SF godaak deewal denawa denawa kiyaal kiwwata ewa denne kohomada kiyala nane ?
Badu okkoma adu karama rajayata owa karanan aadayamak kohenda ?
බදු වැඩිකරලා රජයක ආදායම වැඩි කරගන්නවා කියන එක කරන්න පුලුවන් භාන්ඩ වර්ග ස්වල්පයකට විතරයි. අරක්කු, සිගරට්, පැට්‍රල්, ඩීසල්, බෙහෙත් වගේ කීය වුනත් ගන්න ඕනෙ (price in-elastic goods) භාන්ඩ වලට විතරයි හරියන්නේ.
අනිත් ඒවා බදු වැඩිකරපු ගමන් ඉල්ලුම දෙතුන්ගුණයකින් බහිනවා (price elastic) , එතකොට වෙන්නෙ ආදායම තව අඩුවෙන එක.
මහින්ද ආණ්ඩුව බලාපොරොත්තු වුනු ආදායම් නොලැබෙන්න එක හේතුවක් තමයි ඕක.
ඊට වඩා හොඳයි බදු අඩුකරලා මිල අඩුවෙන්න ඇරලා, වැඩි ඉල්ලුම ආධාරයෙන් බදු ආදායම වැඩි කර ගන්න එක.
උදා: චීස් වලට 300% විතර දැන් ටැක්ස් ගහනවා. ඒකයි චීස් ගිණිගනන්. විකිනෙන්නේ නෑ.
චීස් කිලෝවකට රු.1000ක් බදු ගහලා කිලෝ 1000ක් විකිනෙනකොට ආදායම රු.1,000,000
චීස් කිලෝවක බදු රු.500ට අඩු කලොත් කිලෝ 2500ක් විතර විකුණ ගන්න පුළුවන් ගනන් අඩු නිසා.
එතකොට ආදායම : රු.1,250,000
බදු අඩු වුනාට රජයේ ආදායම වැඩිවෙනවා ඉල්ලුම වැඩි නිසා.
Anik eka meke RATE sanwardhanaya karanne kohoamda kiyala wachanayak wath naa,
Palamak , Bookkuwak , Widuli balagarayak, Wawak, kisima deyak hadanawa kiyala naa..
Sanwardhanayak nathuwa kohomada rate minissunta oya hama deema denne ?
පාලම් බෝක්කු හදන ඒවා, ලයිට් දෙන ඒවා නියම ප්‍රතිපත්ති ප්‍රකාශණ වල නෑ. ඒවගේ ප්‍රාථමික පොරොන්දු දෙන්නේ චන්ද ගරන්න.
ජෙනරල් කියනවා, තරුණයන්ගේ රැකියා ප්‍රස්ණය විසඳනවා, හැමෝටම ආදායමක් ලබාගන්න ක්‍රම ඇතිකරනවා කියලා. ලයිට්, පාලම්, බෝක්කු, වරායවල්, ගුවන් තොටුපොලවල් ඔක්කොම ඔය ප්‍රතිපත්ති දෙකේ ඇතුලත්.
පැහැදිලි කිරීම : රැකියා දෙන්න, ආදායම වැඩිකරන්න ව්‍යාපාර දියුණු කරන්න ඕනෙ, ආයෝජන ගේන්න ඕනෙ.
ලයිට, පාලම්, පාරවල්, විදුලිබලය, වරායවල්, හොඳ සෞඛ්‍යය සේවයක් නැති රටවල් වලට ආයෝජන එන්නේ නෑ.
ආයෝජන ගෙන්නගන්න, දේශීය ව්‍යාපාර දියුණු කරන්න, ගොවියගෙ නිශ්පාදාන කුණුවෙන්න ඉස්සෙල්ලා නගරටෙ ගෙනල්ලා විකුන ගන්න, ඔය යටිතල පහසුකම් ඔනෙ.
ඒ නිසා අමුතුවෙන් "මම පාරවල් හදමි, වැව් හදමි, ලයිට් දෙමි" කියලා විහිලු කරන්න ඕනෙ නෑ.


