතා කරන කොට එක එක්කෙනා අදහස් ප්‍රකාශ කරන ආකාරය වෙනස්
    ඒක ඒ ඒ අයගේ හැටි
    ඒත් කරුණු ඉදිරිපත් කරද්දී ඒවා ඉදිරිපත් කරද්දී පොඩ්ඩක් විවෘතව බලන්න ඕන
    අනික මං හිතන්නේ උඹ දන්නවා මං ජෙනරාලුත් මහින්දත් දෙන්නටම ගරු කරනවා සිංහලයෙක් හැටියට හා ලංකාව නිදහස් කර ගැනිමේදී ඔවුන් කරපු කාර්ය භාරය ගැන..
    ඒ නිසා මං කැමති නෑ ඒ දෙන්න ගැන කතා කිරීමට හෝ මඩ ගැසීමට..
    ඒත් සමහර තැන් වලදී ඒ ගැන කියන්න වෙයි
    :dull:

    අමිල ඔයත් මම හැන දන්නවා නේද ? මම කවදාකවත් කෙන්ක්ගේ හිතක් රිදවන්න හදන්නේ නැහැ..මමත් ඔය මහින්ද / සරත් දෙන්නටම ගරු කරනවා ඒ දෙන්නට මඩ ගහන්න එපා කියලා thread එකක් දැම්මෙත් මම...එ දෙන්නාගෙන් කෙනෙක්ට මඩ ගනකොට මම එක එපා කියලා තියනවා..මට මෙතන තිබ්බේ සරත් /මහින්ද ප්‍රශ්නයක් නෙවි...කතා කරන විදිහේ ප්‍රශ්නයක් මට එකටනම් මළ පැන්නා මොකද මම එයාට උඹ ඇරෙන්න වෙන මුකුත් කියපු නැති නිසා
     
    May 17, 2006
    3,632
    90
    0
    මටත් එපාවුනා එකේක අයගෙ ජාතකනෙ අන්තිමට අදෙන්න ගත්තෙ....
    අපි කතා කරන්න පටන්ගත්ත අණ්ඩුවෙ 'මතට තිත' සහ SF මාධ‍ය හමුවෙදි කියපු කතාව ගැන.....
    යන්න්නෙ කොගෙද මල්ලෙ පොල් වගේ කේස් එකක්.....
    එකයි මාත් සද්ද වහල පැත්තකට වෙලා බලන් හිටියෙ.....

    ඔව් අපේ ජාතකය කියන ගමන්.එයාට ගරු නම්බු දෙන්න කියනවා...හැබයි ම්ගේ මුනට ඔය කතා කිව්වනම්........:frown::frown:
     
    May 17, 2006
    3,632
    90
    0
    මම හිතන්නෙ 'මතට තිත' කෙසේවෙතත් මේ රටෙ නීතිය හරියට ක්‍රියත්මක වෙනවනම් මත්පැන් කියනදේ අපි කාටත් කරදරයක් වෙන එකක් නෑ......

    එක නම් ඇත්ත.....
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    koheda yana gonek awasthawata nogelapena prashnayak aheuwa ekai aula

    දැන්වත් අපි හරි දේ කත කරමු.......
    'අමිල' මම ඔයා ගන දන්නෙ නැතිවුනත් මම හිතනව ඔය කතා කරන විදිහට ඔයා මෙ ගැන වැදගත් කරුනු දන්නව කියන එක.....
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    දැනගන්නත් සතුටුයි
    දැනුම බෙදාගන්න අපි අහන් ඉන්න ලැස්තියි
    :)

    මේ ජෙනරල් ගේ ප්‍රකාශය හා සම්බන්ධව නොව මේ ත්‍රෙඩ් එකේ ඉදිරිපත් වූ කරුණු ගැන මට කියන්න තියන දේ
    1.මත් පැන් හෝ දුම්වැටි පාවිච්චි කිරීම හා නොකිරීම ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත ( ඔය නීතිය ගේන්න මූලික වෙච්ච මහින්දත් හොදට බොනවා :nerd:)

    • ඒත් ඒවායෙන් වෙන හානී ගැන පුද්ගලයා වග කියන්න ඕන
    • අනික ඒවාට ප්‍රතිකාර කිරීමට රජය වැය කරන මුදල් ප්‍රමාණය බැලුවම බදුවලින් අය කරගන්නා ප්‍රමානයට වඩා කිහිප ගුණයක්( මේක පිළිබදව ගැටළුවක් තිබේ නම් අහන්න)
    2.ඒත් සමාජයට හානිකර අන්දමින් ඒවා භාවිතය අනුමත කරන්න කොහෙත්ම බෑ
    • මහජනයා හැසිරෙන ස්තානවල දුම් පානය
    • බාලවයස්කාරයන් ඒවා ට හවුල් කර ගැනීම
    • බීමත්ව රිය පැදවීම
    • බීමත්ව ප්‍රසිද්ධ ස්තානවල හැසීරීම හා කළකෝලහල ඇතිකර ගැනීම
    3. මත්පැන් හා දුම්වැටි ලංකාවට ගෙන ආවේ විදේශිකයන් ..ඊට කලින් මත් පැන් තිබුණා නම් ඒවා සැර අඩු මත්පැන් වර්ග..දුම්වැටි හා දුම් කොළ තිබුනෙම නෑ..ඒ නිසා මෙය අපේ සංස්කෘතියට ආගමට ගැලපෙන දෙයක් නෙවේ..ඒකට පිටින් ඉන්නා ඕනෑම අයකුට මේවා භාවිතය සාධාරණි කරණය කළ හැක :nerd:
    4.දත්ත හා සංඛාලේකණ බැලූවිට ලංකාවේ
    සාමාන්‍ය ජනයා අතරදහමුදා හා පොලීසිය වැනි කලින් දුම්පානය හා මත්පැන් භාවිතයට අවසර ලැබුණ කොටස් වලද දුම්පානයේ හා මත්පැන් භාවිතයේ විශාල අඩුවක් දක්නට ලැබෙනවා( පාලක පැලැන්තිය ගැන මා නොදනී)

    5.අධික දඩ නිසා බීමත්ව රිය පැදවීම හා ඊට සම්බන්ධ වැරදි වලින් දඩුවම් ලැබූ ප්‍රමාණයද අඩු වී තිබෙනවා( බීමත්ව රිය පැදවීමේ දඩය රුපියල් 25,000 ඉස්සර අහුවුනත් කමක් නෑ දඩය ගෙවලා දානවා කියලා ඒ වැරද කළ මා දන්නා අය පවා දැන් ඒ වරද කරන්නෑ )
    6.රෝහල් ගත වීමේ දත්ත තවම ලැබීමට කාලය මදී..තව අවුරුදු 25 කින් හරි දත්ත ලබාගන්න පුළුවන් :rofl:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මම හිතන්නෙ 'මතට තිත' කෙසේවෙතත් මේ රටෙ නීතිය හරියට ක්‍රියත්මක වෙනවනම් මත්පැන් කියනදේ අපි කාටත් කරදරයක් වෙන එකක් නෑ......
    නීතිය බොහොම ලිහිල් තත්වෙක තිබුනේ දඩ සම්බන්ධව මං කලින් දාපු කමෙන්ට් එක බලන්න..

    අධික දඩ නිසා බීමත්ව රිය පැදවීම හා ඊට සම්බන්ධ වැරදි වලින් දඩුවම් ලැබූ ප්‍රමාණයද අඩු වී තිබෙනවා( බීමත්ව රිය පැදවීමේ දඩය රුපියල් 25,000 ඉස්සර අහුවුනත් කමක් නෑ දඩය ගෙවලා දානවා කියලා ඒ වැරද කළ මා දන්නා අය පවා දැන් ඒ වරද කරන්නෑ )

    දුම්වැටි සම්බන්ධයෙනුත් මිනිස්සු දැනුවත් වුනා..
    කවුරු හරි සිගරට් එකක් බොන කොට කියන්න පුළුවන් කමක් ආවා..
    පොලිස් කාරයෝ පගා ගහන එක නවත්තන්න තමයි සරත් වගේ කෙනෙක් ඕන :eek:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔව් අමිල ඔයා දන්න එවා කියන්න..එවා වැදගත් වෙයි...
    අනික අමිල මම අහලා තියනවා මේ කාලයේ කොලඹ් පැත්තේ club වල එහෙම භාවිතා වෙන පෙත්තක් ගැන ඔයාලා ඔය සමික්ෂනයට එවත් ගත්තද ? මොනවා ද එකේ විස්තර ? දන්න දෙයක් තියනවානම් අපිට කියන්න...
    කලබ් වල මොකක් සදහාද?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    6.රෝහල් ගත වීමේ දත්ත තවම ලැබීමට කාලය මදී..තව අවුරුදු 25 කින් හරි දත්ත ලබාගන්න පුළුවන් :rofl:

    මෙච්චර කල් නම් ඉන්න බැහැ එ‍තකොට මේක අමතක වෙයිද දන්නෙත් නැහැ
    මුලින්ම නීතය ආපු කාලේ ප්‍රසිද්ධියේ දුම්වැටි බීම අඩු උනා දඩ මුදල හින්දා නැතිම උනා.........
    නමුත් දැන් දවසකට එළියට බැහැලා පාරේ ගියොත් අනිවාර්‍යයෙන්ම
    තුන් හතර දෙනෙක් පාරේ ඉදන් සිගරට් ගහනවා පේනවා......

    ඊටත් වඩා නරක දේ කුඩු හා ගංජා තව තියෙනවා මත් පෙති පැණි පුවක් ඔය
    වගේ විවිධ නම් වලින් මේ වා වැඩි වෙලා නේද.. විශේෂයෙන් පාසල් ආශ්‍රිතව...

    අර සමිත අහලා තිබ්බ මත් පෙත්ත කැරොකේ හා සමාජ ශාලාවල භාවිතා වෙන
    මම දන්න තරමට ඹරිජිනල් එක මුදලින් ගණන් 7500ක් විතර වෙනවලු
    නාකොටි එක දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ
    මහින්ද ජනාධිපති තුමාගේ මුල් කාලයේදි නාකොටි එක හා විශේෂ කාර්‍ය බළකාය (STF)
    දැඩිව ක්‍රියාත්මක වුනා විශේෂයෙන් පාතාලය හා කුඩු ව්‍යාපාරයට ‍එරේහිව
    මම දන්න කුඩු වලට ඇබ්බැහි වුනු අය ඉන්නවා ඒගොල්ලෝ ඒ කාලේ හිටියේ
    හරියට ගොඩට දැම්ම මාලු වගේ දැක්කමත් දුක හිතේනවා විදින වේදනාවට

    මම නම නොකියන ප්‍රබ‍ලයෙක් (කුඩු භාෂාවෙන් Godfather කෙනෙක්) නිසා මේවා වෙනස් වුනා
    මම වැරදිද....
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0

    මේ ජෙනරල් ගේ ප්‍රකාශය හා සම්බන්ධව නොව මේ ත්‍රෙඩ් එකේ ඉදිරිපත් වූ කරුණු ගැන මට කියන්න තියන දේ
    1.මත් පැන් හෝ දුම්වැටි පාවිච්චි කිරීම හා නොකිරීම ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත ( ඔය නීතිය ගේන්න මූලික වෙච්ච මහින්දත් හොදට බොනවා :nerd:)

    • ඒත් ඒවායෙන් වෙන හානී ගැන පුද්ගලයා වග කියන්න ඕන
    • අනික ඒවාට ප්‍රතිකාර කිරීමට රජය වැය කරන මුදල් ප්‍රමාණය බැලුවම බදුවලින් අය කරගන්නා ප්‍රමානයට වඩා කිහිප ගුණයක්( මේක පිළිබදව ගැටළුවක් තිබේ නම් අහන්න)
    2.ඒත් සමාජයට හානිකර අන්දමින් ඒවා භාවිතය අනුමත කරන්න කොහෙත්ම බෑ
    • මහජනයා හැසිරෙන ස්තානවල දුම් පානය
    • බාලවයස්කාරයන් ඒවා ට හවුල් කර ගැනීම
    • බීමත්ව රිය පැදවීම
    • බීමත්ව ප්‍රසිද්ධ ස්තානවල හැසීරීම හා කළකෝලහල ඇතිකර ගැනීම
    3. මත්පැන් හා දුම්වැටි ලංකාවට ගෙන ආවේ විදේශිකයන් ..ඊට කලින් මත් පැන් තිබුණා නම් ඒවා සැර අඩු මත්පැන් වර්ග..දුම්වැටි හා දුම් කොළ තිබුනෙම නෑ..ඒ නිසා මෙය අපේ සංස්කෘතියට ආගමට ගැලපෙන දෙයක් නෙවේ..ඒකට පිටින් ඉන්නා ඕනෑම අයකුට මේවා භාවිතය සාධාරණි කරණය කළ හැක :nerd:
    4.දත්ත හා සංඛාලේකණ බැලූවිට ලංකාවේ
    සාමාන්‍ය ජනයා අතරදහමුදා හා පොලීසිය වැනි කලින් දුම්පානය හා මත්පැන් භාවිතයට අවසර ලැබුණ කොටස් වලද දුම්පානයේ හා මත්පැන් භාවිතයේ විශාල අඩුවක් දක්නට ලැබෙනවා( පාලක පැලැන්තිය ගැන මා නොදනී)

    5.අධික දඩ නිසා බීමත්ව රිය පැදවීම හා ඊට සම්බන්ධ වැරදි වලින් දඩුවම් ලැබූ ප්‍රමාණයද අඩු වී තිබෙනවා( බීමත්ව රිය පැදවීමේ දඩය රුපියල් 25,000 ඉස්සර අහුවුනත් කමක් නෑ දඩය ගෙවලා දානවා කියලා ඒ වැරද කළ මා දන්නා අය පවා දැන් ඒ වරද කරන්නෑ )
    6.රෝහල් ගත වීමේ දත්ත තවම ලැබීමට කාලය මදී..තව අවුරුදු 25 කින් හරි දත්ත ලබාගන්න පුළුවන් :rofl:

    මම හිතන්නේ ඔයා හරියටම මේ ගැන කියනවා....
     
    අමිල මම ඔයාගෙ කරුනුත් එක්ක එකග වෙනව......
    එත් මෙහෙම දෙයක් මම දකිනවා......
    'මතට තිත'සන්කල්පය යටටෙ ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පනය තහනම් කලා, අවුරුදු 18ට අඩු අයට දුම් වැටි අලවිය තහනම් කලා......
    හදුන්වා දුන් කාලයෙ දඩ වලට තිබෙන බිය හෝ දඩ ගෙවිමට දුර උසවි ගනනෙ රස්තියදු විමට තිබෙන අකමැත්ත මත හෝ අපට පිලිගත් හැකි මට්ටමකට මත්පැන් සිගර්ට් වැනිදේ භවිතය අඩු උනා......
    නමුත් එම පාලනය අද ලිහිල් වෙමින් යනවා වගෙ නේද
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මම හිතන්නේ ඔයා හරියටම මේ ගැන කියනවා....

    :yes::yes: ස්තුතියි අමිල.. මට ඉස්සෙල්ලා ස්තුති කරන්න අමතක වුනා
    අපේ ඉල්ලීමට දැක්වු ප්‍රත්චාරය ගැන කරැණු සොයපු කෙනෙක් එක්ක කථා කළාම අපිටත් ඉගෙන ගන්න බොහෝ දේ ලැබේනවා :)
     
    May 17, 2006
    3,632
    90
    0

    මෙච්චර කල් නම් ඉන්න බැහැ එ‍තකොට මේක අමතක වෙයිද දන්නෙත් නැහැ
    මුලින්ම නීතය ආපු කාලේ ප්‍රසිද්ධියේ දුම්වැටි බීම අඩු උනා දඩ මුදල හින්දා නැතිම උනා......... නමුත් දැන් දවසකට එළියට බැහැලා පාරේ ගියොත් අනිවාර්‍යයෙන්ම තුන් හතර දෙනෙක් පාරේ ඉදන් සිගරට් ගහනවා පේනවා......

    ඊටත් වඩා නරක දේ කුඩු හා ගංජා තව තියෙනවා මත් පෙති පැණි පුවක් ඔය වගේ විවිධ නම් වලින් මේ වා වැඩි වෙලා නේද.. විශේෂයෙන් පාසල් ආශ්‍රිතව...

    අර සමිත අහලා තිබ්බ මත් පෙත්ත කැරොකේ හා සමාජ ශාලාවල භාවිතා වෙන මම දන්න තරමට ඹරිජිනල් එක මුදලින් ගණන් 7500ක් විතර වෙනවලු
    නාකොටි එක දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ
    මහින්ද ජනාධිපති තුමාගේ මුල් කාලයේදි නාකොටි එක හා විශේෂ කාර්‍ය බළකාය (STF) දැඩිව ක්‍රියාත්මක වුනා විශේෂයෙන් පාතාලය හා කුඩු ව්‍යාපාරයට ‍එරේහිව මම දන්න කුඩු වලට ඇබ්බැහි වුනු අය ඉන්නවා ඒගොල්ලෝ ඒ කාලේ හිටියේ හරියට ගොඩට දැම්ම මාලු වගේ දැක්කමත් දුක හිතේනවා විදින වේදනාවට

    මම නම නොකියන ප්‍රබ‍ලයෙක් (කුඩු භාෂාවෙන් Godfather කෙනෙක්) නිසා මේවා වෙනස් වුනා
    මම වැරදිද....

    ඔයා හරි මම කියන්නේත් ඔය පෙත්ත ගැන තමයි..එක එක හැඩයෙන් තියනවා ලු....ඔක අනිත් එවාට වැඩිය නිතියෙන් බෙරිලා ගෙනියන්න පුලුවන්ලු (නොදන්න නිසා) හැබයි පවර් වැඩියිලු..club බහින කෙනෙක් ඉන්නවානම් වැඩි විස්තර කියන්න....

    ගංජා ගහන අය අඩුවෙලා නැහැ...මොදක / බාබුල් /ඇන්ස් / ස්වීස් බ්ටා / පකිස්තාන් දුන්කොල (මෙක දුන්කොල වෙන්න බැහැ) / ඔන තරම් තියනවා රුපියල් 20 ඉදන්

    ඔයා කියන අනිත් කතාත් මම පිලිගන්නවා