ගංජා වවමු

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne

    වී වෙනුවට ගංජා වවමු...! - Lets plant Ganja instead of Rice Cultivation


    මාතලන් මේ කතන්දරේ ලියන්න උන්නේ, බොහෝ කලෙක පටන්ය. ඒත් අපි වගේ හාල්පාරුවෙක් මේවා කිව්වාට ගනන් ගන්නෙ නැති නිසා, ඉවසීමෙන් බලාගෙන උන්නේ, ටිකක් පරසිද්ද එකෙක් මේ ගැන හඬක් නගනා තෙක්ය. මේ ගැන ඉස්සෙල්ලාම හඬක් නැගුවේ රාජිත සේනාරත්න උන්නැහේය. එයා කිව්වේ දේශිය වෙදකමට අවශ්‍ය කරන ගංජා වවන්න පටන් ගන්න ඕනා කියාය. ඒත් ඊයේ මේ ගැන කතා කොලේ, මාතලන්ගේ හිත් ගත් විප්ලව කාරයෙක්ය. ඒ ලාල් කාන්ත සහෝදරයාය. උන්නැහේ "ත්‍රෛලෝක විජය පත්‍ර" නොහොත් ගංජා ගැනත් කතාවක් පවත්වමින් අපූරූ කතාවකුත් කිව්වේය.

    උන්නැහේ කියන්නේ, අපේ සිරිසේන ලොක්කයි. රනිල් ලොක්කයි, බලයට පත් උන දවසේ හිටං ළෝකේ වටේ ගියාට, යන්නේ හිඟා කන්නෙයි කියාය. ඔය මහා පොරවල් හම්බ උන වෙලාවට, හලෝ හව් ආ යූ මසං කියලා කරන්නේ, කීයක් වත් දෙන්න බැයිද මසං කියලා අහනා එකය. ඒ වෙනුවට, ඔහොම යන වෙලාවට, වරකා මදුලක් අරගෙන ගිහිල්ලා, ඇන්ජෙලා මර්කල් නෝනාගේ කටේ ඔබා, දිස් ඉස් පැණි වරකා..., දෙන්නම් මගේ මැනිකා..., ජර් මනියට පැණි වරකා... කියා, පොඩි මාකටින් පාරක් දා, වරකා මාකට් එකක් හදාගන්න ට්‍රයි කොරන්නේ නැත්තේ ඇයි කියලාය.

    බරක් ඔබාමාට මදන මෝදයක් දීලා, වයි ඩෝන්ට් යූ ට්‍රයි මසාං... අවර් ග්‍රේට් කින්ග් රාවණා ෆ්ලයින්ග් ආෆ්ටර් ටේකින් දිස් මැඩිසින් මසං... කියලා, ගංජා කන්ටේනර් ටිකක් ඇමෙරිකාවට පටවා ගන්න ට්‍රයි එකක් දෙන්නේ නැත්තේ මොකෑ කියලාය. (මේ විදියටම කිව්වේ නැත. මාතලන් කිව්වා නම් කියන්නේ එහෙමය.) ලාල් කාන්ත ලොක්කා කියන්නේ සහතික ඇත්තය. අපේ හරක් මේ දිව්‍ය අවුසදේ අහු උන ගමන් ගිනි තියලා විනාශ කොරලා දානවාය. මුන් මේ හෙල ඔසුවේ වටිනාකම දන්නේ නැති ගොන් හරක්ය.




    අපේ රටට සුද්දා ආවයින් පස්සේ, බොහෝ හොඳ දේ වගේම වර්චස් දේත් පුරුදු කරලා ගියේය. සිකැරට්, අරක්කු, තේ, හා කිරිපිටි කියන්නේ ඔය වාගේ දහ ජරාවය. සුද්දා එන්න කලින් අපේ උන් ඕවා වෙනුවට කෑවේ බිව්වේ, ගංජා, කිතුල් රා, රණවරා, බෙලිමල්, කොළ කැඳ හා මව් කිරිය. වැස්සිගේ පැටියාගේ කිරි ටික උදුරා ගත්තේ නැතිය. ඌ මරාගෙන කෑවෙත් නැතිය. මසක් කන්න ඕනෑ වූ විට, බැද්දට වැදිලා සතෙක් බාගෙන ඇවිත් ගමටම බෙදුවේය. එහෙම නැත්නම් වැද්දන්ගෙන් සප්ලයි එක කොර ගත්තේය. (හරක් මස් කඩ වහන්න දඟලන හරකුන් හා උන්ට බය පාලක හරකුන් සිටිනා තාක් ලංකාවේ කිරි කර්මාන්තය නංවනවා බොරුය.)

    අපේ කාළේ හැම ගෙදරම වවලා තිබුනේ මල් නැති ගස්වත්, ක්‍රෝටන්වත්, බිගෝනියාවත් බෝගන්විලාවත් නෙමේය. තිබුන තරමක් තිබුනේ බෙහෙත් පැලෑටිය. ඉස්සර කැළණියේ අපේ ගෙදරටත්, ඇත්තෝර, කළු උක්ගස්, කෝමාරිකා වාගේ බෙහෙත් පැලෑටිත්. කැඳ හදනා හාතාවාරිය, පොල්පලා හොයාගෙන ආපු මිනිස්සුන්ට එවා දෙන්න පුළුවන් උනේ, ආච්චි අම්මාට පින් සිද්ද වෙන්නය.

    ඒත් ආච්චි නැති උනායින් පස්සේ, අම්මා කොලේ, බාබන්ඩේසියා, බෝගන්විලා හා ඕකිඩ් ජාති වවනා එකය. මාතලන් නම් ආරේ ගුන නෑරේ කියන්නා සේ, වෙලේ කොරටුව දිගටම කොරගෙන ගියේය. මෙයිටත් කලින් කාළේ, සෑම ගෙයක් ඉදිරිපිටම වාගේ ගංජා පැලයක් වවා තිබුන බව කියන්නේ, අපි නොව, රොබර්ට් නොක්ස් හා ලෙනාඩ් වුල්ෆ් කියනා සුදු මහත්තුරුය. ඒ කියන්නේ නීල් ආමිස්ටොරොන්ග් මහත්තයා හඳට යන්න කලින් අපේ උන් හඳට ගිහින් තියෙනවා කියායා. ඒ අපි ආඩම්බරකාර හෙළයෝ නිසාය.

    සුද්දා අපේ උන්ට සිකැරට් හා අරක්කු දුන්නේ නොමිලේය. නිකං දෙනවා නම් දෙමළ පත්තරේ ඉතරක් නොව ඕන ගූ බෙට්ටක් ඉඹලා පිලිගන්නා අපේ කස්ටිය, ගංජා වලටයි රා වලටයි ගුඩ් බයි කියා, සුද්දා වගේ, ඒවා ගැහුවේ, සුදු වෙයි කියලා හිතාගෙන වෙන්න ඇතිය. අදටත් අපේ උන්, සුදු වෙන්න කියා, රටේ ළොකේ තියෙන ක්‍රීම් ජාති මූනේයි පුකෙයි උලාගෙන සුදු කබර හැදිච්ච උන් වගේ ඉන්නේ ඒ නිසා වෙන්න ඕනාය.

    සුද්දා ඕවා නිකං දෙන එක ටික දවසකින් නැවත්තුවාම, අපේ උන් ඕවා බොන්න කරන්න තියෙන දහ ජරා වැඩ ඔක්කෝම කරන්න පුරුදු උනේය. හොරකම් මැරකම් ඔක්කෝම පටන් ගත්තේ මේ මළඳාන නිසාය. නිදහසින් පස්සේ, හරක් මස් කන්න එපා කියා රට වටේම ගිය හරක්, මේවා නවත්තන්න හීනෙන්වත් හිතුවේ නැත්තේ, උනුත් නොම්මර එකේ රේන්ද කාරයෝ (අරක්කු කොම්පැනි අයිති කාරයෝ) වූ නිසාමය.

    අනෙක අපේ පැරණි පොත් පත් වල තියෙනාකාරයට ගංජා අපිට ඇවිල්ලා තියෙන්නේ දිවිය ළෝකයේ සිටය. දෙයියන්ගේ නායකයා වන "හොනරබල් ඉන්දරේ", එයාගේ ප්‍රියතම පානය වන අමුර්තේ, අසුරයන්ට අහු වෙයි කියලා හිටං, කිරි සයුරට හැලුවේලු. ටික දොහකට පස්සේ, මහමෙර අතට අරගෙන කිරි සයුර කළඹන අස්සේ, ඔයින් බින්දු කීපයක් කොහේ හරි තිබුන ලීක් එකකින් මහ පොළොවට වැටිලා තියෙනවාලු. ගංජා හටගෙන තියෙන්නේ එයින්ලු. ඒ හන්දා ඒ පොත් පත් කියන්නේ, ගංජා, අමූර්තේ සමාන දිවිය ඖෂධයක්ය කියනා එකය. මේ ගැන අපේ වෙදනා අපට වඩා දන්නවා ඇතිය.

    මෙවන් වටිනාකමක් නොතේරි අපේ උන් සුද්දාගේ දහ ජරාවම ගැහැව්වට, ජැමෙයිකාවේ උක් වවන අම්මා කෙනෙකුගේ බඩේ උපන්, තාත්තත් නැති දුප්පත් කොල්ලෙක්, මේවා නිසා විනාශ වෙන ජීවිතත්, උපයන සියළු දේ මේවාට වියදම කොරනා හැටිත් දැක, නැවතත් ගංජා උරන ලාබ දායි වැඩේ උක් ගොවියන්ට හුරු කලේය. සුද්දාට මේ ගේම දිරෙව්වේ නැතිය. උන් බැලුවේ මූ කොහොම හරි මරලා දාන්නය.

    ඇමරිකාවේ ගෙදර, තම මිතුරන් හා සිටිනා විටදි, සී අයි ඒ එකෙන් වෙඩි තියලා මරන්න හැදුවත්, ඌ බේරුනේය. ඌ සටන ජය ගත්තේය. ඒ වෙනින් කවුරුවත් නොව බොබ් මාලේය. අපේ උන් බොබ් මාලේ පුකේ ගහගෙන ගියාට ඕවා දන්නේ නැතිය. බොබ් මාලේ මලේ ගංජා ගහලා නෙමේය. පිලිකාවක් නිසාය. ළෝ ප්‍රකට නිර්මාණ රාශියක් බිහි වෙන්නේ, මේ ත්‍රයිලෝක විජය පත්‍ර වලට පින් අත් වෙන්නය. කපුගේගේ වොයිස් එකේ තිබුනේත් මේවාමය.




    අපට අද වන තෙක් බොබ් මාලේ කෙනෙක් නැතිය. ඒ නිසා, සිකැරට් හා අරක්කු නිසා, ජීවිත නැති කර ගන්නා උන් බොහෝය. (ඕවා උනත් මළ පෙරේතයෝ වගේ ගහන්නේ නැත්නම් අවුලක් නැත්තේය. ඒත් මඟුල් ගෙදරක ගියත් ඉස්මුරුත්තාවට කෙලලා අරින සවුදම් ජෙමාලාත් එක්ක ෂෝසල් විදියට වැඩේ කොරන්න දන්නේ කීප දෙනාය.) රටේ අගමැතිත් කුඩු කන්ටේනර් පිටින් ගෙනත් ප්‍රකෝටිපතියෝ වෙනවාය. අහිංසක කොල්ලෝ හිර ගෙවල් වලය. එහෙම නැත්නම් මැරිලා යනවාය. ඒ උන්ගේ පවුල් පිටින් විනාශය. එහෙත් ගංජා බීලා මැරිච්ච එකෙක් අද වන තෙක් හොයා ගන්නට නැතිය. ගංජා ඒ තරම් ගානකුත් නෙමේය. අද ඇමරිකාවේ මෙන්ම ළෝකයේ මේ පිළිබඳ පර්යේෂන පවත්වන වෛද්‍ය පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, ගංජා දිව්‍යමය ඖෂධයක් බවය. එමෙන්ම සිකරැට් හා සසැදීමේදී එය ශරිරයට කිසිම ආකරයකින් හානියක් නොකරනා බවය. (ඒ කිව්වට බත් උනත් ඕනාවට වඩා ඕනෑම නැත.)

    8b1a6357a0dfa6c70a73f8cf91b74cac.jpg


    අපේ උන් මේවායෙන් බේතක් හදාගන්නවත් ඉඩ දෙන්නේ නැතිය. දේශිය වෙදුන්ට මෝදකේ සාදා ගන්න ගංජා ටිකක් තබා ගැනීමේ අවසර දී තිබුනත්, ජරාව කන ඇක්සයිස් ඩිපාර්ට්මන්ට් එකේ මහත්තුරු නිසා මෑතක මගේ හිතවතෙකුටත්, ඌත් එක්ක වැඩ කරපු හත් අට දෙනෙකුටත්, රස්සාව නැති උනේය. ඌ කිව්වේ අරුන්ට ජරාව දෙනවා ඇර බිස්නස් එකක් කොරගන්න බෑ කියලාය. පොඩි උන්ට ඕවා තහනම් උනාට, සපරගමුවේ මහ ඇමතියාම ඔය බිසිනොස් එක කොරලා අතේ මාට්ටු උනෙත් මෑතකය. ඝෝඨාභය රජකමට ගේන්න හදනා ඔය පැත්තේම ගොයියාත්, ඕවා ට්‍රාන්ස්පොර්ට් කිරීමේ ව්‍යාපාරයේ කුප්‍රකට පොරක්ය. එතකොට පුෂ්පකුමාර කියලා පොල් හා සම්බන්ධ මැතිතුමෙකුත් තනමල්විල පැත්තේ රාජ්ජ අනුග්‍රහයෙන්, කිසි අවුලක් නැතිව වැඩේ කොරගෙන යන්නේ, ඇක්සයිස් එකේ මහත්තුරු එයාලාගේ හේන් වල ඇක්සයිස් කොරන්න එන්නේ නැති නිසාය.

    වී වගාව කියන්නේ නොම්මර එකේ හිඟන වගාවක්ය. ඒක වවනා වී ගොවියෝ කියන උන් පරම්පරා ගනනක අමු හිඟන්නෝය. නොම්මර එකේ ණය කාරයෝය. ණය ගෙවා ගන්න බැරිව වහ බීලා මැරෙනා උන් අනන්තය. ජෙප්පන්ගේ නාමල් ගොයියා වගේ උන් කරන්නේ මඩ සෝදාගත් කල තොපි මහ රජවරුය කියා, අර අහිංසක උන් ගොනාට අන්දා, අමුඩ ගස්වා, කොළඹ ගෙනත්, වැඩට යන බවලත් උදවියට උන්ගේ පුකවල් පෙන්නා පෙර ආලිංගන උත්තේජන සපයා දීමය. ඕවා දකිනා ගෑණු උදවියගෙන්, රෑට ගෙදර ආවම පුක බේරාගන්න බැරිය. එජාපයේ අයත් ඕවාට කැමති නිසා මේවා වැඩි වැඩියෙන් තියනා තරමට උනුත් මනාපය.


    එයා කියන්නේ, රසායනික පෝරම දමා, අම්මට සිරි ලංකාවේ ජනතාව, වකුගඩු රෝගයෙන් සුවයන්පෝෂිත කරන්න ඕනා කියාය. ඔය වගාව පටන් ගන්න තැන සිට සහනාධාරය, අස්වැන්න මිළදී ගන්නත් ඕනා රජයමය. ඒකත් උන් කියනා ගානටය. අතින් දීලා හරක් බලනවා කියන්නේ මේවාටය. හැබයි ඕක නැවත්තුවොත් හෙම, අපේ අවුරුදු 2500 අති සෙරේස්ඨ ඉතිහාසේ විනාශය. සඟිස්කුරුතිය අහවරය. සිට්ටාචාරේ කුඩු පට්ටම්ය. අම්මපා මුන් බත් කන හරක්ය.

    වී වගාවට තරම් වතුර ඕනා වෙනත් භෝගයක් නැතිය. දැන් අපේ ජල සම්පතද හිඳි යමින් පවති. ඇත්තටම මේ ගැන වෙනම ලියන්න ඕනාය. ඉදිරියේදි මේ පුරස්නය තවත් උග්ගර වෙනවාමය. දැනටමත් කුඹුරු වලට වතුර දෙන එක වර්චස් වෙලා, වතුර හුවමාරුව සඳහා හෙළ බසෙහි භාවිත වන වදනද එහෙ මෙහෙ හුවමාරු වෙනවාය. ඒත් ගංජා වවන්න වතුර ඕනා නැතිය. කන්නේ එනකන් ඉන්න ඕන නැතිය. වගා ණය, සහනාධාර, වැලේ වැල් නැතිවීම, වෙලේ වල් නැති කිරීම්, ගසක වැලකින් එල්ලීම්, කෘෂි රසායන උගුරෙන් පහලට හලාගෙන නිවන් යෑම්, මක්කත් ඕනා නැතිය. ත්‍රයිලෝක පත්‍ර ඇට ටිකක් ඉහලා බලාගෙන උන්නාම අහකය.

    දුඹුරු පැල කීඩෑවන්ගෙන්, ගිරවුන්ගෙන්, වී කුරුල්ලන්ගෙන්, වල් ඌරන්ගෙන්, මොනරුන්ගෙන්, කචල් එකකුත් නැත්තේය. අලි ගම් වදින්නේත් නැතිය. බජිරි, ගොජිරි, බට දැල්ල, වෙල් මාරුක් වලින් කරදරේකුත් නැතිය. වගාවට ගිහින් කොලයක් කඩාගෙන ආතල් එකකුත් ගන්න පුළුවන්ය. වි පඳුරු වලට වඩා මේ පඳුරු උස නිසා, පඳුරු අස්සෙ සෙල්ලම් කරන්න උනත් පුළුවන්ය. මේ රටට ගැලපෙනම වගාව මෙයය. ඉතිහාසේ රජවරු වැව්වා කියා, පුක ඉරා ගන්නත් ඕනා නැතිය. (තාමත් වවන්නේත් ඒ ක්‍රමයටමය) දැන් ලාබයක් ලැබෙනා දෙයට යොමු වෙන්න ඕනා කාළේ ඇවිල්ලාය. ගංජා මෙන්ම, වල්ල පට්ටාද වවන්න මිනිසුන්ට ඉඩ දිය යුතුය. හාල් අඩු මිලට රටින් ගෙනත් කන්න පුළුවන්ය.

    annual-death.png


    අපේ රටේ උන්ට මේකෙන් බෙහෙතක් හදා ළෝකයට දෙන්න බැරි උනාට, සුද්දන්ගේ ව්‍යාඝ්‍රා ගසා ජොගින් ට්‍රැක් ගලවන්න නම් පුළුවන්ය. ඔය මදන මෝදකය ටැබ්ලට් එකක් කරලා ළෝකයට දෙන්න අපේ උන්ට තාමත් බැරිය. මෙහේට එන සුද්දන්ට ඕවා හොඳට ප්‍රමෝට් කරන්න පුළුවන්ය. වෙනත් රටවල මේවායින් කොක්ටේල් හදලා දෙනවාය. ටොපි තියෙනවාය. බිස්කට් තියෙනවාය. ව්‍යාඝ්‍රා වෙනුවට කංසා පෙත්තක් හදා හොඳ නමක් දා මාකට් එකට දැම්මා නම් සිලෝන් ටී වාගෙම නැගලා යනවා කියා අපේ මහ උන්ට කවදාවත් තේ රෙන්නේ නැතිය. සමහර විට තේ කොල කෑමට පටන් ගත් දිනයක තේ රෙන්න පුළුවන්ය. මේහේ එක රොකට් එකක් අහු උනත්, පොලීසියේ ලගින්න වෙනවාය. මේවා පිටරටින් ගේන්න ඕනා නැතිය. ඇඟළුම් කර්මාන්තයටත් අවශ්‍ය කරන සියළු දේ ගෙන්නේ පිටරටින්ය. මේක එහෙම නෙමේය. සිරිලක දේ සිරිසැපදේය. වියදම අඩුය. මහන්සිය අඩුය. රසායනික පෝර තියා කාබනික පෝරවත් ඕනා නැතිය.

    අපේ උන්ට මේකෙන් සිකැරට් එකක් හදා ගන්නවත් බැරිය. අඩුගානේ සිකැරට් වෙනුවට මේවා හදපිය කියා ටුබෑකෝ කොම්පැණියටවත් කියන්න එකෙක් නැතිය.


    marijuana-cigarettes.jpg



    හෙළ වෙදකම හා ඉතිහාසයට නෑකම් කියනා නිසා, හාන්දුරුවරු සිවුරු කරට ගෙන පුක එලියේ දාගෙන සංග බජව් දානා එකකුත් නැතිය. එහෙම ආවොත් කොරන්න තියෙන්නේ, අට පිරිකර "නම පිරිකර" කරනා එකය. පාත්තරේට රොකට් එකකුත් දාලා දන් දුන්නාම, වැඩේ අහවරය. ප්‍රේමදාස මහත්තයා කන්ඩලම හැදුවේත්, දන් දෙනවාට අමතරව පංච කල්යානියන් දන් දීමෙන්ය. නැතිනම් ඒවා හදනවා බොරුය. බුදු හාන්දුරුවෝ දේසනා කොරලා තියෙන්නේත්, ඇස් හිස් "මස්" ලේ දන් දෙන වැඩ, පෙරුම් පුරනා බෝධිසත්වයන්ටම කරන්න පුළුවන් දේ විනා, පව් කාරයන්ට හිතෙන්නේ වත් නැති දේවල් කියලාය

    ඔය ගංජා, ගහෙත් පිරිමි ශාකයක් හා ගෑණු ශාකයක් තියෙනවා කියා මාතලන් දැන් ගත්තේ ඊශ්‍රාලයේදිය. මල් එන්නේ ගැණු ගහේය. කොලේ සැර පිරිමි ගහේය. මල් පිපුනත් නැතත්, අපේ උන් නම් දෙකටම කියන්නේ, මල් කියාය. ඒ "හදාසා" ඉස්පිටිතාලේ හිටපු දොස්තර කෙනෙක්ය. එහෙත් වැඩේ තහනම් උනාට, මේ ගැන පර්යේෂන යනවා කියල කිව්වේත් මගේ බොක්කක් වූ ඒ දොස්තර මහත්තයාය. දොස්තර මහත්තයා හා අපේ මිතුරු මිතුරියන් සමඟ මාතලන්ද මේ පිළිබඳ සමහර දිනවල පර්යේෂන වල යෙදුනාය. ඒවා වෙනම කතාය. මාතලන් හඳට යන්න ඉගෙන ගත් හැටිත් බොහෝත් සුන්දර් කතාය. ඒවා පස්සේ වෙලාවක කියන්නම්ය.

    අද උන්, ග්‍රීන් හවුස් වල ගංජා වවා, බෙහෙත් මෙන්ම තෙල් ද සාදා, ඒවා ඇමරිකාවට පටවන්න පටන් අරගෙනත් අහවරය. (ඩොකියුමෙන්ට්‍රි පොරොගැරෑම් පහළ එල්ලා ඇතිය.) උන් ට්‍රයි එක දෙන්නේ, වෙපන්ස් වලටත් වඩා, "කෝෂර් කැනබීස්" (Kosher Cannabis) හෙවත්, හලාල් ගංජා රට පටවා, විදෙස් විනිමය හොයන්නය. ඒ කැන්සර් හා තවත් නොයෙකුත් ආබාධයන් සඳහා නිපදවූ බෙහෙත් මඟින්ය. උන් නියමිත මාත්‍රා අනුව ඒවා පොඩි උන්ටත් නිර්දේශ කොරනවාය. ඒ අපේ කාලයේම නිදහස ලැබූ, ස්වාධීන චින්තන ඇති, ළෝකටම බුද්ධිමතුන් බිහි කරනා ඊශ්‍රායලයය. මේ කළු ගල් ගොඩවල් ගැන රඹ ටෝක් දෙන, ටයි බයි දා ගත් පඬියන් යැයි කියා ගන්නා උන්, ටී වී චැනල් වල බයිලා ගසමින් කටින් බතල හිටවනා, අම්මට සිරි ලංකාවය.

    මෙහේ නිශ්පාදන හදන්න බැරිනම්, අඩුගානේ ඊශ්‍රායලය හා එක්ව සැපයුම්කරුවකු වීමටවත් උත්සාහයක් ගන්නේ නම්, අපේ වී ගොවියා නගා සිටුවිය හැකි බව, ලාල් කාන්තලාවත් ආන්ඩුවට වටහා දෙන්නේ නම්, එය ජාතික යුතුකමෙක්මය. ඊශ්‍රාලයෙන් මෙහි පැමිණි මාගේ මිතුරු මිතුරියන් සැවොම කිව්වේ, මේ රට සුරපුරයක් කරන්න, රට වටේම තියෙන මහ මුහුදම ප්‍රමාණවත් කියලාය. එහෙත් අපේ උන් ඒකෙන්වත් නියම ඵල ප්‍රයෝජන ගන්න හිතලාවත් නැතිය.

    අරක්කු සිකැරට් වෙනුවට ගංජා බොමු. ගංජා තහනම ඉවත් කරනු...!!!!

    ඒ වගත් මේසෙය..

    ඊශ්‍රායලයේ ගංජා වැඩ සටහන ගැන සැකසුනු මේ සබැදි හා වීඩියෝ, මේ ගැන උනන්දුවක් දක්වනා උන්ට බලා කියා ගන්නය. අනික් උන් මෙතන ඇවිල්ලා කුණුහබ්බ කෙලලා ගියාට අවුලක් නැතිය. ඒ අපේ අති සෙරේස්ඨ සඟිස්කුරුතියය.






    Source : http://maathalan.blogspot.com/2016/06/lets-plant-ganja-instead-of-rice.html?spref=fb
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    " වී වගාව කියන්නේ නොම්මර එකේ හිඟන වගාවක්ය. ඒක වවනා වී ගොවියෝ කියන උන් පරම්පරා ගනනක අමු හිඟන්නෝය. නොම්මර එකේ ණය කාරයෝය. ණය ගෙවා ගන්න බැරිව වහ බීලා මැරෙනා උන් අනන්තය වගාව කියන්නේ නොම්මර එකේ හිඟන වගාවක්ය. ඒක වවනා වී ගොවියෝ කියන උන් පරම්පරා ගනනක අමු හිඟන්නෝය. නොම්මර එකේ ණය කාරයෝය. ණය ගෙවා ගන්න බැරිව වහ බීලා මැරෙනා උන් අනන්තය"


    mu monada bn me kiyanne ? pissekda mu, bath kanne nathuwa ganja kanna kiyala me niragamikaya kiyanne ?
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "හෙළ වෙදකම හා ඉතිහාසයට නෑකම් කියනා නිසා, හාන්දුරුවරු සිවුරු කරට ගෙන පුක එලියේ දාගෙන සංග බජව් දානා එකකුත් නැතිය. එහෙම ආවොත් කොරන්න තියෙන්නේ, අට පිරිකර "නම පිරිකර" කරනා එකය. පාත්තරේට රොකට් එකකුත් දාලා දන් දුන්නාම, වැඩේ අහවරය. ප්‍රේමදාස මහත්තයා කන්ඩලම හැදුවේත්, දන් දෙනවාට අමතරව පංච කල්යානියන් දන් දීමෙන්ය. නැතිනම් ඒවා හදනවා බොරුය. බුදු හාන්දුරුවෝ දේසනා කොරලා තියෙන්නේත්, ඇස් හිස් "මස්" ලේ දන් දෙන වැඩ, පෙරුම් පුරනා බෝධිසත්වයන්ටම කරන්න පුළුවන් දේ විනා, පව් කාරයන්ට හිතෙන්නේ වත් නැති දේවල් කියලාය"


    mu hamavelame try karanawa sinhala bauddayanta gahanna, muge blog eke tiyene articles valin sahenna ohomai...muth samajavadi jvp ponneykda koheda....loku talk dena eke, mu owa karala pennuvanam hodai...vi vagawa one nalu ganja vavamulu..mama pora manasikathwayen inna dial ekak...blog liyana godak un oyavage anti-sinhala buddhist, mama pora manasikathwaye inna un...
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බරක් ඔබාමාට මදන මෝදයක් දීලා, වයි ඩෝන්ට් යූ ට්‍රයි මසාං... අවර් ග්‍රේට් කින්ග් රාවණා ෆ්ලයින්ග් ආෆ්ටර් ටේකින් දිස් මැඩිසින් මසං
    :lol::lol:
    ෆට්ටම ඩයල් එකක් බන්,කැ* වදන් දෙන්නෙ
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    " වී වගාව කියන්නේ නොම්මර එකේ හිඟන වගාවක්ය. ඒක වවනා වී ගොවියෝ කියන උන් පරම්පරා ගනනක අමු හිඟන්නෝය. නොම්මර එකේ ණය කාරයෝය. ණය ගෙවා ගන්න බැරිව වහ බීලා මැරෙනා උන් අනන්තය වගාව කියන්නේ නොම්මර එකේ හිඟන වගාවක්ය. ඒක වවනා වී ගොවියෝ කියන උන් පරම්පරා ගනනක අමු හිඟන්නෝය. නොම්මර එකේ ණය කාරයෝය. ණය ගෙවා ගන්න බැරිව වහ බීලා මැරෙනා උන් අනන්තය"


    mu monada bn me kiyanne ? pissekda mu, bath kanne nathuwa ganja kanna kiyala me niragamikaya kiyanne ?
    දුර දිග හිතලා බලලා ලියන එකෙක් නෙවෙයි වගේ බන්,එවෙලෙට බ්ලොග් එකේ රීච් වැඩි කරගන්න ඔහේ ලියන එකෙක්,:dull: