menna MR ge Family tree 1

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    20479_105969942752742_100000192096698_165200_3200589_n.jpg
    cc
    ‘‘නීතීඥ ලූෂියන් පෝලියර්, වික්රමසූරිය, ජී.කේ.ඩබ්ලිව්. පෙරේරා වගේ ප්රභූවරු මැතිවරණයට නාමයෝජනා දුන්නා. අන්තිමට ඞී.එම්. රාජපක්ෂ උන්නැහේ නාම යෝජනා කඩදාසිය පී.ජේ. හඞ්සන් දිසාපතිතුමාට ඉදිරිපත් කළා. ඉදිරිපත් කරන ගමන් මගේ පාට කුමක්දැයි දිසාපතිතුමාගෙන් ඇහැව්වා. ආ..... ඞී.එම්. රාජපක්ෂ. උඹේ පාටදැයි ඇසූ දිසාපති පී.ජේ. හඞ්සන් මහතා එක්වරම තම කකුලක් ඔසවා මේසය උඩින් කියලා මෙන්න උඹේ පාට ගනින් කිව්වා. මෙන්න මේ අන්දමට තමයි ඞී.එම්. රාජපක්ෂට දුඹුරු පාට ලැබුණේ. ඒජන්ත උන්නාන්සෙගෙ සපත්තු කුට්ටමේ පාට ලැබුණත් එය ද තමන්ගේ වාසියට හරවා ගන්න තරම් ඞී.එම්. රාජපක්ෂ දූරදර්ශී වුණා. මම ලබා ගත්තේ දුප්පත් හේන් ගොවියන්ගේ පාට. රුහුණේ කුරක්කන්වල පාට යැයි උදම් අනමින් දුඹුරු පාට සාටකයක් ද කරට දමා ගෙන ඞී.එම්. රාජපක්ෂ මැතිවරණය කළා.’’ (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් - 104 පිටුව)

    සුද්දාගේ සපත්තුවේ පැහැය හම්බන්තොට කුරක්කන්වල පාට යැයි පීඩිත මිනිසුන් රවටා ජය ගැනීමට තරම් ඞී.එම්. රාජපක්ෂ උපක්රමශීලී විය. අද පොදු ජනතාවගේ පාට යැයි දුඹුරු පාට සාටකය කරලා ගෙන සිටින්නේ ඒ රාජපක්ෂ පරම්පරාවේම ඊළඟ පුරුක්ය. ඔවුන්ගේ කරේ තිබෙන්නේ ද එදා ඞී.එම්. රාජපක්ෂ ගොවියන් රැවටීමට කරලා ගත් සාටකයමය.

    ‘‘ඞී.එම්. රාජපක්ෂ උන්නැහේට තිබුණෙ දුඹුරු පාට. කුරක්කන් පාට මං ඉල්ලා ගත්තා කියලයි ඞී.එම්. රාජපක්ෂ උන්නැහේ රුහුණු පළාතේ හේන් කාරයන්ට කිව්වේ. අපේ කුරක්කන් පාටට ජයවේවා.... කියලා ගමේ මිනිස්සු කෑගැහුවා.’’ (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් - 102 පිටුව)
    රාජපක්ෂ පවුලේ දේශපාලනය ඇරඹෙන්නේ මේ ආකාරයට බොරු ජනතාවාදයක් පෙන්වා ගිරුවාපත්තුවේ අසරණ ජනතාව රැවටූ ඞී.එම්. රාජපක්ෂගෙනි. ඉන් පසුව ගෙවී ගිය කාලය පුරාම හම්බන්තොට දිස්ති්රක්කය තිබුණේ රාජපක්ෂ පවුලේ අත්අඩංගුවේය. ඒ ගැන ඉහත පොත මෙසේ කියයි.

    ‘‘මෙතැනින් ආරම්භ වූ දේශපාලන රටාව දිගින් දිටගම පැවතුණා. දැං මේ පවුල් අත්තිවාරම ශතවර්ෂ භාගයක් තරම් පැරණියි. පවුල් වාදයෙන් යම් ප්රෙදශයක් පිරිහීමේ විපාකයට ලංකාවේ ඇති හොඳම උදාහරණය අපේ මේ හම්බන්තොට දිස්ති්රක්කයයි.’’ (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් - 104 පිටුව)
    හම්බන්තොට දිස්ති්රක්කයට මේ පවුල් වාදය කොතරම් බලපෑමක් කර ඇති ද යන්නට හොඳම නිදසුන වන්නේ, හම්බන්තොට දිස්ති්රක්කයේ ආසන බෙදා ඇති අන්දමයි. 1945 දී රාජ්ය මන්ත්රණ සභා මන්තී්ර ඞී.එම්. රාජපක්ෂ අභාවයට පත් විය. ඔහුගේ කොන්දගල වලව්වේ වයස සම්පූර්ණ වූ පුතුන් සිටියේ නැත. ඒ නිසා පුරප්පාඩු මන්තී්ර ධූරය මැදමුලන වලව්වේ ඞී.ඒ. රාජපක්ෂට හිමි විය. ඞී.ඒ. රාජපක්ෂ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාය. මැදමුලන වලව්ව දේශපාලනයට පිවිසි ආකාරයත් රාජපක්ෂ පවුලට අවශ්ය ලෙස හම්බන්තොට දිස්ති්රක්කය කැබලි කළ ආකාරයත් මේ පොතේ අපූරුවට සඳහන් වී ඇත.